චරක තමා ඉදිරියේ සිටින කඩවසම් තරුණයා දෙස බලා උන්නේ යම් විමතියක් සමඟය. විජේසිරි ඔහුව හඳුන්වා දෙද්දී පවා චරක උන්නේ විමතියෙනි.
” පුතා .. මේ දෙව්මිත් … මගේ අවුරුදු විසි පහක, තිහක යාලුවෙක්ගේ පොඩිම පුතා ….”
” හලෝ මචං ..”
” හලො.. ඇමතිතුමා …”
” උඹ කාලාද ?..”
” එව්වා හරි ඇමතිතුමා…”
” ඉඳගනින්කෝ ….”
විජේවීර දෙදෙනාට සමුදුන්නේය. දෙව්මිත් ඉතා පහසුවෙන් චරක හා කතාබහට පැටලුනේය.
” ඉටැලි වල ඉන්නකොට ගෙවපු ජීවිතේ එක්ක මෙහෙ සෙට්ල් වෙන්න හරි අමාරුයි ඇමතිතුමා.. එහෙ ඉන්නකොට සේවින්ග්ස් වලට ලොකු අයිඩියා එකක් තිබ්බේ නෑ … මොකෝ මම හිතුවේ නෑ එකපාරටම මෙහෙ එන්න වේවි කියලා.. ඒ ආවට පස්සේ ආයේ යන එක අමාරු වෙයි හිතුවේ නෑ… පොඩි පොඩි වැඩ කිහිපයක්ම කලා.. ඒත් එකක්වත් සෙට් වුනේ නැහැ.. මම ඉටැලි වල කලේ එහෙ සුද්දෙක්ගේ ඩිසේබල් දරුවෙක් ගේ ඩ්‍රයිවර් ජොබ් එකක් … ඒක ඉතින් වෙනමම එකක් ..”
චරක බාධා නොකරම අසා උන්නේය. ඔහු උන්නේ දෙව්මිත්ට ලකුණු දෙමිනි.
” විජේසිරි මාමා අපේ තාත්තාගේ හොඳම යාලුවෙක් . මම මෙහෙ ඇවිල්ලා වැඩි කාලයක් යන්න කලින් අංකල් මට එක එක ජොබ් හොයන වැඩේ කරා… ඒත් ඒ එකක්වත් මට සෙට් වුනේ නෑ.. මෙහෙ එන්න කලින් කියලා ආවේ, මේක අතෑරගත්තොත්, ආයේ මට ජොබ් හොයන්නේ නෑ කියලා..”
තරුණයා මද සිනහවක් පා, මෙමෙ රැකියාවේ වටිනාකම චරකට ඇඟෙව්වේය. චරකද හිස සැලුවේය.
” උඹ ඩේ ටුඩේ ට්‍රැවල් කරන්නද ඉන්නේ ?..”
” නෑ .. මෙහෙ ඉඩක් තියෙනවා නම් මෙහෙ ඉන්න පුලුවන්.. එහෙම නැත්නම් මට ඇමතිතුමා කියන පහසු කිට්ටුවක ඉන්නත් පුලුවන් … මාසෙකට දවසක් දෙකක් ගෙදර ගිහින් එන්න තිබුනා නම් ඇති මට ..”
” උඹ මැරීඩ් ?…”
” සිංගල් සර් ..”
” වයස ?..”
” තිස් හතරක් සර් …”
” කෙල්ලෙක් ඉන්නවාද ?…”
” නෑ සර් .. සම්බන්ධතා තිබිලා තියෙනවා.. එව්වා හරිගියේ නෑ .. දැන් අම්මලා කියන දෙයක් ඇරෙන්න, ආයේ මම තෝරන්න බේරන්න යන්න අදහසක් නෑ..”
” අම්මයි, තාත්තයි උඹයි ?..”
” අපි තුන්දෙනයි අක්කයි සර් ..”
” අක්කා මැරීඩ් ?..”
” නෑ සර් … එයා මැරි කරන්නේ නෑ කියලා ඉන්නේ.. අක්කා පොඩි කාලේ ඉඳන්ම චුට්ටක් අසනීපෙන් හිටියේ … ඒ හින්දමද මන්දා, එයා ජීවිතේ ගැන ටිකක් ආපස්සට හැරිලා බලන්නේ ..”
‘
” දැන් සනීපද අක්කාට ?..”
” ඔව් සර් .. දැන් සනීපයි .. ඒත් වීක් …”
” එතකොට උඹ සැලරි කීයක් බලාපොරොත්තු වෙනවාද ?…”
” සර්ට මට කීයක් දෙන්න පුලුවන්ද සර් ?..”
” නෑ ..උඹේ ඔෆර් එක කියපං …”
“
” ලක්ෂ දෙකක්වත් සර්… ඊට ආසන්නව අඩු වුන ගානක් ….මම, සර්ට අඩුවක් තියන්නේ නෑ සර් …”
” හරි … මේකයි දෙව්මිත් , මට උබව සෙට්ම සෙට් කියනවා නෙවෙයි …. ඒත් මට උඹ යම් මට්ටමකට සෙට්… මට තවකල් ඕනි උබව රීඩ් කරගන්න … අපි බලමු .. හෙට ඉඳන් කැබ් එකේ යතුර ගන්න .. උඹ ට්‍රස්ට් වෝර්දි නම්, උඹ මට ඩිස්ටර්බ් නොවෙනවා නම්, අපේ නෝනයි, නංගියිත් උඹට සෙට් නම්, කිසි කේස් එකක් වෙන එකක් නෑ..ඒත් මචං … මට මේ ජොබ් එකෙන් , උඹෙන් ඩිස්ටර්බ් වෙනවා නම්, මම මාස තුනක සැළරි උඹට දීලා, උබට සමුදෙනවා..”
” පැහැදිලියි සර් ….”
විජේසිරි සහ බිරිඳ චරකගේ නිවසට සමුදුන්නේ දෙව්මිත්ට නිවසේ රඳවන්නට චරකගේ අවබෝධය බොහොම පැහැදිලිව දැනෙගෙනය.
” ඒක එහෙම වෙන එකත් හොඳයි ….”
ඔහු බිරිඳට කීවේය.
චායා විහඟිගේ බල කිරීමටද, විහඟි චායාගේ බල කිරීමටද රාත්‍රී ආහාරය ඉතා සුලුවෙන් ගත්තෝය.
” අලුත් ඩ්‍රයිවරයා හැන්ඩිලු .. කුස්සියේ ඇන්ටිලාගෙහ් හද සැළිලා…”
විහඟි රඟපාමින් පෙන්වූවාය. චායා එයට සැහැල්ලුවෙන් මෙන් සිනාසුනාය. හිතෙහි වූ තෝන්තු ගතිය සඟවාගන්නට ඒ සිනහවෙන් නොහැකි බව වටහා ගත්, චායා සිනහව ක්ෂයව වියැකෙන්නට දුන්නාය.
” ලස්සන කොල්ලෙක් ඇවිල්ලා කියලා කිව්වේ .. මට නම් අවසර නෑ ..උඹට ගිහින් බලන්නවත් හිතෙන්නේ නැද්ද ?….”
විහඟි චායා අවුස්සවාගන්නට උත්සාහයක් දරමින්ම කීවාය. චායා එකටද ව්‍යාජ සිනහවක් පෑවාය.
” ලස්සන කියන්නේ මොකක්ද බං ?… “
” අනේ මට උබ එක්ක, වාද කරන්න වෙලා නෑ … යමුද ?.. කොල්ලව බලලා එන්න ..”
” පිස්සු හැදීගෙන එනවාද ?.. අයියා කියලා තියෙන්නේ, හැමතිස්සේම පහලට බහින්න එපා කියලා නේද ?..දැණ් වෙලාව බලහං .. ගිහින් නිදාගනින් මට පවු නොදී …”
” නේ උබේ කුහක කම.. උඹට බැරි නම්, හිටහං .. මං ගිහින් බලලා එනවා….”
විහඟි චායාට නොරිස්සුම පාමින් නැගිට්ටේත්, චරකගේ හඬ ඇසුනේත් එකම මොහොතේය.
” කවුරු බලන්න කොහේ යන්නද මේ මගේ නෝනා ?..”
විහඟි මෝඩ සිනහවක් පෑවාය. චායා අවස්තාවේ වාසිය ගත්තාය.
” ඔයා ලස්සන ඩ්‍රයිවර් කෙනෙක් අරගෙන කියලා, මෙන්න ඔයාගේ නෝනා නැහෙන්න හදනවා.. පරෙස්සමට ඈ… “
” මගේ කෙල්ල එහෙම නෑ .. අනෙක ඉතින් , ඇස් දෙකක් තියෙන්නේ ලස්සන දේවල් දිහා බලන්න නේන්නම් …”
තිදෙනා එකිනෙකාට අවලාද අබ්ස් කියවා ගනිමින් පැය භාගයක් පමණ වූහ. චරක විහඟිවද කැටුව, කාමරයට ගියාය.
” අයියේ … “
” ම්ම්..”
“ඔයා මා එක්ක තරහින්ද අයියේ ?..”
” ඒ මොනවා බෙදා ගන්න බැරිවද මැණිකේ ?..”
” චායා එක්ක අර අලුත් ඩ්‍රයිවර් හැඩයි කිව්වට ?…”
චරක මහ හඬින් හිනැහුනේය. ඇගේ හිසකේ අවුල් කර දමා මහ හඬින් සිනාසුණේය.
” පිස්සුද මැණිකේ ?.. එහෙම මිනිහෙක්ද මම ?..”
” මට ඌ එහෙමකට ලස්සන නෑ අනේ.. මට නම්, ඔයා තරමට කෝමත් ලස්සන නෑ…. මම චායව එලියට අදින්න කිව්වේ…”
චරක ඒ බව වවටහාගෙන උන් බව නොපෙන්වමින් ඇගේ වචනයක් ගානේ ඕ සරදමට කල් කරෛන් උන්නාය.


