අංගාර – 15

0
939

පාසැල් ක්‍රීඩා උලෙලේ සමාරම්භක දිනය වෙනුවෙන්, දියතලාව යුධ හමුදා ක්‍රීඩාංගනයේ වූ උත්සවයට සහභාගී වූ චරක පෙරලා කොළඹ එන්නට පිටත් වූයේය. චායා ද ඔහු සමඟ වාහනයේ විය. චායා උන්නේ යම් විඩාවකය.

” නංගී … මහන්සිද?..”

“හ්ම්ම් .. ටිකක් …”

” ක්ලයිමට් හින්දාද ?..”

” එහෙම නෙවෙයි අයියේ .. හිතත් චුට්ටක් ඩල් අයියේ .. මං නින්දක් දාගෙන යන්නම් ..”

” හෙට වැඩ දාගන්න එපා …. මට කතා කරන්න ඕනි ….”

චායා මදක් හිස ඇල කර වටහා ගන්නට නොහැඛි යමක් චරකගේ මුවින් පිටවූ බව පෙන්වූවාය. චරක එයට පිළිතුරු දෙන්නට උත්සාහ නොකර තම තීරණය වෙනස්ක් නොවන බව චායාට ඒත්තු ගැන්වූවාය. සවස චායා නිවෙසට ඇරලවූ චරක අසේලගේ තත්වයද විමසා බලා නිවසට පැමිනෙද්දී සවස හය පසුවී තිබුණි

” විජේසිරි අංකල් එන ගමන් .. ආන්ටිත් එනවා.. වොශ් දාගෙන පහලට එන්න පුතා…”

චරක හිස සැළුවේය.

” නංගී නැගිට්ටේ නැද්ද මැණිකේ …”

ඔහු තමා පසෙකින් ඇලෙමින් උන් විහඟිගෙන් විමසුවේය. විහඟි හිස සැලුවාය.

” කෑවෙත් නෑ … පස්සේ මම ලෙමන් එකක් දුන්නා .. ඒත් උගුරයි බිව්වේ…”

චරක විහඟි දෙස උවමනාවෙන් බැලුවේය. චායා එවන් හැසිරීම් දෙන්නේ කලාතුරකිනි..

“මං කතා කරලා බලන්නම් අයියේ රෑ වෙලා…”

” ඕනේ නෑ .. එපා.. මං  හෙට එයාට කතා කරන්නම් … හෙට වැඩ මුකුත්ම දාගන්නෙපා මගෙන් අහන්නේ නැතුව…. …”

” ඔයා ?…”

විහඟිගේ හදවත වේගයෙන් ගැස්සී ගියේය. චරක මෙතරම් කල් ඉවසා සිටීම වුවද ප්‍රමාණවත් ය. චායා ගේ ජීවිතය වෙනස් වන්නට හේතු වූ කාරණාව නොදැන සිටීම චරකට කෙතරම් පීඩනයක් ගෙන එනවා විය යුතුදැයි විහඟිට නොවැටහෙනවා නොවේ. එහෙත් චායා ඒ කිසිවක් චරක හා බෙදා ගන්නට එකඟ නොවූ බවද විහඟි දනී.

” චරක අයියාට දැන්වත් ඔය කතාව කියලා උදව්වක් ඉල්ලන්නේ නැත්තේ ඇයි චායා ?…”

චරක විදෙස්ගතව හිඳ යළි ලංකාවට පැමිණි  පසු, විහඟි කිහිපවතාවක්ම චායාව ඒ වෙනුවෙන් නමා ගැනීමට උත්සාහ කලාය.

” ඕනේ නෑ..”

” හිතුවක්කාර වෙන්නෙපා මෝඩියේ.. අපට වගේ නෙවෙයි චරක අයියාට ලෝකේ වටේම  කන්ටැක් තියෙනවා.. ඒ නැතත්, සස්මිතයාගේ අර යාලුවෝ සෙට් එකේ දතක් දෙකක් බඩට යවලා හරි අයියා  විස්තරයක්  හොයා ගනීවි … මුකුත්ම නොදැන මෙහෙම අන්ධකාරේ ඉන්නවාට වඩා, මොනවම හරි දැනගෙන ඇස් දෙක ඇරගන්න එක නෙවෙයිද චායා හොඳ ?..”

” ඕනී නෑ…. අයියා මේකට ඉන්වෝල්ව් වෙන එකෙන් වෙන්නේ සස්මිතගේ ජීවිතෙ අවුල් වෙන එක … මට එහෙම කරන්න ඕනි නෑ.. එයාට මාව ඕනි හිතෙනවා නම්, කවදා වුනත්, කොහොම වුනත් මං ලඟට ඒවි .. මං එතකල් බලාගෙන ඉන්නවා…”

විහඟි කලකට ඉහත වූ කතා බහ සිහි කලාය ඒ කතා බහ ගෙවුණු වසර දහයක් පුරාවටම වරින් වර විවිධ ස්වරූපයන්ගෙන් සිදුව ඇති බවද සිහි කලාය.  එහෙත් කිසිදිනෙක චායා වෙනස් වූයේ නැත.  ඕ සියල්ල තනිව දරාගන්නා දැඩි පර්වතයක් බවට හදවත හරවා ගත්තාය.

“ඔයාට මහන්සි නම් පහලට එන්න ඕනි නෑ.. කාමරෙන් ඉන්න .. මම පහලට ගිහින් බලලා එන්නම් … ඔයා නංගී එක්කල උඩට වෙලා කෑම කන්න ..”

විහඟි එයට එකඟව හිස සැලුවාය. චරක ගත දොවාගෙන අත්‍යාවශ්‍ය ඇමතුම් කිහිපයක් වෙනුවෙන් වේලාවද වෙන් කරගෙන පහල තට්ටුවට ගියේ, කිසිවෙකු පැමිණි බවට ඇසුණ හඬ සමඟය.

” ආහ් …  ඇමතිතුමා …”

විජේසිරි මහතා එලෙස පවසමින් චරකව වැළඳගත්ට්‍ය්හේ සැබෑම සෙනෙහසකිනි. චරක ඔහුට සහ ඔහුගේ බිරිඳට හිතවත්ම සිනහවන් සමඟින් හිඳ ගත්තේ පියාට ඉදිරියෙන් වන ලෙසිනි. චරක විමසිලිමත් බැල්මක් හෙලුවේ යම් ආගන්තුකයෙකු සිටිනවාදැයි සිතමිනි.  එහෙත් පෙනෙන්නට කිසිවෙකු උන්නේ නැත.

” අන්න .. අලුත් රියැදුරු මහත්තයා එලියෙන් නැවතුණා… පුතා .. මේ මම හොඳටම දන්න පවුලක දරුවෙක් ..  අවුරුදු හතරකට කිට්ටු වෙන්න ඉතාලියෙ කොම්පැණියක ඩ්‍රයිවර් ජොබ් එකක් කලේ.. එහෙදි කොවිඩ් ඉන්ෆෙක්ට් වෙලා මෙහෙ ආවා දැන් අවුරුද්දකට කිට්ටුයි .. ආයේ යන්න හැදුවට ඒක හරිගියේ නෑ… ජොබ් එකක් හොයලා දෙන්න කිව්වට, ඒ ගනන් වලට මේ කොල්ලව හිර කරන එක යුතු නෑ හිතුන නිසා මම එහෙට මෙහෙට කර කර හිටියේ… ඒත් පුතාගේ සැලරි ස්කේල් එක එක්ක මේ කොල්ලට ජීවිතේ ආයේ ඔලුව උස්සගන්න පුලුවන් වෙයි හිතෙනවා… පුතා මගේ වචනේ විශ්වාස කරලා කොල්ලට ජොබ් එක දෙන්න …. අසේල සනීප වෙනකල් හරි ….”

විජේසිරි එලෙසින් පවසද්දී චරක උවමනාවෙන් අසා උන්නේය. චරකගේ පියාද විජේසිරි ගේ කතා බහ ට එකඟ බව පෙන්වමින් අසා උන්නේය.

” පොලිස් රිපෝර්ට් ඉඳන් ඔක්කොම මම බැලුවා… පුතත් බලන්න ..”

” අංකල් බැලුවට පස්සේ ආයේ මට චෙක් කරන්න දෙයක් නම් නෑ.. ඒත් මේකයි අංකල් … මම ඇත්තටම බලන්නේ ඩ්‍රයිවර් කෙනෙක් නෙවෙයි .. ෆිට් එක දීලා මාත් එක්ක ඉන්න පුලුවන් කොල්ලෙක්.. රැයක් දවාලක් නැතුව මගේ පස්සේ ඉන්න එකෙක් .. නංගිව, මගේ නෝනව කිසි අවුලක් නැතුව  යවන්න පුලුවන් කෙනෙක් … කොටින්ම මට ඕනෙ මට සිහිය නැතත්, සිහියෙන් යන එන කෙනෙක් ….”

විජේසිරි චරක ගේ පැහැදිළි කිරීම ඉතා උනන්දුවෙන් අසා සිට, එයට එකඟ බව ඉඟියෙන්ද පෙන්වූයේය.

” එකඟයි පුතා .. එකඟයි … පුතා කොල්ලව ටික දවසක් තියාගෙන බලන්න … ඒ ඉඳලා… කොල්ලව සෙට් නැත්නම්, අපි කොල්ලාට වෙන විදියක් සෙට් කරලා දෙමු … මේක ලේසි පහසු සෙල්ලම් රස්සාවකුත් නෙවෙයිනේ… “

” තැන්ක් යූ අංකල් ඒ තේරුම් ගැනීමට .. ඒක මාරම වටිනවා … මොකද, මෙවෙලේ,  මට හැම පැත්තෙන්ම හිර වීම් හදාගන්න බැහැ.. මං වටේ තියෙන , ඉන්න හැම දේම ගැන පර්සනලි ඇහැ ගහන් ඉන්න බැහැ.. මං හිතනවා .. අංකල්ට තේරෙනවා.. මං තාත්තාටත් කිව්වා…:

” නෝ වොරීස් පුතා …  නෝ වොරීස් .. පුතා කොල්ලාව  ඉන්ටර්වීව් කරලා බලන්න … සතියක් දෙකක් ලඟ  තියන් බලන්න සුදුසුයි හිතෙනවා නම්, එහෙම ට්‍රයි කරන්න .. මම දන්නවා, පුතා ටැක්ෆුල් කොල්ලෙක් .. “

” තෑන්ක්ස් අංකල් …”

චරක රාත්‍රී  ආහාරයෙන් පසු නව රියැදුරා හමුවන්නට ගියේ විජේසිරි මහතාද සමඟය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here