මහේල අරන්දරගෙන් මට එක් ඇමතුමක් එද්දිම මම ජංගම දුරකතනය විසන්ධි කලෙමි. එවිට මට හැඬිනි. ඒ විසන්ධි කලේ ජංගම දුරකතනය පමණක් නොවන වග මම දනිමි. මහේල අරන්දර හා එක්ව ගෙවන්නට හීන බැලූ ජීවිතය ද විසන්ධි ද ගියේය.
ත්‍රීරෝද රථ රියැදුරා අතර මඟ ත්‍රීරෝද රිය නැවතුවේය. ඔහු කඩයක් තුලට ගියේ මට කිසිත් නොපවසමිනි. මට ඒ පිළිබඳව කිසිත් සිතුනේ නැත.
ඈශ් – මහේල .. ඉවරයක් නැතිව හිත තුළ නින්නාද දුන්නේ එයය. ඔවුන් වසර කියක් තිස්සේ නම් දැන සිටින්නට ඇතිද ?
” මිස් අහ්..මේ වතුර ටිකක් බොන්න.. මිස්ගේ ප්‍රශ්නේ මොක වුනත්, ඒක විසඳෙන්න හොඳම විදියක් ලැබේවි.. එතකල් සිහිකල්පනාවෙන් ඉන්න …”
ඔහු බෝතලය මා අතට දි යලි ත්‍රීරෝද රිය පන ගැන්වූයේය. මට ඔහුට ස්තූතියි කියන්නට තරමේවත් සිහියක් වූයේ නැත.
ත්‍රීරෝද රිය ඔහේ යන්නේය. මට ගමනාන්තය ගැන ඇත්තේ අපැහැදිලි අදහසකි. තාත්තා ගේ නිවෙස තියෙන ඉසව්ව දැන උන්නා මිසෙක මා ඒ තැනකට ගිහින් තිබුනේ නැත.
මගේ සිතෙහි වූ සැනසීම මට අහිමිව ගිය ඉක්මන. මහේල පැමිනෙන්නට පෙර ඔහු නැතිව ජීවත් වීමට මම හුරු වෙමින් උන්නෙමි. එහෙත්, ඔහු පැමිණියාට පසු ඉතා ඉක්මනින් මම ඔහුට නතු වුනෙමි. දැන් මේ කුණාටුව මා රැගෙන යන්නේ කොහේකටදැයි මට වැටහෙන්නේ නැත.
පැයකට පසු මම තාත්තා ගේ නිවසේ ගේට්ටුව අසල උන්නෙමි. පන්දහසේ නෝට්ටුව ත්‍රීරෝද රථ රියැදුරාගේ අතේ ගුලි කලෙමි.
දොර විවෘත කලේ නිමලාය. ඕ නිවසේ අත් උදව්වට ඉන්නා තැනැත්තියය
” තාත්තා කෝ ?”
” මහත්තයලා මඟුල් ගෙදරක ගිහින් බේබි …”
“මං ආවා කියන්න ඕනි නෑ.. බැරි වෙලා හරි කෝල් කරලා ඇහුවත් නෑ කියලා කියන්න …”
දහවල් දෙක ලෙස වෙලාව සටහන්ව තිබුනි. සෙරෙප්පු ගලවා දමා මම පලමුවෙන්ම හමුවූ කාමරය අසල නැවතුනෙමි
” මේ කාමරෙන් හාන්සි වෙන්න බේබි…”
නිමලා මට ඒ කාමරයේම යහන මතට වැටෙන්නට උදව් කලාය. සිහියක් නැතිවා මෙන් මම උඩු බැලි අතට ඇඳට වැටුනෙමි.
” බොන්නෝනි… මට මැරිලා යන්න ඕනි…”
තාත්තා ගේ වයින් ගබඩාව මගේ ඇස් මානයේ විය.
මම වයින් බෝතලයක් කැඩුවෙමි. විදුලි පංකාව ක්‍රියා විරහිත කර වායුසමීකරණය ක්‍රියාත්මක කලෙමි. සය වසක් සිහියෙන් ජීවත් වුනෙමි. මහේලගේ හැර යෑම කෙතරම් අපහසු වුවද එය දරාගත්තෙමි.
මා වරදක් කල නිසාවෙන් වන දඬුවම ලෙසින් සිතා එය වින්දෙමි.
එහෙත්, දැන් මම දියවී බිඳී ගොසින් ය. දෙවෙනි වයින් බෝතලයද ඉබේම හිස් විය. හිස මට දරාගන්නට නොහැකි ලෙසින් බමන්නා බව දැනෙන්නට විය. මම පුටුවෙන් රූටා විත් බිමට වැටුනෙමි. බිම දිගේ ඇඳී ගොස් මෙට්ටයට හිස තියා ගත්තෙමි.
ඔබට හැකිනම්විත් මගේ හිස පිරිමදින්නයැයි ඉල්ලන්නට සිතෙන තරමේ වේදනාවක් මට දැනේ.
මා සතු සියලුම ශක්තින් දැන් ක්ශයව ගොස් හමාරය. තවදුරටත් ජීවත් වීම මට දරාගත නොහැකි අරගලයකි.
මහේල අරන්දර ගේ තරු ඇස් මට මැවුනේය. ඈශ් නම් වූ ඇයගේ සුන්දර රුව ඒ ඇස් වලින් මට පෙනුණි. මට රිදුණි. මම කෑ ගසා හැඬුවෙමි.
එලියේ මහ වැස්සක් බව ජනේලයෙන් පෙනුණි. ඒ වැස්සේ දියව යන්නේ සති දෙකක් ඇතුලත මහේල මා ඉදිරියේ මැවු ලෝකයය.
“අසේකා.. අසේකා…”
ඈතින් ඇසුණු හඬ ක්‍රම ක්‍රමයෙන් මා වෙත එන බව ඇසුණි. එහෙත් මට ඒ ගැන සිතිමේ ශක්තියයක් වූයේ නැත
” අසේකා ආව බවක් නොකීවේ ඇයි නිමලා…”
තාත්තා ය
” බේබි එපා කිව්වා…”
“හිතන්නෙපැය මනුස්සයෝ … අවුරුදු ගානකින් මේ ගෙදරට නාව කෙල්ල එක පාරටම කඩාගෙන පහත් වෙනකොට ..”
” මහත්තයා ට මම එක පාරක් ගත්තා. වැඩ කලේ නැ…”
” මට ඒක ඇහුනේ නෑ…”
“අසේක…කා…”
එවර නම් කාමරයේ දොර හැරුණි. අඩවන් වෙමින් තිබු දෑස් අසීරුවෙන් විවෘත කර ගත්තෙමි.
“අසේකා.. අසේකා.. නැගිටිනවා.. නැගිටිනවා…”
මහ හඬින් එලෙස ඇසෙද්දී මම දෑස් වඩා හොඳින් විවෘත කර බැලුවෙමි. යෝධ මිනිසා , මහේල අරන්දර මගේ ඉදිරියේ උන්නේය. ඔහුගේ දෑස් වලින් ගින්දර විසි වෙමින් තිබුණි.
ඒ අසලම උන් තාත්තා සහ නිර්මලී නැන්දා උන්නේ තැති ගැනීමෙන් බව වටහා ගන්නට තරමේ සිහියක් මා සතු බව මට ඔබට පවසන්නට අවැසිය.
” මොන මඟුලක් ද අසේකා ඒ ? හවස නිලන්ත සර්ගේ ෆැමිලි එක එක්ක ලන්ච් දාගෙන හිටියේ කියලා අමතක උනාද ? එහෙම දමලා ගහලා ආවම ඔක්කොම හරිද ? කිසිම වගකීමක් නැද්ද ?..”
මහේල අරන්දර ගුගුරන්නේය. අතීතයේ උන් අරන්දර පොඩි පුතා යලි පෙනෙන්නේය.
ඉවසීමක් ගෑවිවත් නැති අරන්දර පෙනෙන්නේය.
මම ඇඳ වියල අල්ලාගෙන කෙලින් වීමට උත්සාහ කලෙමි. එහෙත් මට වාරු නැත. තාත්තා ආපසු හැරී යමක් විමසනු මම දැක්කෙමි
” ටූ වයින්ස්.. මං ඔයාට සල්ලි දෙන්නම් තාත්තා …”
මම කීවෙමි. නිර්මලී නැන්දා හඬනු පෙනුණි.
“අයියෝ.. අඬන්නෙපා.. මම හොඳින්…”
මම ඇඳ වියලටම වාරු වෙමින් කීවෙමි. මහේල අරන්දර නොතකා උන්නෙමි.
ඔහුගේ ඈශ් , තව වැඩි වේලාවක් යන්නට පෙර මෙහි එනු ඇත.
එය සිහිවූ පසු යලි මට හැඬෙන්නට ආවේය. මම හිසකේ අස්සෙන් දෑතම යවා මුහුණ පිටින්ම පිරිමැද්දෙමි.
” කොහොමද මෙහෙම කඩාගෙන බිඳගෙන ආවෙ? ඩියුටි වෙලාවේ මගේ පර්මිශන් නැතුව කොහොමද මෙහෙම ආවේ ?…”
මහේල අරන්දර මා වෙත නැවී ඇසුවේය. දැන් ඒ කෝපයද මට පලක් නැත. ඔහු සහ ඔහුගේ ඈශ් මා දවා අවසන් කලාට පසු ඒ කෝපයට හසුවී දැවෙන්නට තරම් දෙයක් ඉතිරි නැත.
” ආවේ ? කඩාගෙන බිඳගෙන ? හ්හ්හ්.. පර්මිශ න් ..?”
මම කතා කලෙමි. වචන පිට පැන්නේ නුහුරටය. තාත්තා අයා ගත් දෑසින් උන්නාය. නිර්මලී නැන්දා නිමලාට කුමක්දෝ පවසමින් පිටතට යනු දුටුවෙමි. ඉතින් මා අසිහියෙන් ද නොවේය. මට මේ සියල්ල පෙනෙන බව ඔබටද වැටහෙනවා නොවේද ?
මහේලගේ බැල්ම වෙනස් වූයේම නැත.
” වයින් දෙකක් ? කාගේ හයියක්ද අසේකා… ආහ්… දැන් මෙතන මට ඇද කරන්න කියවන එකද ඔයාට පුළුවන් ..?”
” පුතා .. හෙමින් කතා කරගන්න .. මම පහලට ගිහින් එන්නම් …”
” මේ.. මගේ තාත්තා ගේ ගෙදර … තාත්තා ගේ රූම් එක … තාත්තා ගේ වයින් … ඉතින් මම බොනවා.. ඔයා කවුද මාව ප්‍රශ්න කරන්න මිස්ටර් මහේල අරන්දර ..? හූ ආර් යූ ?”
මම දකුණතේ දබරැඟිල්ල පාමින් අරන්දර පොඩි පුතාව ප්‍රශ්න කලෙමි. ඉන් ඔහු තවත් දැවුනේය.
මට ඉන් පලක් නැති වග ඔබද එකඟ විය යුතු කරුණකි.
මා එක් වරක් ද්‍රෝහි වූ බව පිලිගනිමි. ඒ අසරණ කම සහ හදිසි කලබලය නිසාමය. එහෙත් මොහු, මේ අරන්දර මා රවටා රිදවන්නේ සැලසුම් කර , ඉතා සූක්ෂමවය.
ඔහු ඉදිරියේ නොහඬමි. මම අරන්දර මහතාට සමච්චල සිනහවක් පෑවෙමි.
| අපේක්ෂා ගුණරත්න |