Stories

ගල්කිස්සේ සමුද්‍රාසන්න අවන්හලක වෙරළත පැනවූ හාන්සි පුටු වල දිගා වී සමනල් හා ඔහු ගේ සමීපතම මිත්‍ර නිදුක්, බීර විතක් තොල ගෑහ. ඔවුන් ඉදිරියේ දර්ශනය වූයේ පුළුල් වෙරළ තීරයක් හා නිම් නැති අහස් ගඟකි. අහසත් සයුරත් දෙක ම එක යායකට පෙනෙමින් තිබුණේ වෙරළ කොනෙහි පෙණ කැටි බිඳෙනා ලා සුදු පැහැයෙනි....
නුග ගස් පෙළ බුම්මාගෙන බලා හිඳී. අඩු තරමින් පත්‍රයක් හෝ සොලවා සිය අදහස ප්‍රකාශ කරන්නේ නැත. නුග ගස් වල හදවතත් සසල ව ගොස් ඇතිවා මෙනි. තඹරු ද බුම්මා ගත් දෑසකින් එදෙස බලා සිටියා ය. හිත කලබල වූ හැම වෙලාවක ම ඇය පස් වෙනි පටුමගේ නුග සෙවනෙහි ඇවිදින්නට ආවා ය....
තමන්ට පුරුදු මහ ගෙදර තමන්ගෙම කාමරේ අල්මාරිය ඇරපු ශලනි ඒකෙ ඇතුළෙ එල්ලලා තිබුන ඇඳුම් අතර ඇඟිලි තුඩු යැව්වෙ ආසාවෙන්. විවාහයට කලින් ඇඳපු ආසම ඇඳුම් සෑහෙන ප්‍රමාණයක් ඒ අතර තිබුණා.  " ඔයා කලර්ස් මැච් කරන විදිහ හරිම ලස්සනයි ශලනි "  ඉස්සර කාර්යාලයේ යාළුවෝ නිතරම කිව්වේ එහෙම. " ඔයා මොන ඇඳුම ඇන්දත් ලස්සනයි "  මේ...
" අද මම වැඩසටහන අවසන් කරන්නේ හැමදාම අපිව අහන තුෂාරගේ ගීත ඉල්ලීමකින්. ඉතින් ලබන සතියෙත් මෙවැනිම වූ සුන්දර හෝරාවක් අරගෙන ඔබ හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා. මම ආමන්ත "  ආමන්ත තමන්ගේ රේඩියෝ වැඩසටහන අවසන් කරලා අවසාන ගීතය ප්‍රචාරය කරා. " එදා මෙදා තුර කඳුළට විවර වූ  දෑස් පියන් පත් කවුළු වසා  ලයේ...
නිරංජලාගේ අම්මයි තාත්තායි සිර ගත වෙලා තිබුණේ මිනීමැරුම් නඩුවකට වැරදිකාරයෝ වෙලා. අම්මවයි තාත්තවයි පොලිසියෙන් අරගෙන් ගියපු දවස නිරංජලා ට හොඳට මතකයි. එතකොට නිරංජලා අට වසරට පාස් වුණා විතරයි.  එකපාරටම අම්මවයි තාත්තවයි අහිමි වුනාම නිරංජලාගේ වගකීම් බාරකෙරුනේ ආච්චිටයි සීයාටයි. ඒ වගේම මාමයි නැන්දයි දෙන්නත් නිරංජලා ගැන හොයලා බලන වගකීම් වලින් මිදුනේ...
ගුරු විභාගේට නියමිත දවස නිකුත් කරලා කියලා නඳුනි ට කිව්වේ යාලුවෙක්.  " ඔයාට නම් මේ පාර එග්සෑම් කරන්න වෙන එකක් නෑ නඳුනි.... බබාගේ වැඩ එක්ක කොහොමද ක්ලාස් එකකටවත් යන්නේ ..." කැම්පස් එකේ එකා කාමරේ හිටපු යාලුවා එහෙම කියනකොට නඳුනිට දුක හිතුණා.  ඒත් නඳුනි ඒකට කිසිම දෙයක් කිව්වේ නැහැ. ඒ වෙනුවට යාලුවට...
තඹරු පියුම්රා දිවාකර අහසින් පොළොවට වැටුණා සේ තිගැස්සීගෙන සිටියා ය. නිරන්තර ඇගේ උගුර කට වියළුණේ ය. කිසි දා නො දැන සිටියා නම් යෙහෙකැයි සිතෙනා භයානක රහස් ගුහාවකට ඇතුළු වූවා වන් භීතියක් ඇයට දැනෙමින් තිබිණ. මේ රහස හෙළිදරව් කළ යුතු ද නැත්නම් තව දුරටත් රහසක් ලෙස සිය හදවත තුළ වැළලී...
අනන්ත මගේ අත අත් හැරියේ කැමැත්තෙන් නෙවෙයි කියලා වැටහුණා. ඒත් මේ ගමන අනන්තගේ අතේ එල්ලිලා යන්න තරම් මට හය්යක් නැහැ. මම ආයෙම හැරිලා අනන්ත දිහා බැලුවා. " මං එන්නම් නිම්නාදී..." අනන්ත එහෙම කියන්න ඇත්තේ කීවෙනි වතාවටද මන්දා. මම හිස වැනුවා.  ලොකු හුස්මක් ගත්තා.  පික් මී මෝටර් රියක් මගේ ඉස්සරහ නැවතුණා.  "මිස් පික් මී...

සමාව..

0
" මොනවද ළමයො ඔය මිදුලේ දූවිලි අවුස්සන්නෙ ඔච්චර ? "  පද්මා මිදුලට බැස්සේ ඉමේශා මිදුල අතුගාන්න පටන් අරන් ටික වෙලාවක් යනකොට " ඒ හැටි දූවිල්ලක් නෑනෙ අම්මේ.පාන්දර වැස්සේ "  ඉමේශා උත්තර දෙනකොට පද්මා ආයෙම මූණ හකුල ගත්තා " වැස්සට වැඩක් නෑ.මගෙ නහයත් එක්ක දනවා.අනෙ මන්දා ගෙවල් වල කොහොම හැදුනද කියලා මිදුලක් අතුගා ගන්නවත්...
" වැස්ස කාලෙට ළමයි ඉස්කෝලේ එන්නේ නෑ.. එන්නේ නෑ නෙවෙයි, උන්ට එන්න විදියක් නෑ..." ලොකු සර් එහෙම කියනකොට චන්දිම ඒ ගැන තව දැනගන්න  උනන්දු වුණා. අලුත් පත්වීම අරගෙන චන්දිම අලුත් ඉස්කෝලෙට ආවේම වැස්සත් ඉස්සර කරගෙන. ඒ හින්දාම ඉස්කෝලේ ළමයි දකිනවට වඩා චන්දිමට දකින්ම වුණේ හිස් පුටු බංකු. "  මේ අවුරුදු දෙකක...