දිගු සුසුමක් මුදා හල අපූර්වා කෝප්පය පතුලේ ඉතිරිව තිබූ අවසන් තේ උගුරත් පානය කළේ සැහැල්ලුව ගිය හදවතින්ය. බොහෝ කලකට පසුව සිත නිවී සැනහී ගියා වන් හැඟීමක් ඇයට දැනෙමින් තිබිණ.
මසක් පුරා කොටසින් කොටස එකතු කළ රුපියල් දස දහසක මුදලක් සවස් වරුවේ සමරසේකර මුදලාලි වෙත ගෙන ගොස් දුන්නාය. තාත්තා ණයට ගත්...
“ආයෙ ඉතිං වෙන කොහෙන්වත් හොය හොයා ඉන්න ඕන නෑ බං. ලොකු හාමුදුරුවෝ කිව්වනම් ඒකෙ ආයේ දෙකක් නෑ. අතට අහුවෙච්ච කුරුල්ලා අතෑර ගන්නේ නැතුව ඒ මැඩම්ට කෝල් කරල කියහන් උඹලා මේ යෝජනාවට කැමතියි කියලා.”
හේෂානි පැවසූයේ දොස් නඟන ස්වරූපයෙන්ය. චින්තකත් සමන් මාමාත් මින් විනාඩි කිහිපයකට පෙර පැවසූයේත් මේ ටිකමය. දැනටමත් තමා...
අඩ හෝරාවක් පමණ දුරකථන ඇමතුමක උන් තමාරා ආලින්දයට පැමිණියේ දිගු සුසුමක් හෙළුවාට පසුවය.අවසන ඒ ආරංචිය විශ්වාස කල නොහැකි කමකින් සේ ඕ මද වේලාවක් බලා සිටියාය. නන්දනී උන්නේ බෝගන්විලා පඳුරු වලට පොහොර දමමින්ය. දුරකථන ඇමතුම පැමිණෙද්දී තමාරා සිටියේත් නන්දනීට උදව් වෙමින්ය.
“ඇයි නෝනා..”
අත වූ මුල්ලුවත් පොහොර පැකට්ටුවත් බිම තබමින් නන්දනී නැගී...
චින්තක අයියාගේ ත්රී රෝද රථයෙන්ම ලොකු හාමුදුරුවන් වඩිද්දී අපූර්වා උන්නේ නිවසින් පිටවීමට සූදානම්වය. වෙනදා සේ බතක් උයා කරවල බැදුමක් සාදා තැබූ යුවතිය මැල්ලුමකට අවැසි දේත් සාදා පසෙක තැබුවාය. නිවස පිටුපස වූ වැලෙන් කඩා ගත් කැකිරි ගෙඩියෙන් පියසීලී කැකිරි ඇඹුලක් සෑදූයේ පෙරදා රාත්රියේදීය. අද දවසක් ඉන් පිරිමසා ගත හැකිය.
“මම හවසට...
නිවසට පැමිණි වේලේ සිටම යුගාෂ් කළේ අපූර්වලාගේ ඉඩම් නඩුව සම්බන්ධව වූ ලිපි ගොණුව පරීක්ෂා කිරීමය. කොතැනක හෝ වරදක් සිදුවී ඇති බව විශ්වාසය. එහෙත් ලියකියවිලි සියල්ල සකසා තිබුණේ එවන් කිසිඳු වරදක් නොවන ලෙසය. ඒ අයුරේ හිස් තැනක් තබන්නට තරම් අප්පච්චි අපරික්ෂාකාරී වේයැයි සිතිය නොහැක.
“මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන...
දුරකථනය කන තබාගෙන උන් අපූර්වා යෙහෙළිය දෙසට හැරුණේ ‘නැතැයි’ කියන්නට හිස වනමින්ය.
“මං කිව්වේ..නිකං විහිළුවට වගේ කියන්න ඇති මගේ කෝල්ස් ආන්සර් කරන්න කියලා. එහෙම වුවමනාවක් තියෙනවනම් මං එයාගේ කෝල්ස් විතරක් නෙමෙයි. එයා මගේ කෝල්ස්සුත් ආන්සර් කරන්න එපැයි.”
“කොහොම උවමනාවක්ද.”
“නෑ මේ මං කිව්වේ..”
“මේ බෝ මළුවේ ඉඳගෙනත් බොරු කියන්න එපා බං..උඹ බොරු කිව්වට...
අපූර්වා හේෂානි සමඟ කන්දේ විහාරයට ගියේ සවසය. ඈ ත්රී රෝද රථයේ යමු යැයි යෝජනා කරද්දී “බස් එකේ යමු..” යැයි පැවසූයේ හේෂාණිය. ත්රීරෝද රථය පහසු වූ නමුත් යෙහෙළිය පැය කිහිපයකට හෝ සැහැල්ලු කර තබන්නට උවමනාවක් හේෂානිට විය. ඇය රියදුරු අසුනේත් තමා පිටුපසත් ගමන් කරද්දී වූයේ දුරස් බවකි.
“මේ වගේ ගමනක් යන්නේ...
තමාරා යළිත් අපූර්වාගේ නිවසට යාමට තීරණය කළේ හදිසියේමය. ඔහු ඒ බැව් යුගාෂ්ට පැවසූයේ දුරකථනයෙන්ය.
“ඇයි අම්මා හදිසියේ…”
“සමහර දේවල් තියෙනවා පුතා ඒවා කරන්න ඕනවට වඩා කල් ගන්න හොඳ නෑ. මම තීරණය කළා පුතා ඒ මිනිස්සුන්ගේ ගේ හදල දෙන්න. ධම්මිකා ආන්ටි ඒ ගමේ පන්සලේ හාමුදුරුවන්ව හොඳට අඳුනනවා. අද මමත් එක්ක ධම්මිකා ආන්ටිත්...
යුගාශ් සමග මතුගමට ගොස් යළි කළුතරට පැමිණි ගමන නිමා වූයේ අපූර්වාගේ සිතෙහි ආගන්තුක මතකයක් ඉතිරි කරමින්ය. මේ ඈ තරුණයෙකු අබියස මෙතරම් විවෘත වූ ප්රථම වතාවය. ඔහුට වූයේ නොනවතින ප්රශ්න කිරීමකි. තමාගේ නිහඬ බවේ තරමටම ඔහු කතා කළේය. ඔහුට තිබුණේ පුදුමාකාර ප්රශ්නය. ඒවාට පිළිතුරු නොදී සිටින්නට හැකියාවක් අපූර්වාට වූයේත් නැත.
“මං...
විසිත්ත කාමරය මැදක තබා තිබූ තමාගේත් පුෂ්පානන්දගේත් මංගල සේයා රුව දෙස තමාරා බලා සිටියේ හිස් හැඟීමකින්ය. අදටත් ඈ මේ සේයාරුව මේ අයුරින් තබා තිබෙන්නේ යුගාෂ් නිසාය. ජීවිතයේ බොහෝ දේ ඉවසූයේත් ඔහු නිසාය. ඉතිරිව ඇත්තේ මතක පමණි. තවමත් ඔහු තමාගේ සැමියාය. යුගාෂ්ගේ පියයාය. එනිසාම මේ සේයා රුවටද වටිනාකමක් විය.
දෙදෙනාගේ විවාහය...