අංගාර – 17

0
926

චරක පසුදා චායා සහ විහඟි වෙනුවෙන් වෙන් කලාය.  පියාට අයත් පෞද්ගලික BYD රිය එදිනට වෙන් කරේය. දෙව්මිත් ගේ නවාතැන වෙනුවෙන් පහල මාලයේ කාමරය සකස් කර දීමට අවශ්‍ය උපදෙස් දුන්නේය. දෙව්මිත්ට හෙට දිනයේ සිට තමා සමඟ වැඩ කටයුතු වෙනුවෙන් සූදානම් වන ලෙසද කීවේය.

චායා විහඟි සහ චරකගේ විවාහ ලියාපදිංචියේ දිනය වෙනුවෙන් චරකගෙන් විමසන්නට ඔහුට ඇමතුමක් ගත්තේ කාමරයේ සිටමය.

” ලෑස්තිද ?…”

” ඒ මොකටද ?..”

” ඇයි මම ඊයේ කිව්වේ, කතා බහකට යන්න ඕනි කියලා..”

” පිස්සුද අයියේ … මට මේ වැඩ ගොඩ ගැහිලා… අන්න එන්ගේජ්මන්ට් එකේ වැඩ ටික සෙට්… සීයකට රෙඩි කලා.. නයිට් ෆන්ක්ශන් … ඔයාගේ දවස දෙන්න … විහඟිගේ චේන්ගස් පේන්න කලින්, ඒක කරලා ඉමු .. ඔයා දවස දුන්නම මම දවස සෙට් කරගෙන, ඊට පස්සේ අම්මලාට කියමු … විහඟිටත් එතකොට කියලා, එහෙන් කියන්නෝනි අයට කියන්න කියමු ..”

” ඒකේ වැඩේ අද රෑට සෙට්ල් කරගමු … ලෑස්ති වෙලා පහලට එනවාකෝ …  නිගම්බෝ යමු …  මම බුකින් එකක් දැම්මා…”

චරක කීවේ විහඟි නාන කාමරයේ සිට පැමිනෙන  දෙස බලමිනි.

” අනේ බෑ අයියේ … මට වැඩ තියෙනව.. ඔයා විහඟි එක්ක ගිහිල්ලා එන්න ..”

චරක ඇමතුම විසන්ධි කලේය.විහඟි දෙස බලා හාදුවක් පා කලේය. විහඟි දෑස් සිහින් කර, හිස පසෙකට ඇල කර ඔහු දෙස බැලුවාය. අහිමි වූවානම්, ජීවිතය කොහොම වේවිදැයි එක්වරම සිහි වී උන් තැනම ගල් ගැසුනාය. ඇස් ගිණිගෙන දැවෙන බව දැනෙද්දි ඕ වෙනතක් බැලුවාය. කුස මත වූ අත මත ඕ අනෙක් අතද තබාගත්තාය. චරක ඇගේ ඉරියව්වේ වෙනසින් සියල්ල වටහා ගත් චරක වහා ඕ වෙත ඇවිද ගියේය. ඇය තම ළයට තුරුලු වන සේ සිටගත්තේය.

” මොකෝ ?…”

විහඟි කිසිත් නොපවසා හුස්ම ගිල ගන්නට උත්සාහ කලාය.  චායාගේ මිතුරියක ලෙසින් නිවසට ගිය පලමු දිනයේ චරකගේ කෝපයට ලක්වූ මොහොත සැනින් සිහිපත් වූයේය. එදින පටන් බිඳෙන් බිඳ, චරක වෙනුවෙන් නැගුණු ප්‍රේමය තමා මවුවත්කමින් පෝෂණය කල අනවසර හැඟීම් සිහි විය. කාලයත් සමඟ ඒ අනවසර හැගීම්, අහම්බකාරක ලෙසින් චරකගේ සිතුවිලි වල එහෙන් මෙහෙන් පැටලුණු අයුරු සිහි විය. අවසානයේ චරකගේ ජීවිතයේ මහා ඉඩකට තමා රිංගා ගත් අයුරු සිහි විය. චරක ගෙවමින් උන් ජීවිතයේ බොහෝ අහුකොන් වලට පසුවද, ඔහුවම තෝරාගන්නට සිත හා කල  අඩ දඹර සිහි විය.  

අනෙක් පසට චරකගේ සිතුවිලි ද ඇවිස්සෙන්නට ගෙන තිබුනේය. චායාගේ මිතුරියකව නිවසට ආ යුවතියගේ ජීවිතය තුළ තිබූ කුණාටු දැනගත්තාට පසු ඇය කෙරෙහි  වූයේ අනුකම්පාවකි. නැගණිය ගෙවන  සුකුමාල ජීවිතයේ කොටසක් හෝ ඇයට ලැබෙනු වස් අංශුමාත්‍රික සැලසුම් සකසා දුන්නේ ඒ අනුවය. එහෙත් බිඳෙන් බිඳ ඒ ඇස් තමා පසු පස දිව එන බව චරක හඳුනාගත් බව ඔහු සිහිපත් කලේය. පලමුව සිතුවේම කිසිඳු ඉඩක් නොඳී මඟ හරින්නටය එහෙත් සිංගප්පූරුවේ සිට පෙරලා ලංකාවට පැමිණියාට පසු, සියලු සැලසුම් සහ ව්‍යාපාර බිඳ වැටෙද්දී තමා මත වැටුණු ඇගේ තරු ඇස් වල ආලෝකය ඉක්මවා යන්නට තමාට හැකි නොවූ බවද, චරක සිහිපත් කලේය. ඉන් පසු තම ජීවිතයේ මහා ඉඩකට ඇයට රිංගා ගන්නට ඉඩ දී තමා නිසොල්මන් වූ බවද චරක සිහි කලේය. ජීවිතයට බොහෝ දේ ලැබෙද්දී, ඇය මඟ හැරී යද්දී, අත් හැරි යද්දී පවා ඇගේ නෙතු තමා මතම වූ බවද චරක සිහියට ගත්තේය. කිසිඳු පසුතැවීමක් නොපෙන්වාම, ජීවිතයම  තමා මතට අත් හැරි බව සිදිවෙද්දී චරක විහඟි වටා දෑතම යවා ඕ ගුලි කරගත්තාය. විහඟිද ඉතා පහසුවෙන් ගත අප්‍රාණිකව  යන්නට හැරියාය.

” පිස්සු ඇමතියෙක්ව කරගහගන්න වුනා කියලා පසුතැවෙනවාද ?…”

” මොනවාද මේ අහන්නේ දෙයියනේ?… රැජිණක් කැන්දන් එන්න තිබුණ ඔයාට, මං වගේ හිඟන්නියක් කැන්දන් එන්න වුනාට ඔයා පසුතැවෙන්නෝනා මිසක්, මම මොකටද දෙයියනේ පසුතැවෙන්නේ…. අයියේ… මං දන්නේ නෑ , මං උන්න තැන ගැන පවා නොහිතා මම ඇයි ඔයාට ආදරේ කලේ කියලා… පවුලක් හරියට නැති මම ඔයාලා වගේ පවුලකට කොහෙත්තම ගැලපෙන්නේ නෑ කියලා මට නොතේරුණා නෙවෙයි …. ඒත් ….”

චරක විහඟිව තමා වෙත හරවා ගත්තේය. ඔහු කෝප ගැනීම සෑහෙන්නම දුරට පාලනය කරගෙන උන්නේය. වසර පහකට පෙර කෝප ගත් තරමට වඩා දැන් ඉවසීම ප්‍රගුන කර ඇත. එහෙත් මේ මොහොතේ ඉවසීම වේගයෙන් ක්ෂය වෙන බව දැනෙයි.

“රිදෙනවා අයියේ …”

විහඟි සිහින් කෙඳිරිල්ලක් ලෙසින් පවසද්දී  පවා චරක ඇගේ බාහු ඉතා තදින් අල්ලා හිඳීමෙන් අත් නොහැර උන්නේය.

” කොච්චර මගෙන් පලිගන්නෝනිද නංගී ?…”

” ඇයි දෙයියනේ මෙහෙම අහන්නේ ?..”

” මතකද ? .. ඔයාගේ උපන්දිනයක් දවසේ, මම කෙල්ලෙක් එක්ක කාර් එකේ ඉඳලා ඔයාට මාට්ටු වෙච්ච දවස… එදා නේද මාව අතාරින්න තිබුනේ ?… ම්ම්ම් … ඔයාගේ උපන්දිනේ කියලා මතකවත් නැතිව, ඊට මාස දෙක තුනකට කලින් අඳුනගත්ත කෙල්ලෙක්ව ශොපින් එක්ක ගිහිල්ලා, තෑගි අරන් දුන්න චරකව එදා ඔයා අතාරින්න නේද තිබුනේ නංගී ?… මතකද කාර් එකේ පිටිපස්සෙන් නැගලා, මහ සද්දෙන් අඬ අඬා ඉඳලා, ඊට පස්සේ එක පාරටම කාර් එකෙන් බැහැලා යන්නම ගියා..  ආයේ සතියක් යනකල්, කොහේද ඉන්නේ කියලාවත් හොයාගන්න නොදී අතුරුදන් වෙලා හිටියේ …”

චරකගේ දෑස් තෙත්ව තිබුණි. විහඟි වේගයෙන් හුස්ම ගත්තාය. අතීතයේ ඇතැම් දවස් හුස්ම හිර කෙරූ  බව සිහිවීමම මෙතරම් වේදනාවක් නම්, ඒ වේදනාව තමා කෙලෙස දරාගත්තාදැයි, සිහිවීමම විහඟිගේ හුස්ම නවතා දමා තිබුණි.

” ඇයි නංගී ආයේ ආයේ මාවම තෝරගත්තේ ? … 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here