“නෙත් රූ චායා” ස්ටුඩියෝව සුබ නැකතින් විවෘත විය. චායාගේ දේශපාලන හිතවත්කම් නිසා ස්ටුඩියෝව තූල මෙන්ම පිටතද සෑහෙන්නම පිරිසක් විය. එහෙත් චායාගේ දෑස් සොයමින් උන්නේ හිත පිරෙන අන් කෙනෙකි.
ඕ කිහිප වතාවක්ම ඒ රුව සොයාගනු වස් ස්ටුඩියෝවෙන් පිටතටද එබී බැලුවාය. එහෙත් ඔහු උන්නේ නැත.
” සස්මිත ටිකකට ඇතුලට එන්න බැරිද ?..”
ඕ අවසානයේ පණිවිඩයක් යැව්වාය. තත්පර කිහිපයක පමාවෙන් පිළිතුරු ලැබුණි.
” දැන් මම ඇතුලට එන එක හොඳ නෑ මැණිකේ .. අයියා මට කිව්වේ වාහනේ ඉන්න කියලා නේ .. මම පාර්ක් කරන් ඉන්නේත් කූල් ප්ලැනට් එක ඉස්සරහ … මම ආවා නාවා කියලා නෑ මගේ රත්තරන්, ඔයාට හරියන්න මම ඔයා පස්සෙන්ම ඉන්නවානේ.ඔයා දිනන්න මැණිකේ .. මම බලාගෙන ඉන්නම් .. මට එවන්න බලන්න තව හිනා වෙලා ඉන්න මූණක් ..”
චායා පසෙකට වී සේයාරුවක් ගෙන සස්මිතට යොමු කලාය. විහඟි ඕ අසලට ආවාය.
” ඔච්චර පැණි හලන්න එපා යකො… වටේ ඉන්න මිනිස්සුන්ට තේරෙනවා ඔව්වා… අනෙක අයියාට මාට්ටු වේවි .. අරූ නැති තැන මෙහෙම පැණිය නම්, ඌ මේ අහලක හිටියා නම් කොහොමට තියේද ?..”
චායා විහගිට විරිත්තුවාය.
” සන්තෝසයි චායා … මේ හීනේ කොච්චරක් පරණද කියලා දන්නේ මම … “
” උඹ නොහිටින්න, සස්මිතට අද මගේ සොහොනට මල් තියන්නයි වෙන්නේ විහඟි …”
චායාගේ නෙත් තෙත්ව ගොස් තිබුණි. විහඟිද ඒ කතාවට එකඟවන බව පෙන්වමින් නිහඬව උන්නාය.
” උඹව අල්ලගෙන උන්නා තමා මම .. ඒත් මේක කලේ උඹ … අයියාව මේ දුරකට උස්සන් ආවේ උඹ … උඹ හයිය කෙල්ලෙක් …”
චායා කඳුලු පිසලා ගත්තාය.
” වෙයිද නැද්ද මන්දා.. දැනටම ඇඩ්වාන්ස් එක්කම බුකින් විසි අටක් තියෙනවා… ඇඩ්වාන්ස් නැතිව තිස් ගානක් ..”
” ආවු ඉතින් .. මටත් මෙතන ජොබක් දෙන්න …”
චායා විහඟිව වැලඳගත්තාය. අම්මාගේ සහ තාත්තාගේ සිනහ මුසු මුහුණු ඇයට පෙනෙයි. ඔවුන්ට අවැසි වූයේ තම ජීවිතය මෙවන් සැහැල්ලුවක වෙලෙන්නටය. අයියාද සිටින්නේ සැහැල්ලු කතාබස් සමඟය.
” මම එහෙනම් යනවා.. අම්මලා එක්ක පරෙස්සමට යන්න ඔයා … නංගී හවස් වෙනකල් ඉන්නවානේ… මම එන්නම් ගන්න …”
චරක සමුදෙද්දී චායාගේ හදවත රිදුණි. සස්මිත දකින්නට අවස්තාවක් නොලැබේ. චරක නික්මයෑමෙන් පසුවද ස්ටුඩියෝව තුල පිරිස අඩු වූයේ නැත. සියලු දෙනා චායාට සුබ පතමින් මෙම තීරණය පිළිබඳව විමසමින් කතා බහ කලහ.
” හැබැයි ඉතින් චරක ඇමතිතුමාගේ සෙකට්‍රි මෙච්චර ආර්ටිස්ටික් කියලා ඇමතිතුමාවත් දැනගෙන ඉන්න නැතුව ඇති..”
“මොකෝ නොදන්නේ.. නංගී වැඩකාරයා කියලා දන්න නිසා තමයි, එක්ස්පීරියස්න් පැත්තකට දාලා නංගිව සෙකට්‍රි කරගත්තේ … “
” ඒක හරි … ලේසියෙන් ගහන්න පුලුවන් මැච්ද ගොඩ දැම්මේ ඇමතිතුමා. ඒ ඔක්කොම දේවල් පස්සේ ඉන්නේ ඉතින් චායා නේ ..”
චායා ඒ සියල්ලටම සන්සුන් සිනහවන් පෑවාය.
එදින සවස් වන තුරුම ස්ටුඩියෝව තුල වූයෙ උත්සව සිරියමය.
චරක චායා කැටුව යන්නට පැමිනියේ සවස හත පසුවීය.
” දැන් ඔයා ඩ්‍රයිවර් කෙනෙක් ගන්න ඕනි නංගී .. එහෙම නැත්නම් ලයිසන් ගන්න ඕනි .”
චරක යන මඟදී එක්වරම පවසද්දී, සස්මිත ඉදිරි කණ්ණාඩියෙන් චායා දෙස බැලුවේය. ඕ උන්නේද යන්තමින් ඇස් රඳවාගෙනය.
” නංගී … ඇහුනාද ?..”
” ඔව් ..ඇහුණා ..”
” ඒක හොයලා බලලා සෙට් කරගන්න ඉතින් … දැන් ඔය අපොයිමන්ට් බුක් වෙච්ච එව්වා පටන් ගන්න ඕනිනේ …. “
” මට සස්මිතව දීලා, අයියා මිනිස්ට්‍රි එකේ ඩ්‍රයිවර් කෙනෙක් ගන්නකෝ එහෙනම් .. දැන් සස්මිතව දන්නවානේ අපි ..”
චායා කිසිඳු වගක් නැතිවා සේ පැවසුවාය. සස්මිතගේ හද ගැස්ම ඉතා වේගයෙන් විය. ඔහු චරක දෙස බැලුවේ හෝ නැත.
” ඌ දෙන්න බෑ ….”
චරක එක්වරම පැවසුවේ, සස්මිත සමඟ වැඩකටයුතු සැබැවින්ම පහසු බව ගෙවුන කෙටි කාලය තුල වටහාගෙන උන් නිසාය.
” හරි ඉතින් .. බෑ නම් එපා … මට අඳුනන්නේ නැති මනුස්සයෙක් එක්ක එහෙම එහෙ මෙහෙ යන්න බෑනේ… මම හෙල ගෝ ම යනවා… දුරක යනන් සෙට් වුනොත් ට්‍රාන්ස්පෝර්ට් ඉල්ලනවා මම …”
චායා එවර යම් කෝපයක්ද සමඟ, හිතෙහි වූ තිගැස්මද සඟවාගෙන කීවාය. චරක සිනාසුණේය.
” හරි හරි … මැනේජ් කරගෙන වැඩේ කරමු … එහෙම දුර යන්න සෙට් වෙන දවස් වලට සස්මිත එක්ක යන්න පුලුවන් නේ….”
” නෑ නෑ ..ඕන් නෑ … “
චායා යටි හිත තුළට වැටෙන සිනහ මල් සඟවාගෙනම කීවේ චරකා හා අමනාපයම පෙන්වමින් ය. චරක සිනාසී සස්මිත දෙස බලද්දී, සස්මිතද චරක දෙස බලමින් ව්‍යාජ සිනහවක් පෑවේය.
” යකෝ .. මේ මේ ආණ්ඩුවේ ස්පෝර්ට්ස් මිනිස්ටර්ගේ නිළ රතාචාර්ය .. එහෙම මේ හොටු කෙල්ලනේ පොඩි පොඩි වැඩවලට දෙන්න පුලුවන්ද ?/…”
චරක චායාව තවත් අවුස්සවාගන්නට උත්සාහ කරමින් කීවේය . චායා කලේ නිහඬව සිටීමය.
” අනෙක , මේ පර්සනල් බිස්නස් වලට මිනිස්ට්‍රි එකේ කෝටා එකෙන් තෙල් ගහගෙන එහෙ මෙහෙ යන එක කොහොමටවත් ඇපෲ කරන්න බෑනේ .. මිනිස්සු වුනත් මොනවා හිතාවිද //?… ඒක මටත් හරි නෑ .. ඒ හින්දා ඉතින් ඒ ගමන් බිමන් අඩුවෙන්ම තියාගන්න එක තමයි හොඳ .. දැන් ඔයා තනි බිස්නස් ඕනර් කෙනෙක් නේ .. එතකොට ඉතින් තමන් වග වෙන්න ඕනි තමන්ගේ වැඩ වලට … ඒක තමා විදිය …”
චායා දැන් පුපුරාවි යැයි සස්මිතට සිතුණි. එහෙත් ඔහු ඕ දෙස බැලුවේ හෝ නැත. එක්වරම ඇගේ හඬ ඇසුණි.
නිවසට කිලොමිටර් පහක පමන දුරක් වන්නට ඇත.
” සස්ම්ත වාහනේ නවත්තන්න ..”
සස්මිත චරක දෙසද ඇය දෙසද බලා වාහනය නොනවත්වාම ධාවනය කලේය. චරකද එලෙස කරන මෙන් සස්මිතට ඉඟි කලේය.
එහෙත් ඊලඟ විනාඩිය අතිශය භයංකර විය. චායා පිටුපස දොර විවෘත කරගන්නට යන වගක් පෙන්වූවාය. සස්මිත වහා කැබ් රිය පසෙකට කර නැවැත්වූයේය. චරක පිටුපස හැරී බලා, වහා රියෙන් බැස පිටුපස අසුනට ගොඩ ව චායාව තමා වෙත නතු කරගත්තාය.
සස්මිතද ආපසු හැරී බලා උන්නේ කුමක් කරන්නටදැයි සිතාගන්නට නොහැකිව සහ චායා තමා වෙත් අනතු කරගන්නට නොහැකිවීමේ කණසල්ලද සමඟය.
” නංගී ……..”


