චායා ශිෂ්‍ය සංගමයේ වැඩ වෙනුවෙන් සම්බන්ධ වීමට අවශ්‍ය බව පැවසූ පසු විහඟි ඇය දෙස බලා උන්නේ දෑස් අයාගෙනය.
” මොකක් ?..”
“ඔව්… මම පෝස්ටර්ස් අඳින්න එන්නම් කියලා යකාට කිව්වා… එනවා නම් එන්න… නැත්නම් ඒගොල්ලො මාව ඇරලවාවි…”
“පිස්සු හැදීගෙන එනවාද චායා… චරක අය්යා එහෙම දැනගත්තොත් මොකද වෙන්නේ ?..”
“උඹ කිව්වොත් ඇරෙන්න එයා දැනගන්න විදියක් නෑනේ… අනෙක , මේක මගේ ජීව්තේ .. එයා මාව මෙහෙ දාලා, එහෙ ගියේ එයාගේ ජීව්තේ පිලිවෙලක් වෙනුවෙන් නේ… ඉතින්, මම ආස මෙහෙම ..”
“උඹ කාගෙන්ද පළිගන්න යන්නේ චායා..? උඹෙන්ද ? ආහ්..”
කිසිදිනෙක නොවූ අයුරින් දෙදෙනා එකිනෙකා අභිබවා යන වදන් වලින් කියවා ගනිමින් උන්හ. විහඟි උන්නේ, සියල්ල චරකගේ කෝණයෙන් දකිමිනි. චරකට රිදෙන, ඔහු කලබලයට පත් වීමට හේතුවන යම් දෙයක් සිදුවේ නම් ඉන් චායාව වලක්වා ගැනීම තම වගකීමක් ලෙසින් සලකන්නට විහඟි උත්සාහ කරමින් උන්නාය.
” එනවාද නැද්ද ? හය හමාර විතර වෙද්දි සෙට් වෙන්න කිව්වා…”
” පිස්සු නටන්න එපා චායා.. උඹ දවස් දෙකක් තිස්සේ කල්පනා කරලා , කරලා මේකද ගත්ත තීරණේ… කොහෙවත් ඉන්න එකෙක් කරපු දේකට, අම්මා තාත්තගෙන් පලිගන්න එක….”
” විකාර .. මට කාගෙන්වත් පලිගන්න ඕන් නෑ.. මම කරන්නේ , මට සැනසීම හොයාගන්න එක…”
“යූනියන් මඟුල් අස්සේ රිංගුවම පුදුම සැනසීමක්ද දැනෙන්නේ ?..”
විහඟි නොනවත්වාම අරගල කරමින් උන්නේ චායාගේ ආවේගය නවතා ලන්නටය.
” ඔව්… මට එතන සැනසීමක් දැනෙනවා.. “
“සස්මිතයා පොඩ්ඩක්වත් කැමති උනේ නෑ උඹ යකාලා අස්සේ ඉන්නවාට චායා.. ඒක උඹ දන්නවානේ… යකා උඹට ට්‍රයි.. ඒ ට්‍රයි එක තියෙන්නෙත් වෙන ලෙවල් එකකින්.. සස්මිත ඒක දන්න හින්දයි යූනියම් කේස් වලින් ඌත් ටිකක් පැත්තකට වෙලා, උඹවත් දුරස් කරලා තිව්වේ…”
“මට ඔය බණ වැඩක් නෑ.. කොයි යකාත් එකයි මට දැන් .. එනවා නම් එන්න … නැත්නම් මම යනවා..”
චායා නවාතනේ නාන කාමරය තුළට වැඳුණාය. ඕ ශවරය යටට වී ඇති තරමට හැඬුවාය. විහඟි ගැන දැනෙන්නේද කෝපයකි. ඕ තම මිතුරිය නොව , අය්යාගේ ඔත්තුකාරියක සේ දැනෙන්නේය. අය්යා යද්දී ඇයගේ හිස පුරවා යන්නට ඇත.
” මට ඔය කවුරුත් ඕනි නෑ.. මම .. මම ජීවත්වෙනවා කොහොමම හරි… කොහොමම හරි….”
චායා යලි විශ්ව විද්‍යාලයට යන විට විහඟි ද ඇය පසුපස වැටුණාය. ඒ චායාට බැණ වදිමිනි. එවෙලෙහි ශිෂ්‍ය සංගම් කාමරය තුළ වෙනදාට එහි ප්‍රමුඛත්වය ගන්නා පිරිස උන්නෝය. ඔවුන්ගෙන් චායාට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. කිසිවෙකු සස්මිත පිළිබඳව හෝ නොවිමසා සිටීම නුහුරට දැනුණි. ඇතැම් විට යකා සියලු දෙනාට , සිදු විය යුත්තේ කුමක්දැයි පහදන්නට ඇත. විහඟි උන්නේ කිසිවෙකු වෙත උණුසුම් සිනහවන් නොපාමිනි.
” අරකි මේ මෙතනට වෙලා ඇස් ලොකු කර කර ඉන්න වෙලේ බෝඩිමට වෙලා ඒකිගේ වැඩක් කරගත්තා නම් නරකද බං.. ඒකි පැංචිගේ බොඩි ගාර්ඩ් වගේ නේ මෙතන ඉන්නේ..”
යකා තමා අසල උන් මිතුරාට එලෙස කීවේය.
” බොඩි ගාර්ඩ් වගේ නෙවෙයි තමයි… උඹට පැංචි ටැකල් කරගන්නෝනා නම්, ඉස්සෙල්ලාම අරකිව ඒ පෝස්ට් එකෙන් කපලා ඉන්න වෙයි. එහෙම නොවෙන්න යන් පුතේ, පැංචි ට කිට්ටු වෙනවා බොරු…”
” අඩෝ.. මේක අහපං…අරූ පැංචි ට ගිල්ලවලා ගිහින් තියෙන්නෙ සුලු පටු ගුලියක්ද .. දැන් ඒ ගුලිය දිරවගන්න බැරුව කෙල්ල ඉන්නේ… බෙහෙත තියෙන්නේ මගේ අතේ වෙච්ච කොට, අනෙක් කිසි දෙයක් ගැන වොරි වෙන්නේ මොකටද බං… කෙල්ල මේ පාර මගේ.. ආයේ අරූ ආවත් , නාවත්…”
” මෙහෙමයි හැබැයි, ඌ එන්න ගිය ගමනක් නෙවෙයි ඔය. උඹට ටයිම් නම් තියෙනවා..”
” උපරිම මාසයයි… කෙල්ල මගේ අතේ…”
“ලේසිවෙන එකක් නෑ.. ඒත්, මේ යන විදියට බැරි වෙන එකකුත් නෑ..”
චායාගේ පෝස්ටර් අකුරු සියලන්ගේම පැසසුමට ලක් විය. යකා ශිෂ්‍ය සංගම් සභාපතිවරයා ලෙස චායාගේ කැපවීම කෙරෙහි සහ ඔවුන්ගේ ඉල්ලීම පිලිගෙන ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් කැපවීමට දරන වෙහෙස පිලිබඳව අගය කලාය්.
” ඔච්චර නෙවෙයි , උඩ පැන පැන කියෙව්වත් උඹට ලේසි නම් වෙන්නේ නෑ……”
විහඟි දත්මිටි කමින් කෝපය සඟවගනිමින් සිතුවාය.
එහෙත්, සස්මිත චායා හෙලා ගිය වේදනාව සිහිවෙද්දී, ශිෂ්‍ය සංගම් සභාපතිවරයා පිළිබඳව නොව කෝපය සස්මිත දිහාවට විය.
දෙදෙනාව නවාතැනට ඇරලුවේද යකා සහ මිතුරෙකි.
එතැන් පටන් විහඟි සාහ චායා අතරේ යම් දුරස් බවක් විය. එහෙත්, විහඟි චායා අත් හැරියේ නැත. චරකගෙන් ලැබෙන එක් කෙටි පණිවිඩයකට පසු, චායා කෙතරමින් නම් තමා විසින් රැක බලාගත යුතු වස්තුවකදැයි විහඟි ට සිහිපත් කරන්නට විය.
චායා උන්නේ තනිව ගොඩ නැඟෙමිනි
” අය්යේ .. මට සල්ලි ටිකක් ඕනි.”
ඕ දිනක් ඉල්ලා සිටියාය.
” තාත්තගෙන් ඉල්ලනවා ඉතින්…”
චරක ඇමතුමේ අනෙක් පස සිට කීවාය.
” ඔයාට පුළුවන් ද දෙන්න ?”
“හරි … මොකටද ..කොච්චරක් ද ?”
” ලක්ෂ දෙකක් ඕනි…”
” බුදු අම්මේ.. මොකකටද කියනවා…”
“මට ජර්නලිසම් ඩිප් එක කරන්න ඕනි… ආයේ ෆොටෝග්‍රැෆි කෝස් එකක් කරන්නත් ඕනි.. දෙකම පැරලල් කරගන්න පුළුවන් මට..”
” හරි… ලක්ෂ හතරක් දෙන්නම් … විහඟිවත් සෙට් කරගෙනම, දෙන්නම කරන්න …”
” ඒ මොන විකාරකතාවක්ද ඒ…. විහඟි ට ඒවා කරන්න ආස නෑ.. එයාට ලස්සන ෆ්ලෝරා එකේ ෆ්ලවර් ඇරේන්ජ්මන්ට් කරන්න ඕනි කිය කියා උන්නා….. අන්න ඒක බලලා කරන්න සල්ලි දෙන්න …”
” හා එහෙනම් දෙන්නම ඒක කරන්න ..”
චරක කීවේ, චායාගේ කෝපය අවුස්සවාලමිනි. අවසානයේ චරක දෙදෙනාට වෙන වෙනම එම කටයුතු වෙනුවෙන් මුදල් එව්වේය.
” හැබැයි රජෝ.. මගේ කනෙන් රිංගන්න නම් තියාගන්න එපා.. මම තව මාස හය හතකින් එනවා.. ඒ ආවට පස්සේ, මට මොකක් හරි අහු උනොත් නම් තමුසේ ඉවරයි නංගී..”
“අය්යා … ඔයා ආයේ එන්නේ පාර්ලිමන්ට් ඉල්ලන්න බලාගෙනද ?”
චායා එක්වරම ඇසුවාය.
” මොකක් ?”
” ඔයා එන්නේ පාර්ලිමන්ට් ඉල්ලන්න බලාගෙනද ?”
” තාත්තා එහෙම කතාවක් කියනවා… ගම්ලත් අංකලුත් කියනවා… මං තවම එහෙම හිතලා නෑ… මට ඕනි මගේ අර වැඩේ කරගන්න.. මං හිතන විදියට තාත්තා අතින් ඒක කෙරෙන්නේ නෑ…… මං ඒ වැඩේ ටෙම්පරි නැවැත්තුවා ඒ නිසා…. ඇවිල්ලා ඒක කරනවා..”
“ඒක හොඳයි… තාත්තාගෙ ඔලුවේ තියෙන ප්ලෑන් එක්ක අය්යගේ වැඩේ වෙන්නේ අය්යට ඕනි විදිහට නෙවි.. තාත්තට ඉඩ තියෙන විදියට, එයාට එවෙලෙට හිතෙන හැටියට..”
“හ්ම්..”
“ඇත්තටම ඇයි අය්යේ ඔයා එකපාරටම ගියේ.?”
“පණ්ඩිත කතා නැතුව කියනවා.. ඇයි පාර්ලිමන්ට් ඉල්ලනවාද ඇහුවේ ?..”
” ඔයාගේ ප්‍රයිවට් සෙකට්‍රි කරගන්නවාද මාව ? … මට ඒකට එක්ස්පීරියන්ස් මදි නම්, මිඩියා සෙකට්‍රි හරි ?..”
චරක එතෙක් වෙලා ආහාරයට ගනිමින් උන් ආහාරබඳුන පසෙක තැබුවේය. වීඩියො ඇමතුමට ඍජුව සම්බන්ධ වූයේය. චායා දෙස විමසිල්ලෙන් බැලුවේය.
ඇය කිසිදිනෙක, දේශපාලනය හා යාවෙන්නට හෝ කැමැත්තක් වූයේ නැත. කොටින්ම තාත්තා හිටපු ඇමතිවරයෙකු යන්න පවා කිසිවෙකු දැනගත යුතු නොවන බව ඇගේ මතය විය. ප්සුව තාත්තාද ඒ මතයම දරන්නට ගත්තේය. එහෙත්, දැන්…
” මොකක්ද ඒ කිව්වේ ?”
“බැරිද ? මේ ඉගෙනගන්න දේවල් ප්‍රැක්ටිකලි ඇප්ලයි කරන්න පාත් එකකුත් තියෙන්න එපැයි අය්යා..”
චායා දෙස චරක තවත් විමසිල්ලෙන් බැලුවේය.
” අය්යේ…”


