අහිමි සිහින

ahimi sihina
ගොඩනැගිල්ලක් ගෙයක් කරන්නට හැකි ආදරණීය ගැහැනියකට පමණයි.මට ඒ වගකීම පැවරෙන දවස පැමිණියා.සුධාරක ඔහුගේ වෙහෙස මහන්සියෙන් ගොඩ නැඟූ නිවස නීතිප්‍රකාරව ලබා ගත්තේ ද ඒ හා සමානව වෙහෙසක් දරමින්.ඒ ගොඩනැගිල්ල සැබෑවටම නිවසක් නෙවෙයි.අපි ඒ නිවසට යන විට එය පුදුමාකාර ලෙස ජරාජීර්ණ වී තිබුණා.ඉතාම සරල උදාහරණයක් පැවසුවහොත් ශීතකරණයේ නරක් වෙමින් තිබූ එළවළු...
ahimi sihina
සුධාරක විසින් ගොඩ නැගූ නිවසේ ජීවත් වූයේ දිල්හානිගේ අම්මත් තාත්තත් බව මම ඊයෙ ඔබට පැවසුවා.මේ නිවසට සුධාරකට ඔහු සතු බඩු බාහිරාදිය රැගෙන එන්නට යන්නටවත් ඔවුන් ඉඩ දුන්නේ නෑ.ඔහු පැමිණියත් පොලිස් පැමිණිලි දමමින් ගැටළු ඇති කරන්නට පටන් ගත්තා.ඒ සියල්ල විදේශයේ සිට දිල්හානි මෙහෙයවන්නටත් ඇති. "මම රට ඉන්නේ.ඒ අතරේ අපේ ගෙදර ඇවිල්ලා...
ahimi sihina
දිල්හානි යන්නට ගොස් ටික කාලයකින් ඇගේ තාත්තා මේ ලෝකයෙන් සමු ගත්තා.ඒ මව්පියන් ජීවත් වූයේ සුධාරක ඉදි කළ නිවසේ.එනිසා සුධාරක ඒ නිවසට ගියේ නැහැ.නමුත් ඔහු සේවකයන් යොදවා ඒ දෙමාපියන් ගැන සොයා බැලුවා.දිල්හානිගේ තාත්තා මිය යන තුරුම ඔහුට අවශ්‍ය සියලුම හෙදකම් කළේ සුධාරක යෙදවූ සේවකයන් විසින්. සුධාරකගේ නිවසේම තිබූ මලගමට ඔහු සහභාගී...
ahimi sihina
රිදුණු බිඳුණු හිතක් යළි ගොඩ නැඟීම පහසු කාර්යයක් නෙවෙයි.සුධාරක හිටියේ බිඳීමට ලක් වෙලා.ඔහුව නැවත ගොඩ නඟන්න මම කැපවීමෙන් කටයුතු කළා.ඔහු ආදරය හරිහැටි නොලැබුණු මිනිසෙක්.ඔහුගේ කුඩා කාලයේ විස්තර මම ඔබ සමඟ බෙදා ගත්තා ඔබට මතක ඇති.ඒ වගේ අතීතයක් හිමි ඔහුට විවාහයත් අසාර්ථක වීම දරා ගන්න එතරම් පහසු වුණේ නෑ. සාමාන්‍යයෙන් පවුලක්...
ahimi sihina
අපේ ජීවිතයෙන් කෙනෙක් නික්ම යන්නේ සමහරවිට සදාකාලික රිදුමක් ඉතුරු කිරීමෙන් පසුවයි.තවත් සමහරු අපේ ජීවිතයෙන් නික්ම යන්නේ විශාල අලාබහානි කිරීමෙන් අනතුරුවයි. දිල්හානි! ඇය සුධාරකගෙන් නික්ම ගියේ මේ කාරණා දෙකම සිදු කරලා.ඇත්තටම ඒ නික්මීම සුධාරකව විශාල මානසික කම්පනයකට ඇද දැමූ වගත් නොකියාම බෑ.ඔහුට එතැනින් පසු සිදු වූ දේවල් ඒ නික්ම යාමේ සිදුවීම් ගොන්නේ...
ahimi sihina
දිල්හානිගේ නික්ම යාම එක්ක ඇය නැවත අපේ ජීවිතවලට පැමිණියාද නැද්ද කියලා මගෙන් ඔබ අහලා තිබුණා.ඇය  ගැන ඉතා අඩුවෙන් කතා කරන්නට කැමති මම ඇගේ පරිච්ඡේදය අවසන් කරන්නට ඈ ගැන අවසන් තොරතුරු කියා අහවර කරන්නට සිතුවා. දිල්හානි නිවාඩුවකට යැයි රටින් පිටවී ගියත් නැවත පැමිණියේ නෑ.ඇය දරුවන් ද සමඟ ඒ නික්මී ගොස් තිබුණේ...
ahimi sihina
සංසාර ගනුදෙනු! මේ මම ජීවිතය තුළ තරයේ විශ්වාස කරන දෙයක්.මම මට මුණ ගැහෙන කිසිම කෙනෙකුට වරදක් නොකරන්නට උත්සාහ ගන්නා කෙනෙක්.අසංක සමඟ ජීවිතය එක්ව ගමන් කරන්නට නොහැකි නිසා වෙන් වූවාට ඔහු මා සමඟ අමනාප වී තිබුණේ නෑ.ඒ මම ඔහුගේ අම්මාට කළ අප්‍රමාණ දේවල් ඔහුට මතකයේ තිබූ නිසාම වෙන්නට ඇති.මම ඔවුන්ගෙන් කිසිම...
ahimi sihina
සුධාරකගේ ජීවිතයේ සිටි ගැහැනිය නඩු පටලවා නික්ම ගිය පසු අපි ඒවායින් නිදහස් වූයේ ඉතා අසීරුවෙන්.සමු ගැනීමක් ගෞරවාන්විත ව සිදු විය යුතුයි.එසේ ගෞරවාන්විතව සමු ගත් මිනිසෙකු යළි හමුවීමේ අපූරු කතාවක් ඔබට කියන්නට මම හිතුවා. අපි දිනක් කඳුකරයට චාරිකාවක යෙදෙද්දී සුධාරක අපූරු යෝජනාවක් ගෙනාවා.ඒ "අසංක" මුණ ගැසෙන්නට හිතුණු බව කියමින්.අසංකගේ ගෙදර ජීවිතය,ඔහුගේ...
ahimi sihina
දිල්හානි සහ දරුවන් නිවාඩුවකට කියමින් විදේශ ගත වූයේ ඒ අතරදී.යුරෝපා රටකට මාසයක කාලයක් වෙනුවෙන් ඔවුන් ගිය බවයි අපිට දැන ගන්නට ලැබුණේ.දරුවෙකුගේ උපන් දිනයකට තෑග්ගක් ලෙස සංචාරයකට ඒ ගමන යන බවයි ඔවුන් සුධාරකට පැවසුවේ.ඔවුන්ගේ ලඟම ඥාතියෙකු ඒ රටේ ජීවත් වුණා.ඒ නිසා ඔවුන් සංචාරයකට යන්නට ඇති බව අපි හිතුවා.නමුත් සිදු වී...
ahimi sihina
මගේ මුදල් වලින් මටම හූනියම් කිරීම පැත්තකින් තිබ්බත් දිල්හානි තවත් බොහොමයක් දේ කරමින් හිටියා.ඇය කළ දෙයක් තමයි පෙත්සම් ලිවීම.ඒ වගේම සුදාරකගේ ඉහළ නිලධාරීන් මුණගැහිලා ඔහු ගැන වැරදි අඩුපාඩු පැවසීමත් ඇය දිගටම කරගෙන ගියා.ඔහු දරුවන්ට පහර දෙන බව,ඇයට ලිංගික අඩන්තේට්ටම් කරන බව ඇය ඒ අයට පැමිණිලි කර තිබුණා.ඒ වගේම තමයි...