Stories

චන්දුල ඇල්ලගේ ලස්සනට හැඳ පැළඳ, බිත්තියේ ගැසූ කැඩපතින් කිහිප විටක් හැඩරුව බැලුවේ ය. විලවුන් ගැල්වූයේ ය. කමිස අත් සමාන දිගින් නවා ඇත්දැයි දෑත් එකට තබා බැලුවේ ය. කමිසයේ රැලි හැදුවේ ය. නමුත් ඔහු ට කුමක් හෝ අඩුවක් දැනෙයි. "හැඩයි හැඩයි. ඔච්චරම බලල කණ්ණාඩිය මහන්සි කරන්න ඕන්නෑ ඉතිං. අපි දන්නවනෙ. කෙල්ලො...
හතලිස් එක් වැනි නෙත් සැරිය චත්‍ර අයත්මාගේ උකුලට හිස තබා ගත්තේය. අයත්මා ඔහුගේ සිනිඳු  හිස කේ අතරින් හිස් මුදුන පිරිමැද්දාය. පුපුරා යන අකුණකින් එක්වරම තිගැස්සෙද්දී ඇයගේ අතැඟිලි එහෙමම නිහඬ වූ තත්පරද විය. " සිහිනිට කොහොමද චත්‍ර ?.." අයත්මා හැකි තරම් පහත් හඬින් අසුවාය. වැස්සේ හඬ නිසා කිසිවක් ඇසෙන්නේ නැතැයි සිතුනද, අවධානමක් ගත...
ලංකා උඹ දන්නවද... නග්‍රැක් බියුටි  පොඩි කාලේ ඉඳලම මම ආස කරපු මගේ වතුයාය.තාත්තගෙන් පස්සේ මේ වතු යාය  බාරගන්න මම හිටියේ හරිම ආසාවෙන්. තාත්තාගේ අභිරහස් මරණයෙන් පස්සේ මමයි අප්පුයි මේ වත්තේ තනි උනා. අදටත් මගේ ජීවිතයේ මම දැකල තියෙන භයානකම සිද්ධිය වගේම විශ්වාස කරන්න බැරි සිද්ධිය වෙන්නේ අපේ තාත්තාගේ මරණය.. නාන කාමරය ඇතුළේ...
කාලය ගෙවී ගියේ වේගයෙනි. දිනකට පැය විසි හතරක් ප්‍රමාණවත් නැති ය කියා සිතෙන තරම් වේගයෙනි. චන්දුල තරග වැදුණු සියලු වට වලදී විනිශ්චය මණ්ඩලය විසින් ඔහුව ඉදිරි වටය සඳහා නිර්දේශ කරනු ලැබිණ. එන්න එන්න ම තරගකාරීත්වය වැඩි විය. චන්දුල වැඩි වැඩියෙන් පුහුණුවීම් කළේ ය. ඔහු තරග වැදෙනා වටයක් රූපවාහිනියේ විකාශය...
හතලිස් වැනි නෙත් සැරිය චත්‍රගේ හිස ගිණිගෙන තිබුණි. පසෙකින් සිහිනිගේ මානසිකත්වයය. අනෙක් පසින් අයත්මා ගැන කිසිඳු තොරතුරක් දැනගන්නට විදියක් නැති කමය. ඒ අතරේ ලොකු අප්පච්චී හමුවෙන්නට ගිය ගමනෙන්ද හිත කලබල වූවාම පමණක් විය. ඔහු උත්සාහ කරන්නේ වෙනමම මඟුලක් වෙනුවෙන් ය.  එදින ගාලු යන්නට පෙර අයත්මා දකින්නට හෝ දැරූ උත්සාහයද ව්‍යර්ත වී...
කඩින් කඩ හුස්ම ඇර ඇර බොහොම අමාරුවෙන් කතා කරපු සේනාදීර දිහා මම බලාගෙන හිටියෙ  පුදුමයෙන්. විජය කුමාරතුංග වගේ කඩවසම් දේහධාරී සේනාධිරට මොනවද මේ වෙලා තියෙන්නෙ කියන එක මට හිතාගන්න බැරුව ගියා. තවත් කතා කර කර සේනාධිරව වෙහෙස වන එකේ තේරුමක් නැහැයි කියලා මට හිතුනා. "කෝ සේනා අප්පු.. ඇයි උඹ මේ...
රිදී ට පෙර චන්දුල වේගවත් අඩි තබා ගෙදර ගියේ ය. ඔහු වෙව්ලමින් සිටියේ ය. එ් කෝපය දත් ඇඳි පවා එකිනක හප්පන්නට තරම් හේතු වූයේ ය. ඔහු ගෙතුළ ඒ මේ අත දෙතුන් වරක් ඉක්මන් ගමන් ගියේ ය. ඇස් වලින් කේන්තිය විදිමින් තිබිණ. ගෙයි මැද කෑල්ලේ ඇඳේ වැතිර සිටි ජුලී නැගිටිමින්...
තිස් නව වැනි නෙත් සැරිය අවිශ්ක අයත්මාද කැටුව නිවෙසින් පිටත්ව ගියේ කුලී  රථයක් ගෙන්වාගෙනය. අයත්මා චත්‍රගේ අතින් අල්ලා කලබල නොවී සිටින ලෙස පවසා ත්‍රී රෝද රථයට ගොඩ වූවාය. චත්‍ර වහා සිහිනි වෙත ගියේය. සිහිනි උන්නේ යහනේ ගුලිවය. මාලා කාමරය පිලිවෙල කරමින් උන්නාය. " අම්මලට මේ මුකුත් අඟවන්න එපා .." චත්‍ර මාලාට කීවේ...
ඒ දැක්ක දෙයින් මගේ කකුල් දෙක වෙව්ලනවා වගේ තේරුණා.මනුස්සයා ඒ විදිහට විනාඩි පහක් විතර එහාට මෙහාට වැනෙන දේ ඉම්බා. මොනවදෝ ළංවේවී කුටු කුටු ගගා කිව්වා.මට බලාගෙන ඉද්දි මහා අප්පිරියාවක් දැනුනා.මේ මොන මල සමයමක්ද මේ අනේ... මට හිතුණා.. ඒ මනුස්සයා ජටාවේ බැඳගෙන තිබිච්ච ටෝර්ච් එකේ එලියෙන් යාන්තමට මට මේවා පෙනුනා...
ඒ රාත්‍රිය, සිහිනයක කෙළවරක තිබූ මනරම් වර්ණ අහුරකි. චන්දුල ගේ ගීතය නිමා වීමෙන් පස්සේ ගඟුල් එය නැවත ද මුලට ගෙන පිරිසට බලන්නට සලස්වා දුන්නේ ය. ඊට පස්සේ ඔවුන්ට එය යළි යළිත් නැරඹීමට අවැසි විය. වෙනත් ගීතයක් බලන්නට උවමනාවක් වූයේ ම නැත. උමා හා පාරුල් තේ සූදානම් කොට පිළිගැන්වූහ. "හරි හරි...