Mini Stories

ඔහුගේ මේසයේ කොනක ඉඩක් වෙනස් නොවීම කෙනෙකු වෙනුවෙන් වෙන්ව තිබීම මට මානසික වදයක් වෙමින් තිබුණි.අප හැඳිනගෙන අට වන මාසය ගෙවෙද්දි පවා ඔහු එවන චායාරූප වල ඒ කොන එහෙමම තිබීම මට ඉවසා සිටිය හැකි වූයේ නැත. ඒ කෙනා "ඇය" ලෙසින් හඳුන්වන ස්ත්‍රී ලිංගික නාම පදයක් වීම ඒ මානසික වදය දෙගුණ...
තමන්ගේ අතින් දැන හෝ නොදැන වුන වරදක් නිසා සිරගත වෙලා දඬුවම් විඳින කාන්තාවන් ගැන අපි පහුගිය ලිපි දෙකකින්ම කියෙව්වා. අද අපි කියවන්න යන්නේ, තමන්ගේ හදිසි තීරණ නිසා සිරගත වෙන එක පුරුද්දක් කරගෙන ඉන්න පුතුන් දෙදෙනෙක් නිසා විඳවන අම්මා කෙනෙක් ගැන. හැමදාම උදේට මම බස් එකෙන් බහින වෙලාවටම ඒ බස් එකෙන්...
සංගීතා ගේ හිත පුදුම තරමේ කලබලයක තිබුණේ. ලොකු පුතාගේ හොඳම මිතුරා කියලා විස්තර කිය කිය හිටපු දරුවා තමන්ගේ කාර්‍යාලයේ සුලු සේවිකාවක වුණ ලතාගේ  දරුවෙක් කියලා දැනගත්තේ අද. ඒ  පාසැල් සංවර්ධන සමිතියට ගියපු වෙලාවේ. ලොකු පුතා එයාගේ මිතුරාවයි, මිතුරාගේ ගෙදර අයවයි හඳුන්වලා දෙනකොට සංගීතා හිතේ ඇති වුණ තිගැස්ම හංගගන්න පුදුම...
" මැටි  අනන  කෙල්ලෙක්ට දෙන්න අපි පුත්තු හදලා නෑ... හොඳ හිතින් අනුරුද්ධ එක්ක තියෙන සම්බන්ධේ නවත්තලා දාපන් සුජානි ... ආයේ මම නරක ගෑණි කියන්න එපා..." අනුරුද්ධ ගේ අක්කායි , අම්මයි ගෙදරටම ඇවිල්ලා කෑ ගහලා ගියාට පස්සේ අපේ ගෙදර සොහොන් පිට්ටනියක් වගේ වුණා. අම්මයි, නංගියි අඬනවා ඇහුණා. තාත්තා මිදුලේ ඇවිදිනවා මම...
"හොරෙක් උනාට අපි ලඟත් මනුස්සකම් තියනවා මහත්තයා" ඒ උත්තරේ මාව ඇත්තටම නිරුත්තර කලා.මගේ රාජකාරි ජීවිතේ ඇතුලෙ අපි හොරු වංචාකාරයො කියන මිනිස් කොට්ටාසෙ එක්ක හරි හරියට වැඩ කරනවා.අපි නරකයි කියල හංවඩු ගහන මිනිස්සු ලඟා අපි හීනෙන්වත් නොහිතන විදියෙ මනුස්සකම් තියනවා.මේකත් එහෙම වෙච්ච තැනක්. මන් කමල් ජාලිය මොහොට්ටිගේ.ගොඩක් තරුණ කාලෙදි තමයි මන් පොලීසියට බැඳුනෙ....
අපි ඇයට චන්දිමායැයි කියමු. චන්දිමා විසි අට වියැති සුන්දර කාන්තාවක් යැයි තවදුරටත් ඔබට  දැනගන්නට මම කියා  තබමි. මට චන්දිමා මුණ ගැසෙන්නේ ඇයගේ සිර දඬුවම් නියමවූ කාලය අවසන් කර නිවෙසට යන්නට බසයක් එන තුරුබලා ඉන්නා අතරවාරයේදී.  "වෙලාව කීයද මිස් ?" ඇගේ ඒ විමසීමට පසු මමද ඇගෙන් යමක් විමසීමෙන් පසුව ඇය ඇගේ  කතාව...
කාලෙකට පස්සේ අරුණිත් මාධවත් අපේ ගෙදර එනවා කියල පණිවිඩයක් ලැබුණේ ඊයේ හවස.ඉරිදා අපේ නිවාඩු දවස. අපි ගේ අස් කරලා, කෑම බීම හදලා ෆිල්ම් එකක් බලල ඉන්න දවස. ඒත් ඉතින් එහෙම දවසක් වැඩිපුර රහ වැටෙන්න යාලුවො ඉන්න එක හොඳයිනෙ. “ඔයාගේ ගාඩ්න් එකේ ලස්සන බලන්න එපැයි..” අරුණි කාර් එකෙන් බැස්සෙම එහෙම කියාගෙන. ජීවන්ත...
සෞර්යා හිටියේ මේසයක් යට.හොඳටම අඬමින්.එයාගේ කහ පාට බෝනික්කා තුරුලු කරගෙන මගේ පුංචි දුව හිටියේ මේ ලෝකයේ එයාට ඉන්නේ බෝනික්කා විතරක් කියන හැඟීමකින්. “අනේ රත්තරන්.. මේ මොකද? කෝ එන්න බලන්න..” මේසය යටින් දූව අරගෙන තුරුළු කරගනිද්දී එයා ඉකි ගහන්න පටන් ගත්තා. “මට අම්මා එපා..” කවමදාවත් අහන්න අකමැති වචන ටිකක් ඊටත් පස්සේ මගේ පුංචි දූ...
“අම්මි බඩගිනියි..” පුතා ඇවිත් කතා කරනකම් මම හිටියේ ඇඳේ.අඬලා ඉදිමුණු ඇස් පුතාට පේනවට මට දුකයි.මම ලයිට් එක නොදා මොහොතක් හිටියා.පුතා මට තුරුළු වුණා. “අම්මි ලයිට් එක දාන්නකො මට බයයි..” මම පැය ගාණක් ඇඳේ වැටිලා අඬනකොට පුතා ඉන්න ඇත්තේ මොනතරම් බයකින්ද? මුළු ගේ පුරාම අඳුර පැතිරිලා.කොහොමත් දැන් ඉතින් මගේ මුළු ලෝකෙම අඳුරුයි තමයි.මම...
" මම දවස් දෙකකින් නිදාගෙන නෑ... වේල් හයකින් කාලා නෑ.... ඒ අස්සේ ඔයා මේ මැසේජ් එකක් ගැන කියෝනවා....මේ වැඩ ඔක්කොම ඉවර කරලා දවසක් දාගෙන ඔයා එක්කම මැසේජ් කර කර ඉන්නම් හරිද ?.."  සන්තුකගේ හඬ වෙඩිල්ලක් වගේ ඇහෙනකොට මම  ජංගම දුරකථනය දිහා බැලුවා.  ඒ එයාම බව පෙනුනාට පස්සේ ඇස් වලට කඳුළු...