“ඔයාව පන්සලේදි හම්බුවෙයි කියල මම කීයටවත් හිතුවෙ නෑ” කියා සමුධ්‍යා කියද්දිත් අරුණ උන්නේ හිසට ඉහළින් සෙළවෙන බෝ පතක් වෙත නෙත් යොමාගෙනය. සමුධ්‍යා උන්නේ අඩි කිහිපයක් නුදුරින් උනත් පන්සල පුරා විහිදී තිබුන හඳුන්කූරු සුවඳට මුසුවුණ සමුධ්‍යා වෙතින් ඇදී ආ සුමුදු සුවඳක් තිබුනේ අරුණගේ නාසය ඔස්සේ දුව ගොස් හදවත පතුලේ තැවරෙමිනි.
“මං...
ගාලු පාර දිගේ මද දුරක් ඉදිරියට පැමිණි යුගාෂ් වාහනය නවතා ගත්තේ සමුද්‍රාසන්නයේ තැනකය. සිය දකුණතේ දෑඟිලි වලින් නළලත මිරිකා ගත් තරුණයා ආසනයට හේතු වී දෑස් පියා ගත්තේ සිතට දැනෙන නොසන්සුන් හැඟීම නිසාය. අපූර්වා මේ සිතෙහි ඉඩ සොයමින් උන්නේ යුගාෂ්ටත් පාලනය කර ගත නොහැකි වේගයකින්ය. ඊයේ පෙරේදා සිට කුමක් හෝ...
“මගෙන් කාලා මටම කෙළවපු උඹ මගේ ළමේක් කියලා කියන්න පුලුවන්ද යකෝ?” කියාගෙන තාත්තා කඩාගෙන පනිද්දි ප්‍රභාත් තරුණ කාලයේ මෙන් මුහුණ සඟවා ගත්තේ නැත. තාත්තා පිය පදවිය පැත්තෙන් තමන්ගෙන් ගරු බුහුමන් ලැබිය යුත්තෙකු බව දන්නවා නමුත් තමන්ගේ තාත්තා වනාහී එයාකාර තාත්තෙක්ද කියන පැනය ජිවීතයේ පළමු වතාවට ප්‍රභාත්ගේ හිත අසන්නට පටන්...
බාප්පාගේ නිවස දෙසින් රතිඤ්ඤා හඬ ඇසෙන්නට වූයේ අපූර්වා උදෑසන ආහාරය ගනිමින් සිටියදීය. මඤ්ඤොක්කා තැම්බුමත්, කොච්චි සම්බෝලයත් මතට සිහින්ව ගා ගත් පොල් ස්වල්පයක් දැමූ පියසීලී අපූර්වාට මදක් එහාට වන්නට අසුන් ගත්තේ පීරිසියත් අත තබාගෙනමය.
“ජයටම මඟුල් කනවලු.”
“අනේ කා ගත්ත දෙන් ආච්චි අපිට මොකද.”
අපූර්වා එසේ පැවසුවාට ඕ උන්නේ කෝපයෙන්ය. තාත්තා මියැදී වසරක්වත්...
"Hotel Sea View " හී විවාහ ගිවිස ගැනීම පැවැත්වීමට මිෂෙල් අවසර ඉල්ලා සිටි අතර ධීර ඒ සඳහා දෙවරක් නොසිතාම එකඟත්වය පළ කළේය. වසන්ත ජීවතුන් අතර නොමැති අඩුව දැනුනත් ජයමිණි උන්නේ ජීවිතය පිළිබඳව මහත් වූ සැනසීමකිනි. ධීර වෙනදාටත් වඩා වගකීම් කරට ගෙන කටයුතු කරනු දැකීම ඒ සැනසීම දෙගුණ තෙගුණ කළේය.
වසර...
“සර්….පුෂ්පානන්ද සර් එනවා”
නඩු වාර්තාවක් පරීක්ෂා කරමින් උන් යුගාෂ් හිස එසවූයේ තමා එහා පස උන් පුහුණු නීතිඥවරියගේ හඬටය. අඳුරු පැහැගත් වීදුරු දොරට එහා පසින් වූ රිය අංගනයේ ඔහුට අයත් බීඑම්ඩබ්ලිව් වාහනය නතරව තිබිණ. වාහනයෙන් බැස සිටි පුෂ්පානන්ද දෑස් කලිසම් සාක්කු තුළ රුවාගෙන වටපිට බලමින් ඉදිරියට එමින් සිටියේය. වීදුරු දොර ඇරුනේත්...
අනෝමාත් සද්ධානන්ද ඉස්කෝලේ හාමිනේත් ඉස්කෝලේ මහතාත්, ගුණවතීත් සත්සරාත් උන්නේ සද්ධානන්ද ඉස්කෝලේ මහතාගෙ ගෙදර ඉස්තෝප්පුවේ අසුන් ගෙනය. සමුධ්යාගෙනුත් අරුණගෙනුත් අහන්නට ලැබුණ මෙතෙක් කිසිවෙකු විසින් නොදැන උන්නා වුන් ඒ කතාව සද්ධානන්ද ජෝඩුව වගේම අනෝමාව සහ ගුණවතීවත් තිගස්සන්නට හේතු වුණ බව අමුතුවෙන් කිව යුතු නොවේ. සියල්ලන්ම ගිල දමන්නට හේතු වුන නිහැඬියාව උපන්නේ...
තාත්තා විසින් ගුණවතී ගේ ගෙදරට ගිනි තබා ඇතැයි යන කාරණාව වගේම, තාත්තාත් මල්ලිත් නැති ගෙදර අම්මා තනියෙන් හැම දුකක් කරදරයක්ම විඳ දරාගන්නවාය කියන කාරණාව මාස ගණනාවකට පසුව අරුණව ගෙදර බලා පිටත් කර එවන්නට හේතු වුණ බව ඇත්තකි. ඒ ගමනේදි සමුධ්‍යාව හමුවන බවත්, ඒ වනාහී නොකියූ කතන්දර බොහොමයක් කියන්නට හේතු...
ධීර ජයමිණි ගේ අතින් අල්ලා ගෙන හෝටලයේ කොරිඩෝවක් දිගේ ඇවිදිමින් උන්නේය. ඒ, හෝටලයේ වෙනස්කම් කිහිපයක් සහ අලුත් වැඩියා කිරීම් කිහිපයක් කිරීමට සැලසුම් කරමිනි. වසන්ත ජීවත්ව සිටි කාලයේ කිසි දිනක ව්‍යාපාරයේ හෝ ජීවිතයේ තීරණ ගැනීම සඳහා තමා ගෙන් විමසීමක් කලේ නැත. අඩුම වශයෙන් තමා මේ හෝටලයේ පැය දෙක තුනකට වඩා...
සිතූ සේම වෙනදාට වඩා පාන්දරින් අවදි වූ අපූර්වා බතක් ලිප තබා පතෝල වෑංජනයකුත් කරවල බැදුමකුත් සාදා තැබුවාය. සිහින් වෙන්නට ලියූ මුකුණුවැන්නා මිටියකුත්, මැල්ලුමක් සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍යයත් පසෙකින් තැබුවේ ඊට බොහෝ වේලා ගත නොවන නිසාය. ඉන්පසු ඕ මිදුල අතු ගෑවේ අඳුරේමය. වරින් වර පියසීලී නැගී සිටින්නට උත්සාහ කළත් අපූර්වා...