” ආයේ උඹ එක්ක කතා කරන්න කිසිම දෙයක් නැහැ කසුන් …. මගේ නංගි කියනවා නම්, එයාගේ ජීවිතෙ ඉස්සරහට උඹ ඕනි නැහැ කියලා . ඒක එහෙමයි .. ආයේ ඒකේ දෙකක් නැහැ….උඹ මේ වගේ වගකීමක් නැති මිනිහෙක් කියලා මට පොඩිවත් තේරුමක් තිබ්බා නම්, කවදාවත් මම උබව මගේ නංගිට ප්‍රපෝස් කරන්නේ නැහැ… කොල්ලෝ කාලේ අපිත් ආතල් ගත්තා.. හැබැයි, කසාද බැන්දාම ඒ ආතල් වල තියෙන්න ඕනි සීමාව ඩිෆයින් කරගත්තා … මං හීනෙකින්වත් හිතුවේ නෑ යකෝ තෝ මෙච්චරට වගකීමක් නැති මිනිහෙක් කියලා… මගේ නංගී තෝ එක්ක සතුටින් ඇති කියලා හිතලා, මං මගේ ජීවිතේ ලොකුම සතුටු දේවල් වලින් එකක් වින්දා .. ඒත් ගෙවුණු අවුරුදු තුනේම, හැම දවසකම මගේ නංගි කොච්චරක් විඳවලාද කියලා මම දැන් දන්නවා… මට මගේ කෙල්ල වැඩි නෑ .. කොහෙත්තම නෑ.. ආයේ උඹ මෙහෙම මට කතා කරන්න අවශ්‍ය නෑ .. උසාවියෙදි හම්බෙන එක මගේ නංගිගේ තීරණේ නම්, ඒක අපේ මුලු පවුලේම අවසන් තීරණේ..”
කසුන් වසුන්දරාගේ අයියාට කොයි තරම් කතා කරන්න උත්සාහ කලත් ඉඩක් ලැබුනේ නැහැ. එදාට නිවාඩුවක් දාපු කසුන් වහාම වසුන්දරාගේ අයියාගේ ගෙදර යන්න පිටත් වුනා. ඒත් කසුන්ට වුනේ අවලාද සහ තර්ජනය කිරීම් එක්ක ආයෙම හිස් අතින්ම හැරෙන්න. වසුන්දරා කසුන්ව දකින්නවත් ආවේ නැහැ.
සිදුවීම දැනගත්තාට පස්සේ කසුන්ගේ අම්මලා වගේම අක්කාත් සිද්දිය දැනගත්ත ගමන්ම කසුන්ලාගේ ගෙදර ආවා. සිදුවීම කියලා තිබුණේ වසුන්දරාගේ අයියා. අම්මලා ගෙදරට එනකල්ම කසුන් දැනගෙන උන්නේ නැහැ අම්මලා එන වග,
” මොකක්ද පොඩි පුතේ මේ කර ගත්තේ ?… ඒ මිනිස්සු අපට බනින්නේ ….”
අම්මා අඬනකොට කසුන්ට ඒ ප්‍රශ්න වලට දෙන්න උත්තර තිබුනේ නැහැ. කසුන් කාමරේට වැදුනා.
ඒ වෙද්දීත් කසුන් දවස් තුනක් නිවාඩු දාලා උන්නේ. ඒ නිසාම කසුන් ඊලඟ දවසේ රාජකාරියට වාර්තා කලා. දවස පටන් ගත්ත වෙලාවේ ඉඳන්, වසුන්දරාගෙන් හිස් වෙච්ච තැණ් වල වේදනාව කසුන්ගේ පපුව පාරවමින් තිබුණේ. වෙනදාට රාජකාරි කටයුතු වලදි තිබුන මානසික ඒකාග්‍රතාවය තමන්ගෙන් ඉවත් වෙලා බව කසුන්ට වැටහුනා වගේම, ආයතනයේ අනෙක් අයටත් ඒ බව වැටහුනා.
” ලොක්කා වසුන්දරා මිස් එක්ක වලියක් දාගෙනද කොහෙද ?.. දවස් තුනක්ම නිවාඩුත් දාලානේ ආවේ..”
එහෙන් මෙහෙන් එහෙම කසු කුසු නැඟුනා.
කසුන්ගේ අම්මලා මැදිහත් වෙලා වසුන්දරාව ගෙදර එක්කගෙන එන්න හැදුවත්, වසුන්දරා තමන් ගත්ත තීරණය වෙනස් කරන්න සූදානම් වුනේ නැහැ.
” මට සමාවෙන්න අක්කේ… කසාද බැදලා කසුන් එක්ක එක වහලක් යට ජීවත් වෙන්න පටන් ගත්ත දවසේ ඉඳගෙනම කසුන්ගේ ඔය පුරුද්ද මම ඉවසුවා.. මම මුලදි හිතුවා ඒක එයා පුරුදු වෙච්ච විදියනේ, එයා ටික ටික ඇජෙස් වේවි කියලා … යාලුවන්ගේ පාර්ටි, ගමේ වැඩ , ඔය ඔක්කොම දේවල් වලට එයා කොහොම හරි වෙලාව හොයාගන්න එක එයාගේ ටයිම් මැණේජ්මන්ට් කියලා හිතුවා.. ඒත් එයාට මං වෙනුවෙන් කාලයක් තිබුනේ නෑ අම්මේ… මං එයාට ගෙදෙට්ට වෙලා ඉන්න කිව්වේ නෑ කවදාවත් .. මං ඉල්ලුවෙ පාර්ටි දාන එක පොඩ්ඩක් අඩු කරන්න කියලා.. දිනපතා බොන එක නවත්තන්න කියලා .. එයා හැමදාම මොකක් හරි කියලා මාව මඟෑරියා.. දවසින් දවස මොකක් හරි කියලා මාව ශේප් කරගත්තා .. මං එහෙම ඉන්නෝනි ද අක්කේ ?… මොකටද මගේ ජීවිතේ එහෙම ගෙවෙන්නේ ?.. හැමදාම අනේ අනේ කිය කියා මම මොකටද කසුන් පස්සෙන් යන්නේ ?… අක්කා එහෙම කැමතිද?.. අක්කා එහෙම වෙනවාට අම්මා කැමතිද ?..”
කසුන් ගෙදරට ආවට පස්සේ මුලු ගෙදරම තිබුනේ හිස් කම. එදා හවසත් රට යන යාලුවෙක්ගේ සාදයකට ආරාධනා තිබුණා. ඒ යාලුවා කසුන්ට කිහිප වතාවක්ම ඇමතුම් දුන්නා.
” මට ටිකක් සනීප නෑ බං .. උබලා කරපල්ලා ..”
අන්තිමේදි කසුන් එහෙම කියලා මඟෑරියා. හත , අට වෙද්දී කසුන්ට වැටහුනා තමන් වසුන්දරාව තනි කරලා තියෙන්නේ කොයි තරම් පාලුවකද කියලා. තමන්ව විශ්වාස කරලා මේ ගෙදෙට්ට ආව වසුන්දරාට තමන් කොයි තරම් අසාධාරණයක් කරලාද කියලා.
මත් පැන් බෝතල් එක දෙක හිස් වුනා. රෑ දොලහ පහු වෙද්දී කසුන් වසුන්දරාව එක්කගෙන එන්නම හිතාගෙන වාහනේට නැග්ගේ පියවි සිහියෙන් නෙවෙයි.
කසුන්ට වැඩි දුර යන්න ලැබුනේ නැහැ. ගෙදරට තාප්පෙකුත් කඩාගෙන කසුන්ගේ මෝටර් රිය නැවතිලා තිබුණා.
.
.
.
වසුන්දරාගේ අංකය ක්‍රියා විරහිත වෙලා තිබුන නිසා , පහුවෙනිදා දවල් වෙනකල් පණිවිඩේ වසුන්දරාට ලැබුනේ නැහැ. කසුන්ට සිහිය ආවහම කසුන් අක්කාගේ අංකය දුන්නට පස්සේ තමයි පණිවිඩේ හැම පැත්තටම පැතිරුනේ.
වසුන්දරා මුලදි ඒ පණිවිඩේ විශ්වාස කලෙත් නෑ.
” කොච්චර බිව්වත් කසුන් ලිමිට් එක පනින්නේ නැහැ… ඒක වෙන්න බෑ අයියේ ..”
මුලදි එහෙම කිව්වත් , වසුන්දරාගේ හිත ටිකෙන් ටික නපුරක් ගැන වද වෙන්න ගත්තා.
.
.
.
” නාඬා ඉන්න වසූ … මිනිස්සුත් බලනවා…. කකුල කැඩිලා විතරයිනේ.. ඒක හදාගන්න පුලුවන් .. අනෙක, මේක ඔයා හින්දා වුනා නෙවෙයි .. මේක කොහොමත් කවදාහරි මට වෙන්න තිබුනේ … බයවෙන්නෙපා .. ඔයාට කරදරයක් වෙන්නෙ නෑ මම … මම ඩිවෝස් එක දෙන්නම් …. සමහරවිට , ඩොක්ටර්ලා මගේ හිත හදන්න කිව්වට කකුල කපන්න වුනොත් එහෙම, ඔයාට අබ්බගාත හස්බන්ඩ් කෙනෙක් … නඩත්තු කරන්න වෙන්නේ නෑ..”
කසුන්ගේ ඒ පැහැදිලි කිරීමට පස්සේ වසුන්දරාගේ කඳුලු නැවතුණා. වසුන්දරා කෝපයෙන් බැන වැදුනා.
” ඔව් ඔව්.. මං ආදරේ කලේ ඔය කකුලටනේ ..”
අන්තිමේදි කසුන්ට රෝහලෙන් පිටත් වෙන්න අවසර ලැබුනා. ඒත් පාදය වෙනුවෙන් සැත්කම් කිහිපයක්ම වෙනුවෙන් දින නියම වුනා. එතකල් රැකියාවට යෑම පවා අවහිර වන බව දැනගන්න ලැබුනා.
සති දෙකකට පස්සේ කසුන්ගේ හොඳම යාලුවාගේ උපන්දින සාදය තිබුණා.
වසුන්දරා හය හමාරට විතර කසුන්ගේ ඇඟ සෝදවලා සැහැල්ලු සරමකුයි, කමිසෙකුයි ගත ලූවා.
” කොහේ යන්නද වසූ ?.. “
” ගමනක් …”
වසුන්දරා ඇස් නටවලා එහෙම කියලා සූදානම් වුනා. තමන්ට වසුන්දරාට කියනන් සෑහෙන්නම ලොකු කතාවක් තියෙන බව කසුන් දැනගෙන උන්නත්, ඒ වෙනුවෙන් පිවිසුමක් ගන්න ඉඩක් තිබුනේ නැහැ.
” මට ටිකක් කතා කරන්නෝනා වසූ ..”
” ඩිවෝස් එකෙන් පස්සේ කතා කරමු ..”
වසුන්දරා සරදමට වගේ ආයෙම එහෙම කිව්වාම, කසුන් නිහඬ වුනා.
.
.
.
” ඇයි වසූ එහෙම ?..”
මිතුරාගේ උපන්දින සාදය අවසන් වෙලා රෑ එකොලහ හමාරට විතර ගෙදර ඇවිල්ලා, තමන්ව පිරිසිදු කරලා ඇඳට ගොඩ කරවලා, ඇඳට ගොඩ වුන වසුන්දරාගෙන් එහෙම ඇහුවා.
” කොහොමද ?..”
” මොකක්ද කියලා ඔයා දන්නවා?..”
” නිමල්ක අයියා කියන්නේ එක වසරේ ඉඳන් ඔයාගේ යාලුවා … ඔයාට එතන , ඒ පාර්ටි එකේ ඉන්නෝනි බව මම දන්නවා…”
” ඔයා මොකක්ද කියන්නේ වසූ ?..”
” ඔයා ඒක තේරුම් ගන්නෝනි කසුන් …. ජීවිතේ වගකීම්, වගවීම් කියන්නේ මොකක්ද කියලා ඔයා තේරුම් ගන්නෝන… අපේ ජීවිත වල එක කාල තියෙනවා කසුන් .. ඒ ඒ කාල වල අපි ජීවත් වෙන විදි තියෙනවා… ඒ විදි කාලෙන් කාලෙට වෙනස් වෙනවා… ඔයා තේරුම් නොගත්තේ ඒක .. මට තනියෙන් ජීවත් වෙන්න ඕනි නම්, ඔයා එක්ක මේ ගෙදෙට්ට එන්නේ නෑ කසුන් .. එහෙම නම් මම අම්මලා එක්ක අපේ ගෙදර ඉන්නවා…ඔයා ඔයාගේ ජීව්තේ ඔයා ආස දේවල් ඔක්කොම කලා… මගේ ජීවිතේ මං ආස දේවල් වලින් බාගයක විතරම ඔයා ඉන්නේ කසුන්.. ඒ හින්දාම ..”
කසුන් වසුන්දරා දිහාවට හැරිලා තමන් ළඟට එන්න කියලා සන් කලා. වසුන්දරා උන් ඉරියව්වෙන් මිදිලා කසුන්ගේ පපුවට හේත්තු වුනා.
” මට ආයෙ අවස්තාවක් ඉල්ලන්න මං පරක්කු වැඩියිද වසූ ?..”
” මගෙන් අහන්නෙපා … මං වෙනස් වෙලා නෑනේ…”
කසුන් හිස සැළුවා. තමන් ගැන තමන්ටම පොරොන්දු වුනා.
ජීවිතේ වගකීම් සහ වගවීම් වල සීමා තම තමන් නොදරනතාක් කල් ජීවිතේ හිස් වෙන අවධානම එහෙමම අබ්ව වටහා ගත්තා.
නිමි.
රමණීයයි මේ මධුර ජවනිකා -2