අංගාර – 42

0
78

” මං මුකුත්ම කරලා නෑනේ  ඔයාට ..මං ඔයාට දේවල් කලේ මිනිස්සු කියන, හිතන එව්වා කන්සර්න් කර කරනේ ?… . ඔයා කියන්නේ. ඔයාට මාව කරදරයක් නම් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න .. මට පුලුවන් වග වෙන්න මගේ වැඩ වලට .. කරලා කියවනවා කියන්නේපා… මම කරපුවා  මට වටින නිසයි කිව්වේ …. ආයේ මාව නලවන්න ඕනි නෑ බොරුවට .. මට තේරෙනවා ඔක්කොමලාගේ  ව්දිය .. කෝ මට යන්න දෙන්න .. “

” නංගී ..ප්ලීස් ..”

චරක චායාව ඉතා තදින් වැළඳගත්තේය. ඇය ගේ වචන වලින් තමා මිය යාවියැයි චරකට බියක් දැනුණි. ඔහු ඇගේ හිස සිප ගත්තේය.  ඇය එතැනින් ඒ කතා බහ නවතනවානම් සිතුණි. එහෙත්, එය පවසා ගන්නට හැකි වූයේ නැත.

” යන්න දෙන්න.. මාව අතාරින්න ..”

සස්මිතද චායාගේ හදිසි ආවේගය වටහා ගන්නට සහ ඇය සන්සු කරවාගන්නට නොහැකිව බලා උන්නේය. ඇය කෝප ගත්තේ එවැනි කෝපයක් පෙන්විය යුතු දෙයකට නොවේය. චරක පැවසූ සියල්ල පැවසූයේ ඇය අවුස්සවාගන්නට මිසෙක, මෙතරමින් කෝපයකින් පිළිස්සෙන්නට නොවේය.

” නංගී . මාව මැරෙයි ඕයි … ආයේ මුකුත් කියන්නෙපා …”

චරකගේ හඬ බිඳී ගොස් ඇති බව වැටහෙද්දී සස්මිත චායාගේ ඇස් අල්ලා ගන්නටම වෑයම් කලේය.  චරක ඒ වදන් පවසා ගත්තේ ඉතා අසීරුවෙනි. උගුරේ වචන සිරවී ඇති බව දැනෙද්දීය.

ප්‍රතිචාර දැක්වූ වේගය වැඩි බව වැටහෙද්දී, චායාට  සන්සුන් බව පෙන්වීම හැර අනෙකක් ඉතිරිව තිබුනේ නැත. අයියාගේ හද ගැස්ම වේගයෙන් බව වැටහෙද්දී චායා සස්මිත  දෙස බැලුවාය. ඔහුගේ ඇස් වල වූයේද බලාපොරොත්තු බිඳුණු බවකි. සස්මිත සිටින්නේ කළකිරීමෙන්දැයි චායා එක්වරම සිතුවාය. තමා කෝප ගත්තේ ඇයිදැයි චායාටද  හරි පැහැදිලී කිරීමක් තිබුනේ නැත.

” අයියේ .. අයියේ ..අනේ අඬන්නෙපා …”


 චායා එලෙස කීවේ චරකගේ කදුළු වැනි සිසිලසක්, තම අත්ල මතට දැනෙන්නට ගත් පසුවය.

ඊළඟ  තත්පරයේ චරක සැබැවින්ම හඬා වැටෙන්නට පටන් ගත්තේය. සස්මිත වාහනයෙන් බැස චරක උන් පසින් දොර විවෘත කරගෙන චරක අසලින් සිට ගත්තේය.

” සර් ..  එලියට බහින්න පොඩ්ඩක් .. එන්න … මෙහෙන් එන්න .”

චරක වහා සස්මිතට එකඟවී  කැබ් රියෙන් පිටතට බැස්සේය. ඔහුට අවැසි වූයේ අඳුරට මුහු වෙන්නටය. චායාද ඔහු පසුපසින්ම බසින්නට උත්සාහ  කලේ හඬමින්මය. එහෙත් සස්මිත ඇගේ අතින් අල්ලා උන් ලෙසින්ම ඉන්නා ලෙස සන් කලේය. චායා ඇයටද පැමිණීමට අවශ්‍ය බව හිස පසෙකට ඇල කර කීවාය. එහෙත් සස්මිතගෙන් ලැබුනේ තරවටු  බැල්මක් ය. ඕ එලෙසම රැඳුණාය.

සස්මිත චරක වෙත වාහනයේ තිබූ වතුර බෝතලය පෑවේය.  චරක බෝතලයෙන් අඩක් හිස් කර, ඉතිරිය මුහුණ තෙමී යන සේ වත් කරගත්තේය. සුදු කමිසයේ ඉදිරිපස සම්පූර්ණයෙන්ම තෙමී  ගියේය. ජීවිතය දිඅය්වී ගිය බව චරකට හැඟෙන්නට ගෙන තිබුණි.  සස්මිත ඔහුට ඉඩ දී පසෙකින් සිටගෙන උන්නේ චායා පිළිබඳවද අවධානය රඳවා ගනිමින් ය. ඒ අයියා සහ නංගී අතරේ හුවමාරු වූ වචන නිසා වඩාත් රිදුනේ චරකට  බව වැටහේ. එහෙත්, චායාගේ සිත රිදවිය නොහැක.

” සර් .. “


” මේ මොන දේකින්වත් මට සැනසීමක් නැති වෙන්න එක හේතුවක් ඔය බං .. අද වගේම, කොයිම හරි තැනකදී , නොහිතන වෙලාවක ඔය වචන එලියට එන බව දන්නවා.. මිනිස්සු කොච්චර කතා කිව්වත් මම ගනන් ගන්න මිනිහෙක් නෙවෙයි බං ….ඒ වුනාට , ඒකි .. මගේ නංගිම මාව ප්‍රශ්න කරනෙක ?..ඒකත් එහෙම කඩු පාරවල් වලින් … මං … මං .. සමහර වෙලාවට හිතනවා බං .. මං ලෝකෙට බණ කිව්වට, මගේ ජීවිතේ ඇතුලේ මම මාර ෆේල් මිනිහෙක් කියලා… මුල ඉඳන්ම . මම කාගේ හරි කර පිටින් ගොඩ ගියේ බං … ඒවා කිසිම කෙනෙක්  නොදන්නව වුනාට, මම දන්නවා බං ඒක ….. එක අතකට නංගි හරි බං .. වතාවක් මම  ඇහැටවත් දැකපු එකෙක් පිටින් ගොඩ ගියා… ඉන් පස්සේ … නංගී …නේ බං ?… ඇත්තනෙ බං … මං ඒකිගේ කර පිටින් ගොඩ ගියේ.. විහඟි මාව අල්ලන් උන්න නිසා මම ගොඩ ගියේ .. විහඟි මගේ ජීවිතේට ඒකිගේ ජීවිතේ හිලව් කලා බං .. මං දරුවා නැති කරන්න කිව්වම, මාව අතෑරලා හැංගිලා යන්නම ගියා එක වචනයක් නොකියා… මේ සුදු ඇඳුම්වලට යටින් ඉන්න මිනිහා කොච්චර කලු පාට එකෙක්ද කියලා පේනවාද  බං ?.. ..”

” සර් ..”

” උඹ මේ කතා දන්නේ නෑ බං ..උඹ දැනගත්ත දාක උඹත් මගෙන් අහවි… අවුරුදු දොළහක් ඒකිගේ ජීවිතෙන් හොරකම් කරාට පස්සේ ඔය මොක කිව්වත් වැඩක් තියෙද කියලා.. මං නොදන්න මිනිහෙක්ගේ ජීවිතේ විනාස කරන්න මට තිබුණ අයිතිය මොකක්ද කියලා … මම ට්‍රයි නොකලා නෙවෙයි බං …. නංගිව පොලිටික්ස් වලින් ඈත් කරලා, එයා ආස කල ජීවිතේ තියන්න මම සෑහෙන්න උත්සාහ කලා.. ඒත් ආයෙම මොකක්ම හරි දේකින් එයා ඒකෙම රැඳුනා.. මට එයාව ඒ තැන් වලදී නවත්තන්න පුලුවන් වුනේ නැහැ .. එයාව මට ඒ ඒ තැන් වලදි හයියක් වුනා .. මං … විහඟිව ඈතින් තියන්න මම ට්‍රයි නොකලා නෙවි ..ඒත් මම මොන විදියෙන්  වුනත් .. විහඟි මාව තෝරගත්තා …  උඹට මෙව්වා කියලා .. ශිට් ..”

චරක ගැඹුරු වචන වලට මාරු වූයේය. හුස්මක් හෙලුවේය.

” ස ර් .. ඔහොම හිතනන් එපා සර් .. ස‍ර්.. අනෙක ඔය කතා මට එහෙම කියන්නත් එපා .. මම සර්ගේ ඩ්‍රයිවර් නේ ස ර්….”

” වෙන කොහොම හිතන්නද බං ..උඹට නොකියන්න තව මොනවාද බං ඉතුරු … ?.. පිට මිනිහෙක් වුන උඹ ඉස්සරහ මට එහෙම කෑ  ගහන්න, නංගිගෙ හිතේ මගේ ගැන තියෙන ආවේගේ කොහොම වෙන්නෝනිද හිතපංකො…..”

” සර් .. ඒක විහිලුවක් විදියට අරගෙන අතෑරෙන්න ඕනි කතාවක් සර් … මිස් .. කලබලෙන් උන්න නිසා කියවෙන්න ඇත්තේ..”

” නංගි ඒ කිව්වෙ සස්මිත, එයාගේ හිතේ තියෙන ඇත්තම දේ …”

” සර් … අපි ගෙදර යමු ..”

” උඹ නංගිව ගෙදරින් දාලා ආයේ වරෙං.. ,මම ඉස්සරහ  අර කොෆී ශොප් එකෙන් ඉන්නම් ..”

” සර් .. මෙවෙලේ නෙවෙයි සර් ..”

” උඹ කියපු එක කරපංකෝ .. යමං .. ගිහිල්ලා වරෙං .. මම ඉන්නවා …………ඉන්නවා බං …”

චරක සස්මිතව වාහනය වෙතට තල්ලු කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here