චායා ඉතා ඉක්මනින් පියවි සිහියට එලැඹුණාය. ඕ තනිව ගත දොවාගත්තාය. සස්මිත චායාට කැව්වාය. චායා උන්නේ සස්මිත හා වෙලෙන්නට අවැසි ආහ්ලාදජනක හැඟීමක් සමඟය. එහෙත් සස්මිත ඇයවද පාලනය කරමින්, තමාද පාලනය වෙමින් උන්නේය. රාත්‍රී දොළහත් ඉක්ම යමින් තිබුණි. චායා අවසානයේ සස්මිතගෙන් ගෙවුණු වසර දොළහ ගැන විමසන්නට උත්සාහ කලාය. එහෙත් ඔහු එවැන්නකට සූදානම් නොමැති බවම ඇඟෙව්වේය.
” ඔයා මට මුකුත්ම කියන්නේ නැද්ද සස්මිත ..”
” කියනවා මැණිකේ .. අද නෙවෙයි … මෙහෙම නෙවෙයි .. එතකල් මගෙන් අහන්නෙපා…”
” අපි කොච්චරක් දවස් මෙහෙම ඉන්නද සස්මිත ?..”
” අනේ මගේ මැණිකේ .. මගෙන් එහෙම අහන්න එපා … මං දන්නේ නෑ කොච්චරක් දවස් ද කියලා… මම දන්නේ ඉන්නවා කියලා විතරයි …”
සස්මිතගේ බිඳී ගිය හඬට චායා යළි නැවුණාය.
ඕ සස්මිත ගේ උරිස්සේ හිස තබාගෙන ඇගේ සැලසුම් ගැන විස්තර කරන්නට වූවාය.
” අසේල ට තව අවුරුද්දක්වත් යනකල් ආයේ වාහන ගෙනියන්න බැරි වෙයි කියලා තමා එදත් කට්ටියකියලා තිබ්බෙ සස්මිත .. එතකොට ඔයාට අවම අවුරුද්දක් අයියා එක්ක ඉන්න පුලුවන් … ඒ අවුරුද්ද විතරක් උන්නාම හොඳටම ඇති කියනෙකයි මම මේ කියන්න හදන්නේ…. ඒ අතරේ අපි ඔයාට හොඳින් එස්ටැම්බ්ලිශ් වෙන්න පුලුවන් ජොබ් එකක් හොයන්නෝනා.. සහ ඒකේ යෙදෙන්න ඕනි …..”
” හ්ම්ම් …”
” ඔයා ඩිග්‍රී එක කම්ප්ලීට් කලාද සස්මිත ?..”
” නැහැ චායා …”
” ඔයා ඉන් පස්සේ මොකවත්ම ඉගෙනගත්තේ නැද්ද ?..”
” නැහැ … කිසිම දෙයක් නැහැ…”
” ඔයා කරන්න කැමති මොකක්ද ? ඉටැලි වලදි ඔයා කලේ මොකක්ද කියන්නකෝ …”
සස්මිත යන්තමින් චායා දෙස බැලුවාය. ඇයට සියල්ල පවසා නිදහස් වීමට ඇත්නම් ජීවිතය තුළ ඇති මහ බරක් නිදහස් වෙයි. එහෙත්, ඉන් පසුව සිදු වන්නට නියමිත දෑ සිතා ගන්නට හෝ නොහැක. ඇය චරකගේ පටන් සියලු දෙනා වෙත වෛර කරන්නට පටන් ගනු ඇත. ඒ වෛරයේ අනිවාර්‍ය අර්ධයක තමාද රැඳෙනු ඇත. සහෝදරියගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් , තමා ඇය අතැර අතුරුදන් වීම ඇය කෙලෙසකින්වත් සාධාරණීකරණය කර පිළිනොගන්නා බව සස්මිත දනී. ඇය පිළිනොගන්නා සේම, එය ඇයට සාධාරිනීකරණය කිරීමේ හැකියාවක්වත් තමාට නැතිවා නොවේදැයි සස්මිත කල්පනා කලේය.
” රෙස්ටෝරන්ට් එකක වැඩ කලා ..කිචන් එකේ…”
සස්මිත හඬ බිඳකින්වත් වෙනස් වෙන්නට නොදී කීවේය. චායා ඔහුගේ උරිස්සෙන් කෙලින් වී මුහුණට එබුණා.අ ඇගේ දිලිසෙමින් තිබූ ඇස් වල නොගිලී සිටින්නට සස්මිතට හැකි වූයේ නැත. සස්මිත ඕ වෙත වඩා එබුනාය.
” අපි දැන්ම තියා ඉඩක් බලලා රෙස්ටෝරන්ට් එකක් දාමූ ..”
චායා එවෙලෙට ගලමින් තිබූ හැඟුම් ගඟ වෙනතකට හැරෙව්වාය. සස්මිත යම් කණස්සල්ලක් සමඟින් ඉවත බැලුවේය. චායා යළි සස්මිතගේ දෙකොපුළෙන් අල්ලා තමා වෙත හරවා ගත්තාය.
” මොකෝ …”
ඕ ඇස් උස්සා ඇසුවාය. සස්මිත තමා මත පනවා උන් ස්වයං වාරණ සිහිපත් කරගනිමින් චායාගේ දෑතම තම දෙකොපුලින් ඉවතට කර දැම්මේය. ඇගේ ඇස් වල නොපැටලී සිටින්නට උත්සාහ කලේය.
“ම්ම්ම් … එපා ?..”
චායා අතිශය කෝල හඬක් සහ ප්‍රේමණීය බැල්මක් මවා ගත්තාය. සස්මිත ඇය වෙත හෙලුවේ තරවටු බැල්මකි.
අතින්වත් අත් නොඅල්ලා, මෙතරමින් බැදී හිඳීම ප්‍රේමයයැයි දෙදෙනාම අදහමින් උන්නෝය. අනෙකාගේ ජීවිතය කෙලෙසින් වූවාද නොදැන උන්නේ චායා පමණි. සස්මිත චායාගේ ජීවිතයේ හැම අහුකොනකල උන්නේ තමාම පමණක් බව දැන උන්නේය. තම උපන්දිනයට පන්සලට ගොස් බෝධි පූජා පැවැත්විමේ පටන් ඕ තමා වෙනුවෙන් හිත් දරා උන් බව ඔහු දන්නේය.
එහෙත් මේ හැඟීම් වලට වහල් වෙන්නට සුදුසු කාලයක් නොවන බවද, සස්මිත දන්නේය. ඇයව රැක ගත යුත්තේය. තමා සහ ඇයගේ අනාගතය පැහදිලි චිත්‍රයක් ලෙස නැත. ඇය ඉදිරියට යෑමට සිදු වන හෝ ඉඩ ළැබෙන මාවතක ගමන තම නොසන්සුන් හිතුවක්කාරකමක් නිසා ක්ෂයව යන්නට දිය නොහේය.
“කෝ .. නිදාගම්මූ …”
සස්මිත ඕ පසෙකට කරන්නට උත්සාහ කලේය. එහෙත්, චායා ඒ වනවිටත් ඇගේ හැඟීම් හී අනන්තයට යන මාවත ට අඩිය තමා උන්නාය. චායා සස්මිතගේ කර වටා දෑත යවා ඔහුගේ දෙතොල් හී පැටලුණාය. අඩවන් වූ දෑස් තුළින් දෙදෙනාම දුටුවේ අනෙකාය. අතැර ගන්නට කෙලෙසකින්වත් නොහැකි බැඳීමක් ය. ජීවිතයේ ඇතැම් ඉවසිම් මෙතරමක සැනසීමකට ජීවිතය ඇද දමන බවට වන සිතුවිලිය.
සස්මිතගේ දෑත් චායා වටා පැටලෙන්නටද, මොහොතෙහි සම්පූර්න බර සස්මිත වෙත පැටවෙන්නටද ගියේ තත්පර ගණනකි. චායා වසර ගණනාවක් තම අභ්‍යන්තරයේ ගොඩ ගැසී තිබූ ප්‍රේමයේ පාට සස්මිත වෙත තවරමින් උන්නාය. සුසුම්ද, මිමිණිලිද ඕ හා සමඟම සස්මිත වෙත හුවමාරු වෙමින් තිබුණි.
සස්මිත ජීවිතය තුල වගකීම් සහ වගවිම් දැරූ යෞවනයෙකුගේ සිට, පිරිමියෙකු කරා එලබෙමින් උන්නේය. ඔහු හැම දවසක්ම සැලසුම් කර තිබුණේ දැරූ වගකීම් වලට වගවෙමින්, චායා හා සම්ඟ වන ජීවිතයක් ගෙවන්නටය. ඔහුගේ සීහින තුළ වූ ස්ත්‍රී ආත්මය චායාම පමණක් විය.
රැය තවත් දිගූ වූවානම්, වස්සානයේ සිරි තවත් දිග්ගැස්සෙනට තිබුණි. චායා සස්මිතගේ නිරුවත් ලැම මත සුව නින්දක උන්නාය. සස්මිත උන්නේ දෑස් පියාගෙන නමුත් ඇහැරගෙනය.
විහඟිගේ අනතුරු ඇඟවීම සිහි විය. එහෙත් තමා චායාව යම් පැටලීමක නොහෙලුවාය යන විශ්වාසය සස්මිත තුළ තිබුණේය.
චායා ඇහැරුනේ අටත් පසුවූවාට පසුවය. තමා සිටින්නේ නුහුරු, එහෙත් විශ්වසනීය තැනක බව ඕ දෑස් වසාගෙන සිටියදීම අත් වින්දාය. ඉන් පසුව දෑස් විවර කර සිටින්නේ කොහිදැයි වටහා ගන්නට තත්පර කිහිපයක්ම ගත්තාය.
සස්මිත උන්නේ දෑස් වසාගෙනය. චායා තමා ඉස්සර වූ තත්පරය සිහි කලාය. මැවුණු මන්දස්මිතය එහෙමම සස්මිතගේ හදවත මතට බර කලාය. සස්මිත දෑස් විවර කල චායා දෙස බැලුවේය. ඕ උන්නේ හිස ඔසවා හැරී සස්මිත දෙස බලාගෙනය.
සස්මිතගේ දෑත යළි ඕ වටා පැටලී ගියේය. චායාට සිතා ගැනීමට නොහැකි තත්පරයකින්, ඕ උන්නේ ඔහු ට යටවීගෙනය.
” මොකෝ …”
චායාගේ අනපේක්ෂිත බව පුරවාගත් ඇස් තුලට සස්මිත එබුණේය. දැන් පසුතැවීම්, නෝක්කාඩු වලට ඉඩ නැත ඒවාගෙන් පලක්ද නැත.
චායා ඇස් වලින් නොගැලවීම හිස සැලුවාය. සස්මිත ඇගේ කොපුලක් මත නැවතුනේය. චායා හුස්ම සාමානය ලෙසින් තබා ගන්නට උත්සාහ කලාය.
” හුස්ම හිර කරගෙන ඉන්නේ මොකද ?.. ආහ් .. විර කාන්තාව නේ මගේ …”
සස්මිත ඇගේ අනෙක් කොපුලද, දෑස්ද, යළි දෙකොපුල්ද තෙමා ඇතිරිල්ල යටින්ම ඇයගේ අනෙක් පසින් සිටින සේ වැතිරුණේය.
චායා මදක් හැරී ඔහු දෙස බැලුවාය.
” මට බයය් සස්මිත ..”
ඇගේ දෑස් කඳුලින් පිරී ගොස් තිබුණි. සස්මිත වහා ඕ නැගිටුවා ගත්තාය.


