අහිමි සිහින

ahimi sihina
මරණයක හෝ මංගල්ලයක චාරිත්‍ර පවතිනවා.සමහර රටවල තරමට තදට නැතත් අපේ රටේ ද එවැනි දේ පවතිනවා.නමුත් ඒවා කරන්නට සුධාරකගේ පවුලක් හරිහැටි තිබුණේ නෑ.එහෙත් ඔහුට හදවතින් ආදරය කළ ඔහුගේ ආදර ගෞරවය ලැබූ බිරිඳක් ඔහුට හිටියා.බිරිඳක් කියන්නේ සැමියාට කන්න බොන්න දී දරුවන් වදන දාසියක නෙවෙයි.එසේම බිරිඳක් යනු මානසික ශාරීරික වද දී මිනිසෙක්...
ahimi sihina
හැමෝගෙම ජීවිත කතා එකිනෙකට වෙනස්.ඒවා කවදාවත් ඒකාත්මික වන්නේ නැහැ.බොහෝවිට මට මුණගැසී ඇති අයගේ ජීවිත කතා ඇසූවිට මගේ කතාවේ මා වින්ද දේවල් සැපතක් බව වඩ වඩාත් තහවුරු වෙනවාකවදාවත් ජීවිතය ආපස්සට කිසිදා නිවැරදි කරගත නොහැකි සමහර ජීවිත කතා තිබෙනවා.ඒවා සිදුවන්නේ අප සංසාරේ කරන්නට යෙදෙන කුසල් අකුසල් හා කර්ම ශක්තිය මතයි.ඒ හැම...
ahimi sihina
සුසාන භූමිය එතරම් විශාල එකක් නොවුණු නිසා එහි ආචාර පෙලපාලියට සහභාගී වූවන්ට හා මන්ඩප දෙක හැරුණු විට සෙනගට ගැවසෙන්නට ඉඩකඩ තිබුනේ සීමිතවයි.එනිසා සුසාන භූමියට පිටතින් තිබුණු තාප්පයෙන් එපිට සිට සිදුවන සියල්ල බලා සිටි විශාල පිරිසක් සිටියා.සැබවින්ම එහි තිබුනේ අල්පෙනෙත්තක් බිමවැටුනත් ශබ්දය ඇසෙන තරම් නිහැඬියාවක්. එහි සුධාරක වෙනුවෙන් පවත්වන කතාව...
ahimi sihina
වෙනදාට සුධාරක ගෙදර එනවිට හැමදාම මම දොරකඩටවී ඔහු පිළි ගන්නට බලා සිටියා රථයෙන් බැස "මගෙ මැණිකේ" කියාගෙන සිනාසීගෙන ඇවිත් ඔහු මා බදා මගේ නලල සිපගැනීම අනිවාර්යයෙන්ම සිදු වුණා.එය ඔහු ලඟ සිටි නිලධාරීන්ට ද හරිම සාමාන්‍ය දෙයක්.ඇත්තටම ජායාරූප දාහක් ගත්තත් ඔහු ඒ හැම එකකම ඉන්නේ මා සිපගෙනයි.මම මගේ ආදරය ප්‍රතාපවත්...
ahimi sihina
අවමංගල්‍ය පෙරහැරේ ශෝකාකූල නාදය මට ලඟ ලඟම ඇසෙන්නට වුනා.ඒ ඩුම්…ඩුම්….ශබ්දය ඇසුනේ බෙරයෙන් ද මගේ හදවතින් දැයි අදටත් මට තේරෙන්නේ නැහැ.සුධාරක ට ආදරයක් සිතී ඔහු සියැසින් දකින්නට වසර එකහමාරක් බලා සිටින්නට සිදුවූ මට එතරම් කාලයක් ගොස් ඔහු දුටුව මුල්ම දවසේ දැනුනු බඩ දැවිල්ල ඔහු යලි කිසිදා මා දකින්නට යලි නොඑන...
ahimi sihina
රථයට ගොඩ වූ මා කොළ්ඹ සිට හොරණට ගියාද ඉගිලුනා දැයි අදටත් දන්නේ නෑ.රථයට ගොඩවෙනවිට මම රිය පැදවූ අයට පැවසූයේ ඉගිලී හෝ සුසාන භූමියට මා ගෙන යන ලෙසයි. ඒ ගිය ගමනේ පාර තොට මා දුටු කිසිවක් මට මතක නැහැ.ඒ වෙනුවට සුධාරකත් මාත් අතර එදා පටන් සිදුවු බොහෝ දේ මට මැවි මැවී...
ahimi sihina
මම අකමැතිම වුවත් ඒ දවස ඒ මොහොත කෙමෙන් ලඟාවෙමින් තිබුණා.නමුත් කාලයට මගේ කැමැත්ත අකමැත්තෙන් ඵලක් වූයේ නෑ. මම දුව සුධාරකත් මමත් සිටි ගෙදරට ගෙන්වාගත්තා.හැමෝම කිව්වේ දුව එක්කගෙන යන්න එපා කියලා.නෑ.එහෙත් ජීව විද්‍යාත්මක බැඳීමක් නොවුණත් ඒ මගේ දුවට පියෙකුගේ සෙනෙහස දුන්න මිනිසායි.එසේම ඇයගේ ආදරය පෙරළා ඔහුට නොඅඩුව දුන් ඒ නොදරුවා මේ...
ahimi sihina
මේ කතාවේ ඉතාමත් අසාධාරණයට පත්වූයේ කිසිවකු නොව සුධාරකයි.ඔහුට ඔහුගේ කතාව දැන් පැවසිය නොහැකියි.ඕනෑ කෙනෙකුට ඔහුගේ කතාව විකෘති කර වුවද පැවසිය හැකියි. එනිසාම කෙනෙකු මියගිය පසු ඔවුන්ගේ ජීවිතය ගැන තීරණය කරන්නට පෙර කිහිපවරක් සිතන්න. සුධාරක ගේ ආදාහනය සිදුකරන දිනය වෙබ් අඩවි තුල පුවත්පත් වල පවා පළ කෙරුනා.ආයතනයේ සියලුම කඳවුරු වලටද පණිවිඩ...
ahimi sihina
මිනිස්සු ජීවිතේ ගැන මොනතරම් බලාපොරොත්තු හීන පොදි බැඳගෙන හිටියත් ඒ හැම එකක්ම ඉටුවෙයි කියලා කිසිදා හිතන්නට බැහැ. අපි අපේ අවසන් කටයුතු මෙසේ සිදුකරන්නට යැයි ලියා තබන හෝ ලඟම අයට පවසා තබන අවස්ථා තිබෙනවා.ඒත් තමා සිතන විදියටම එය එසේ විය හැකියැයි කිසිදා සිතන්නට එපා. සුනාමි ව්‍යසනයෙන් ලංකාව පුරා විසිරී සිටි නානාවිධ...
ahimi sihina
මේ කතාව මම ඔබට එක සිදුවීමක් නෑර පවසන්නේ මා කළ කී දේ සාධාරණීකරණය කරන්නට වත් ඒ ගැන යම් විනිශ්චයක් බලාපොරොත්තුවෙන් වත් නොවෙයි.මගේ කතාව කවුරු කෙසේ දැක්කත් එය මා අත්විඳ අවසන්.ඒ නිසා ඔබ මෙය තක්සේරුකරන්නට යනවාට වඩා මෙයින් අඩුතරමේ මා කල යම් වරදක් හෝ ඔබේ ජීවිතයේදී ඔබට නොවන තැනට වග...