” ටෙහාන්ට ලැබුණු එක ෆොටෝ එකක් එයාට අයින් කරන්න බැරි වෙලා වෙන්න ඕනේ ටෙහාන්ගේ වයිෆ් උමායාට ලැබිලා තියනවා. එතකොට ඒ ෆොටෝ එකත් දැනට තියෙන්නේ මං ගාව. “
” ඉස්කෝලේ යන කාලේ ෆොටෝස් අපිටම එව එව අපිටම ත්‍රෙට් එකක් දෙන්න තරමට කවුද ඉන්නේ ?”
ටැමීගේ වචන වල තිබූ ඔහුගෙ ජවසම්පන්න බව සේම උස් හඬද අතුරුදහන් වී ගොස් ඇති අතර ඔහු හඬ පිට කළේද ඉතා සෙමිනි.
” ටෙහාන් , ක්‍රිශාන් , අසංග කෙසේ වෙතත් මයන් කියන්නේ ලේසියෙන් කාටවත් බයේ මැරෙන මිනිහෙක් නෙමෙයි “
ඔහු නැවත වතාවක් මිමිණුම් ස්වරයකින් එසේ පැවසුවේය.
” දැන් එතකොට මේ ත්‍රෙට් එක ඒ කාලේ අපි එක්ක හිටපු හැම එකාටම තියනවද ?”
එවර ඔහු හිස ඔසවා මනුහස් දෙස කෙලින් බලා ඇසුවේය. පිළිතුරක් දීමට පෙර දුම්වැටියේ තවත් උගුරක් උරා බිව් මනුහස් නැවතත් දුම් වළල්ලක් පිට කළේය. ඉන්පසුව සාක්කුවේ තිබූ ජංගම දුරකතනය අතට ගෙන ඒ මත දෑඟිලි එහා මෙහා යවා එය ටැමීට දිගු කළේය .
” ඔය ෆොටෝ එකේ ඉන්න නම දෙනාව ටැමී දන්නවනේ ?”
පෙර දිනක උමායා විසින් මනුහස්ට ලබා දුන් මරණයට පෙර ටෙහාන්ට ලැබී ඇතැයි සැක කළ තරුණ තරුණියන් නම දෙනෙකු පමණක් සිටිනා ජායාරූපය දෙස ටැමී මඳ වේලාවක් බලා සිටියේය.
ඉන්පසුව මනුහස් ඇසූ පැනයට ඔහු හිස සලා ඔව් යැයි පැවසුවේය .
” බොහෝ දුරට මේ ත්‍රෙට් එක තියෙන්නේ මේ නම දෙනාට වෙන්න පුලුවන් . මොකද ක්ලාස් එකේ හිටපු අනිත් අය වගේ නෙමෙයි මේ නම දෙනා ගොඩක් වෙලාවට ඉඳලා තියෙන්නේ එකට වගේම මේ වෙනකන් නැති උනු පස් දෙනාම ඔය නම දෙනා අතර ඉන්නවා. “
මනුහස් ටැමී දෙස එක දිගට බලා සිටියේය. ඔහුගේ උවනේ තෝරා බේරා ගත හැකි වගේම නොහැකි හැඟීම් සමුදායක් එහා මෙහා පැතිරෙමින් තිබුණේය.
” මං දන්න විදිහට ඉස්කෝලේ කාලෙන් පස්සෙත් මේ නම දෙනා තිබ්බ යාළු කම් අතෑරලා නෑ ?”
” ඔව්.. අපි ඊට පස්සෙත් සෑහෙන්න එකට හිටියා. මයන්ලගේ නයින් මවුන්ටන්ස් එක ඕපන් කරන දවස්වලත් අපි එහෙ ගියා. “
බොහෝ දුර කල්පනාවක ගැටී සිටි ටැමී එකී කල්පනාව අතරින්ම එසේ පවසා සිටි අතර මින් පෙර දැන නොසිටි කාරණාවක් ඔහුගේ මුවින් පිටවීමත් සමඟ මනුහස් සිහින් කළ දෑසින් ඔහු දෙස සුපරික්ෂාකාරීව බලා සිටියේය.
” නයින් මවුන්ටන්ස් ඕපන් එකට …?”
” ආ.. ?”
මනුහස්ගේ පැනය හමුවේ තිගැස්සී ගිය ටැමී එක් වරම ඔහු දෙස බලා වේගයෙන් ඇසි පිය සැලුවේය.
” මොකද්ද බොස් ?”
” මං ඇහුවේ නයින් මවුන්ටන්ස් එකේ ඕපන් එක දවසේ කවුද ගියේ කියලා ?”
මෙතෙක් වේලා ඉවත බලා සිටි නෙත්‍යාද හිස හරවා ටැමී දෙස බලා සිටියාය.
” නයින් මවුන්ටන්ස් එක ඕපන් කළේ අපි ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුදු දෙකකට වගේ පස්සේ. ඒකට අපි නම දෙනාටම මයන්ගෙන් ඉන්විටේශන් ඇවිත් තිබ්බා. අපි හැමෝම එහෙ ගිහින් ආවා. “
” ඊට පස්සේ…?”
” ඊට පස්සේ ආයෙමත් කාලෙකට අපි සෙට් උන්නෑ. ජෙසිකා ඒ කාලේම වගේ රට ගියා. මයනුත් බිස්නස් වලට සම්බන්ධ වෙච්ච නිසා ඌව අල්ල ගන්න ගොඩක් අමාරු උනා. ඒ අතරෙ මයන් නිතර නිතර රටින් පිට ගියා. ටෙහාන් කැම්පස් ගියා. ක්‍රිශාන් අනුරාධපුරේ ගියා. සුදේශුත් ලංකාවේ නෙමෙයි හිටියේ. වෙඩින් වලදි , පාටි වලදි අපි සෙට් උනත් අපි නම දෙනාම එකට සෙට් උනා අඩුයි මේ ලඟක් වෙනකන් . “
” ලඟක් වෙනකන් කිව්වේ ?”
මනුහස් ටැමීගේ මුවින් පිටවෙන සෑම වචනයක් පිළබඳවම කල්පනාකාරීවී සිටියේය.
” අවුරුදු තුනකට විතර කලින් ජෙසී ලංකාවට ආපු වෙලාවේ අපි සෙට් එක ආයේ සෙට් උනා. “
” ඒ කොහෙදිද ?”
” මෙහෙදිමයි. මේ ක්ලබ් එකේදිමයි. ජෙසීට ඕන වෙලා තිබ්බා අපි නම දෙනාට ට්‍රීට් එකක් දෙන්න. හැබැයි අන්තිමට මයන් ජෙසීගෙන් සත පහක්වත් ගත්තේ නෑ. ඒ අතින් මයන් හොඳ එකා. අපි නම දෙනා කොහෙට කොහොම විසිරිලා වගේ හිටියත් මයන් හැම වෙලාවෙම හැමෝම ගැන හෙව්වා. බැලුවා. “
ටැමී එසේ පවසා දිගු සුසුමක් හෙළුවේය.
” ක්‍රිශාන්ගේ ගෙස්ට් හවුස් එකටත් සෑහෙන්න උදව් කළේ මයන් කියලා මට උමායා කිව්වා. “
” ඔව්.. ඒ ගෙස්ට් හවුස් එක කරගෙන ගියේ ක්‍රිශාන්ගේ තාත්තා. කිසිම දියුණුවක් තිබ්බෙ නෑ. යන්නන් වාලේ ඔහේ ඇදගෙන ගියා. මයන් තමා මැදිහත් වෙලා ක්‍රිශාන්ට ඒක නග්ගලා ගන්න සපෝට් එක දුන්නේ . “
” ටැමී ක්‍රිශාන්ගේ ගෙස්ට් හවුස් එකට ගිහින් තියනවද ?”
” අපෝ ඔව්.. කීප සැරයක්ම. මං , මයන් , අසංග අපි පුලුවන් හැම වෙලේම අනුරාධපුරේ ගියා. ඒ වගේම නයින් මවුන්ටන්ස් එකටත් . අන්තිමටම අපි තුන්දෙනා එකට අනුරාධපුරේ ගියේ අර මෙහෙ කොරෝනා පටන් ගත්තු කාලේ. ඒ ඉඳලා ආවට පස්සේ රටත් වැටුණනේ. කොරෝනා ආවා , අරගල ආවා. මටත් යන එන මං නැති වෙලා හිටියේ. එතකොට තමයි මයන් මට කතා කරලා මෙතන බලා ගන්න කිව්වේ. ආ.. මට කියන්න අමතක උනා.. ඔය නයින් මවුන්ටන්ස් හොටෙල් එකට නම දැම්මෙත් මයන්. ඒක හරි ලස්සන කතාවක්. මයන්ගේ තාත්තට හොටෙල් එකට මවුන්ටන්ස් කියන වචනෙට සම්බන්ධ කරලා නමක් දාන්න ඕනේ කිව්වා. ඒ වෙලාවේ මයන් කිව්වේ මට හොඳම යාලුවෝ අට දෙනෙක් ඉන්නවා. මාත් එක්ක නමයයි . ඒ නිසා නයින් මවුන්ටන්ස් කියන එක දාන්න කියලා. “
මනුහස් දෑස ඔසවා නෙත්‍යා දෙස බැලුවේය. මින් පෙර එවැනි කතාවක් අසා නොසිටි නෙත්‍යා පුදුමයෙන් ටැමී දෙස බලා සිටියාය.
” නංගි ඒ කතාව අහලා නැද්ද ?”
ටැමී ඇසූ ප්‍රශ්නයට හිස සළා යලිත් ඈ නැත ලෙසට හිස සෙලවුවාය.
” ඌ හොඳ එකා. ඌ විතරක් නෙමෙයි අනිත් උනුත් එහෙමයි. මට හිතාගන්න බෑ මුං ඔක්කොම මොන හු#%&#&& ට බය වෙලා මැරිලා ගියාද කියලා ?”
ටැමී හදවත තුළින් නැඟී ආ වේදනාව කෝපයක් ලෙස එලෙස පිට කළද ඒ සැණින් වහා හැරී නෙත්‍යා දෙස බැලුවේය.
” සොරි නංගි.. මට මේ අහන දේවල් දරාගන්න බෑ. “
නෙත්‍යා නිහඬවම හිස බිමට බර කරගෙන සිටියා විනා කිසිවක් නොපැවසුවාය.
” මං හිතුවා මට ටැමීගෙන්වත් මොකක් හරි හෝඩුවාවක් ගන්න පුලුවන් වෙයි කියලා ? ”
මනුහස්ගේ කටහඬෙහි බලාපොරොත්තු බිඳ වැටීමේ ස්වරයක් කැටිවී තිබුණේය .
” එහෙම දෙයක් මං දැනන් හිටියානං අපේ උන්ට මෙච්චර දෙයක් වෙන්නෑ.. “
ටැමීගේ අත මිට මෙළවී තිබූ අතර මනුහස් විසල් සුසුමක් හෙළා හිඳ සිටි සෝෆාවෙන් නැඟිට්ටේය.
” බොස් නැඟිට්ටේ ..?”
ටැමීද වහා හිඳ උන් සෝෆාවෙන් නැඟී සිටියේය.
” පරක්කු උනා. මං හෙට උදේ ඩියුටි. “
” වෙච්ච දේවල් වලට සොරි වෙන්න ඕනේ බොස්. අපේ උන් දන්නෑනේ බොස් මයන්ගේ එකෙක් කියලා. “
” ඒකේ අවුලක් නෑ. මීට වඩා පාරවල් මං කාලා තියනවා. “
නෙත්‍යාගේ තිගැස්සුණු දෑස මනුහස් වෙත වහා විතැන් වූ අතර ඔහු ඇස් කොනින් එය දුටුවේය.
” මොනවමහරි දෙයක් තිබ්බොත් මට දැනුම් දෙන්න ඕනේ ටැමී. කිසිම දෙයක් පොඩියි, වැඩක් නෑ කියලා අතෑරලා දාන්න එපා. අපිට බෑ තවත් එක ජීවිතයක්වත් මේ විදිහට නැති වෙලා යනවා බලන් ඉන්න. “
” මට තේරුං ගන්න පුලුවන් බොස්. මගෙන් තව වෙන්න ඕන මොනාහරි තියනවද ?”
” ම්ම්.. තව එක දෙයක් තියනවා. මේ නම දෙනාගෙන් දැන් ඉන්නේ මිනිස්ටර් පළිහවඩනගේ පුතා , ටැමී , අයේෂා එක්ක ජෙසිකා. හරි හැටි එවිඩන්ස් නැති නිසා වගේම මේකට සම්බන්ධ කීප දෙනෙක්ම වීඅයිපී අය නිසා මේ කරන ඉන්වෙස්ටිගේශන් අපිට එළිපිට කරන්න බෑ. එහෙම එළිපිට කළානං ටැමියි , මායි හම්බවෙන්නෙත් මේ විදිහට නෙමෙයි . කෝමහරි අපි දැනුවත් කරනවට වඩා මං හිතනවා හොඳම යාලුවෙක් විදිහට ටැමී කියන දේ අනිත් තුන් දෙනා අහයි. ඒ නිසා එයාලටත් මේ ගැන දැනුම් දෙන්න . වැඩි සද්ධ බද්ධයක් නැතුව . “
” ඕකේ බොස්. මට බොස් කියන එක තේරෙනවා. “
” කොහොමත් අපි මේකේ මිනිස්ටර් පළිහවඩනගේ පුතාත් ඉන්න නිසා , මං හිතන්නේ එන ඉලෙක්ශන් එකට මිනිහත් ඉදිරිපත් වෙලා ඉන්න නිසා….”
” ඔව්.. ඔව්.. නදීල් ජන්දෙට ඉල්ලනවා. ලබන මාසේ ඉඳන් මටත් වෙන ගමන් දාගන්න එපා කියලා දවස් කීපෙකට කලින් කතා කරලා කිව්වා. “
” හ්ම්ම්… ඒක හරි. ඒ නිසා අපි මීට වඩා පරිස්සම් වෙන්න ඕනේ.. අපි පෞද්ගලිකව නදීල් පළිහවඩනව මීට් වෙන්න හිතන් ඉන්නවා. ඒ අතරේ මට තව දැනගන්න ඕනේ අයේෂාව මුණ ගැහෙන ක්‍රමයක්. “
ටැමී හිස සලමින් මනුහස් පවසන දෑට එකඟ වෙමින් සිටි අතර ඔහු අවසන් වරට පැවසූ කාරණය හමුවේ හිස හරවා නෙත්‍යා දෙස බැලුවේය .
” අයේෂා ගැන බය වෙන්න දෙයක් නෑ. ඒකි තාම ඉන්නේ නදීල් එක්කම තමා. “
” ඔය අයේෂා කියන්නේ මිස්ටර් පළිහවඩනගේ එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් නේද ?”
” එක්ස් වෙන්න ඉතිං ඒක නතර වෙන්න එපැයි. ඒක නතර උන්නෑ. ඌ අර විද්‍යාපතිරණ ඇමතිගෙ දුවව බැඳලා දැන් ළමයි දෙන්නෙකුත් හිටියට අයේෂාවත් පැත්තකින් තියාගෙන ඉන්නේ..”
” බලන් ගියාම අපිට තමයි පැත්තකින් තියාගන්නවත් එකක් නැත්තේ ”
මනුහස් එසේ පවසා තුවාල වූ තොල් පට මහපටැඟිල්ලෙන් පිරිමදිනාතුර නැවතත් නෙත්‍යා දෙස යටැසින්


