අංගාර – 45

0
511

විහඟිගේ කුස මෝරා එමින් තිබුණි. චරක අමුතුම වගකීම් සහගත අයෙකු බවට පෙරලෙමින් උන්නේය.

” ඩොක්ටර් මට බබාගේ හාර්ට් බීට් එක අහන්න දුන්නා අම්මේ.. මට තේරෙන්නේ නෑ ඒක …  මම කොච්චර පවුකාර ම්නිහෙක් වෙන්නද ගියේ කියලා හිතෙන එක ආයෙම මට හිතාගන්න බැහැ අම්මේ….  විහඟි හිතේ හයියෙන් මාව දාලා නොයන්න, දරුවාව එයාගේ හයියෙන් හදා ගන්නවා කියලා තීරණය නොකරන්න .. මට ඒ සද්දේ අහන්න වෙන්නේ නෑනේ අම්මේ.. හිතාගන්න බැහැ මට …. නංගි හිතුවක්කාර වෙලා මා එක්ක හැප්පිලා අරගල නොකරන්න , මොකක් වේවිද අම්මේ ….  මගේ දරුවාව , දැන්ම මට බරක් කියලා හිතන්නවත් මට පුලුවන් වුනේ කොහොමද ?.. මගේ පපුව රිදෙනවා අම්මේ.. හවස මීටින් එකත් කැන්සල් කරලා මම  ආවේ.. මට විහඟිගේ මූණ බලන්න බෑ ..”

චරක මුලුතැන්ගෙයි වූ අසුනක හිඳගෙන කීවේ වතුර බෝතලයක් එක හුස්මට අවසන් කරමිනි.

” ආයේ ආයෙම පසුතැවි තැවි විඳවන්නෙපා පුතේ .. වරදක් කරන්න ගියා .. ඒක හරි ..  එළිය නොදැක්ක කිරිසප්පයෙක්ගේ ජීවිතෙ නිස්කාරණේ විනාස කරන්න හිතූ එකම පාප කර්මයක් තමයි .. ඒත් ඒ සිතුවිල්ල නැඟුණු එක නැහැ කියන්න බැහැනේ.. හැබැයි පුතේ .. ඔයා ඒ සිතුවිල්ල යටපත් කරගෙන , අනෙක් හැමදේම අතෑරලා විහඟිව ඔයා ළඟට ගත්තානේ… ඔයා එයාට ඇති තරම් ආදරේ කරනවානේ.. රැක බලා ගන්නවානේ ..  එයාගේ ජීවිතේ හැමදේම ඔයා පුතේ දෙනවානේ… හිතින්වත් වරදක් කරන්නේ නැහැනේ…”

” මට තේරෙනවා අම්මේ ඔය කතා ..ඒත් ..”

“ආයේ ඒත් කියන්න එපා අයියේ .. ඔයාට මම කොයි තරම් නම් කියලා තියෙනවාද ?… ඇයි ආයේ ආයේ ඔහොම විඳවන්නේ.. මම අතීතේ කර උඩ තියන් ඉන්න කෙනෙක් නෙවි කියලා ඔයා දන්නවා අයියේ ..කොටින්ම මම  ප්‍රෙග්නන්ට් කියලා ඔයාට කීව දවසේ ඔයාගේ රිඇක්ශන් එකවත් මට මතක නෑ … මම ඒවා මතක තියාගන්නේ නෑ … මට එව්වා ඕනි නෑ.. හැබැයි එදා ඔයා අගුණකොලපැලැස්සේ ඇවිල්ලා, මට කීව හැම වචනයක්ම මට මතකයි .. එදා ඔයා මාව බාඳාගත්ත විදිය මට දැනෙනවා… ඒ සතුට මම ආයේ ආයෙම විඳිනවා… මම එහෙම නම්, ඇයි ඔයාට බැරි ?.. අතීතේ මතක් කර කර, ඒ කුණු ආයේ ආයෙම අවුස්ස අවුස්ස ඔයා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ ?…  අපි සතුටෙන් ඉන්නෝන හැමදවසකම ඔයා දුක තෝරගන්නවා අයියේ ..”

විහඟි උස් හඬින් , රණ්ඩු වෙමින් මෙන් විමසද්දී චරකගේ මව චරකට දෙතොල පටලවා සන් කර පිටව ගියාය. චරක විහඟිගේ අතින් ඇද  ඇයව තමාව තමා අසලට ලං කරගත්තාය.

” කකුල් රිදෙනවාද මැණිකේට ?..”

” ම්හ් .. හිත රිදෙන්නේ..”

විහඟි කෝපය සඟවාගෙන මෙන් කීවාය. චරක විහඟිගේ අතේ යන්තමින් එල්ලි නැගිට්ටේය. ඇයව ඉදිරියට වන සේ තල්ලු කරගෙන තම කාමරය වෙත ගියේය. විහඟි කුසට අත තබා ගත්තාය. පසුව චරක සයනයේ හිඳ ගත්තේය.

” මට ආයෙඅ අහන්නෝනා…”

චරක පොඩි එකෙකු මෙන් ඉල්ලුවේය. විහගි චරක ගේ ඉදිරියෙන් වන ස්ව්ව්  සිට ගත්තාය. චරක ඇගේ කුසට ලංව සවන තබා ගත්තේය.

” ඔහොම ඇහෙන්නේ නෑ .. අත තියලා කතා කරන්න .. එයා සිග්නල් දාවි..”

විහඟි චරකගේ හිස පිරිමැද්දේය.

චායාගේ ස්ටුඩියෝවේ කටයුතු ඉතා වේගයෙන් ඉදිරියට යමින් තිබුණි. ඕ බොහෝ අවස්තාවලදි කුලී රත වල සහාය ලබාගෙන කටයුතු සඳහා යොමු කලාය. කොළඹින් පිට යෑමට සිදුවන අවස්තා දෙකක පමණක් සස්මිත ඇය කැටුව ගියේය.

” අද අපි ඉඳලා යමුද ?..”
ගමන ඇරඹූ මොහොතේ පටන් සස්මිතගෙන් විමසමින් උන්නාය. එහෙත්, සස්මිත කිසිඳු  ප්‍රතිචාරයක් නොදීම උන්නේය. චායා අවසානයේ තමා විසින්ම කෝපයක් මවාගෙන , අමනාපයක්ද පෙන්වා නිහඬව සිටීමට තීරනය කලාය. චායාගේ වැඩ කටයුතු අවසන් වෙද්දී සවස හය පසු විය. ඕ උන්නේ එදින වැඩ කටයුතු පිළිබඳව සැහැල්ලුවෙනි. සියලු සේයාරුවන් තමා බලාපොරොත්තු වූ මට්ටමේ බව ඕ තහවුරු කරගෙන උන්නාය. සස්මිත චායා පෙනෙන මානයේ සිට ඇගේ කටයුතු බලා උන්නේ වටහාගත නොහැඛි සිතුවිලි සමුදායක් එක්කය.

” යමු…”

චායා කිසිඳු වගක් නැතිව මෙන් පවසමින් කැමරාව ඇසිරුවාය. සස්මිත ඇයට ඒ වෙනුවෙන් උදව් කිරීමට සූදානම් වුවද, චායා ඉඩ දුන්නේ නැත.

” මට පුලුවන් …”

“දැන් ආයේ යනකල්ම තරහ වෙල ඉන්නද යන්නේ?..”

” මට විශේෂ තරහක් නෑ … යාලුකමකුත් නෑ..”
” පේනවා මූණේ පුපුරන හැටි පේනකොට..”

” හරි ඔයාට මගේ මුණ බලන එක ඔච්චර අමාරු නම් හොඳ මූණක් තියෙන කෙනෙක් හොයාගන්නකෝ ..ඉවරනේ..”

සස්මිත සිනාසෙමින්ම ඉදීරියට ගොස් ඉදිරි අසුනට ගොඩ වූයේය. චායා ගොඩ වූයේ පසුපස අසුනටය. සස්මිත සිනාසෙමින්ම වාහනය පණ ගැන්වූයේය. චායා උන්නේ කෝපය දරා ගටහ් නොහැකිවය.

” රෑ වුණා ඉඳලා එන්නේ කියලා කිව්වානම් කවුරුවත් සැක හිතන්නේ නෑ … පොදකුත් යන එකේ වහිනවා කියලා හොඳට කියන්න තිබුණා… අම්මා අනිවාර්‍ය්න්ම කියනවා රෑ වෙලා නිසා ඉඳලා එන්න කියලා ….. ශික් … කාලා බීලා, බඳාගෙන කියව කියවා ඉඳලා නිදාගන්න තිබ්බා ..”

චායා තමාටම කියවා ගත්තාය. හඬ නොනැගුනද, ඕ බැණ වදිමින් සිටින බව සස්මිතට පෙනුනේය.  ඔහු ඇයව තවත් ඇවිස්සෙන්නට දී බලා උන්නේය. අවසානයේ දහවලේ සොයාගත් කුඩා කබානා නිවස අසල වාහනය නැවැත්වූයේය. චායා අවට බලමින් සිටින්නේ කොහිදැයි වටහා ගන්නට උත්සාහ කලාය. සස්මිත ඇගේ හැසිරීම් මදි නොකියන්නට රස විඳිමින් උන්නේය.

” දැන් අයියාටයි , අම්මටයි කතා කරලා ඉන්න .. රෑ වෙලා නිසයි, වහින නිසයි එන්න හිතෙන්නේ නෑ .. තැනක් බලලා ඉන්නද අහන්න .. බැරි වෙලාවත් අයියා තැනක් බුක් කරලා දෙන්න හැදුවොත් ඔයාගේ යාලුවෙක්ගේ තැනක් තියෙනවා කියන්න ..”

සස්මිත අසුනෙන් මදක් චායා වෙතට හැරී මනමාල හඬකින් කීවේය. තමන් දෙදෙනා වට වූ ගිණි ඔහුට වගක් වූයේම නැත.

” දැන් ?…”

” ඔව් දැන් කියන්න ..”

“හරි නරකයි ඔයා .. මාව තරහ ගස්සවලා, මගේ ඇඟේ ලේ අපිරිසිදුම කලා..”

සස්මිත ඇස් උස්සා, තොල් නොපිට පෙරලා චායාට ඇමතුම ගන්නට උනන්දු කලාය. අම්මාගෙන් එක්වරම අවසර ලැබුණි. අයියා  සෑහෙන්න වේලා කටයුතු විමසුවේය.

” කෝ ඕමම දෙන්න සස්මිතට ..”

චායා සස්මිත වෙත ජංගම දුරකතනය පාද්දී, සස්මිත එය දෑතින්ම ගෙන, ඉතා භක්තියෙන් සවනතට ලං කරගත්තේය.

” සර් …”

” සස්මිත .. මෙවෙලේ වැස්ස  එක්ක කන්ද බහින්න යන්නෙපා.. එදා මතකනේ .. ඔහොමම ඉඳලා එන්න … අපේ නංගී තැනක් සෙට් කරලා දේවි ..”

” මැඩම් කිව්වා සර් ..”

” පොඩ්ඩක් සර්ච් එකේ හිටපං .. කියන්න බෑ අපේ එක්කෙනා ශුවර්ම කිව්වට, මොන යාලුවෙක්ගේ තැනක්ද ඔය සෙට් කරගන්නේ කියලා..”

” මම බලන්නම් සර් ..”

” හරි බං ..උඹේ අතේ කන්න  බොන්න සල්ලි තියෙනවනේ ….”

” ඔව් සර් ඔව්..”

‘ මදි පාඩුවක් උනොත්, අපේ නංගිගෙන් ඉල්ලගනින් ..”

 සස්මිත ඒ සිතුවිල්ල සමඟ චායාට ජංහම දුරකතනට පෑවාය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here