ආකාස මෝස්තර

සුරත් විජයවීර දින ගණනාවක දිගු නිහැඬියාවක් තුළ කිමිද සිටියේ ය. අතීතයත් වර්තමානයත් අතරේ ඉතා දිගු වූ වැල් පාලමක් මැද ඔහු බරපතල අවිනිශ්චිත බවක් අත්වින්දා යි කිව හැක. ඔහු වැරදි ද? සුරත් ඔහුව ම ප්‍රශ්න කළේ ය. ඔහු දැන් වියපත් මිනිසෙකි. නමුත් ඔහු සිය සැබෑ මව්පියන් හඳුනන්නේ නැත. ඉපදුණ දිනයේ ම...
පැහැබර උදයෙක ලොන්ඩරිවත්තේ රෙදි වේලන අවකාශයෙහි පැවැත්වූ චාම් උත්සවයකදී, කොළඹ නගරාධිපති  ගඟුල් විජයවීර ගේ අතින් මහල් නිවාසයේ ගෙවල් හිමියන්ට පැවරුම් සහතික පිරිනැමිණ. ඒ වූ කලී සියවසක් තිස්සේ ඔවුන් ට දකින්නට අකැප වූ සිහිනයකි. සිහින වල කුළීන ද කුළ හීන ද කියා ලේබල් ගසා ඇතිවා නොවේ. නමුත් ප්‍රභූ පන්තිය නතු...
ඒ ලස්සන ම රාත්‍රියකි. ගඟුල් ඇවිදින් තිබුණේ පාරුල් ජීවිත කාලයේ දී අසන්නට පතා උන් ලස්සන ම ආරංචිය අරගෙනයි. පසු දා ලොන්ඩරි වත්තේ ගෙවල් හිමිකරුවන්ට පවුල් වශයෙන් සලකා මහල් නිවාසයේ ගෙවල් බෙදා දෙන සහතික පත් නිකුත් කිරීමට නියමිත වූයේ ය. සමහර දේවල් සතු වී තිබෙත්දී නො දැනෙන හැඟීමක් එය තව දුරටත්...
සුරත් ශාරීරික වශයෙන් සුවය ලබමින් හිඳී. නමුත් මානසික වශයෙන් සුවයක් ලැබී නැති තරම ය. නැතහොත් එන්න එන්න ම මානසික සෞඛ්‍යය පිරිහෙමින් පවතිනවායි පැවසිය හැක. නමුත් පියා හා පුතු සන්සුන් කොට ගෙදර කාලගුණ තත්වය යහපත් ව පවත්වා ගන්නට නිර්ධා සියුම් ලෙස කටයුතු කළා ය. දිනෙක සිය මරණයත් සමගින් මිහිදන් ව යනු...
සුරත් විජයවීර ට තවමත් විශ්වාස කරගත නො හැකි ය. ඔහු පමණක් දැන සිටි, ඔහුත් නො දන්නවා සේ සිටි සිය අතීතය ගැන කතාව ගඟුල් දන්නේ කොහොමද කියා ඔහු ට සිතා ගත නො හැකි ය. දවසක කූඩයක දමා සපත්තු මහන්නා ළඟ බිම තියා ගිය දරුවා ඔහු ය. සරත් යන නම තබා තිබුණේ...
පාරුල් ව අමාත්‍යාංශයට බලහත්කාරයෙන් රැගෙන ඒම පිළිබඳව, සුරත් සමගින් ගඟුල් හිටියේ කේන්තියෙනි. මේ ගැන කතා නොකොට නිහඬ ව සිටීම මත තව බොහෝ අර්බුධ පැන නැගිය හැකි යයි සිතුණෙන් ඔහු පියා සමග ඒ අවස්ථාවේ ම කතා කරන්නට සිතුවේ ය. නියපොත්තෙන් කැඩිය හැකි අංකුර පොරොවෙන් වුව කැපීමට අසීරු දැවැත්ත අතු බවට...
රිදී විසින් ඔතා දෙනු ලැබූ සව් දොදොල් මුල සිසිර ගෙදර ගෙන ගියේ හාල් ගෝනියක තරම් බරකින් යුතුව ය. "කොහෙන්ද මේ සව් දොදොල්" කියා බිරිඳ විමසත්දී ඒ බර දෙගුණ තෙගුණ වී හිතට දැනිණ. "හම්බුණා" කියා කීවාට හම්බ වුණේ කාගෙන් ද කියා ඔහු කීවේ නැත. යාළුවෙකුගෙන් වෙන්නට ඇතැයි සිතන්නට බිරිඳ උත්සාහ කළා ය. නමුත් ටික...
පුංචි වෙහෙසක් නො දැනුණා ම නොවේ. නමුත් පාරුල් දෙව්රූ ඇල්ලගේ වෛද්‍ය පීඪයෙන් පිටත් වූයේ වෙහෙස අමතක වෙන සිනහවන් මිතුරියන් සමග බෙදාගනිමිනි. පුංචි බොරැල්ල පැත්තට ඇවිද යන්නට සූදානම් වත්දී ම සුදු කමිස හා කළු කලිසම් හැඳි පිරිමි දෙතුන් දෙනෙකු ඇගේ මග අවුරා සිටියහ. පාරුල් සේ ම අනිත් යුවතියන් ද ඔවුන්...
සිසිර ගේ ත්‍රීවීලරය ගෙවල් පේළිය ඉදිරියේ නතර විය. ඔහු ඉන් බැස ලොකු කොස් ගෙඩි හත අටක් බිමට දාන්නට වූයේ ය. වත්තේ ගැහැනුන් ඒ වටා රොක් වන්නට මහ කාලයක් ගියේ නැත. කොස් සුවඳ දැනුණා සේ ය. "අද සින්දු බලන ගමන් කන්න තම්බමු කොස් කල්දේරමක් දෙකක්" ඔහු පුරුදු සිනහව දෝර ගලන්නට හැර කීවේ...
සුරත් විජයවීර ගෙදර පැමිණියේ වෙඩි කෑ ඌරෙකු සේ කුපිතව ය. ඒ වෙලාවේ නිර්ධා, පෝය නිවාඩුවෙහි විවේකය භුක්ති විඳිමින් පොතක් කියවමින් සිටියා ය. සැමියා ගේ විලාශයෙහි වෙනස ඇයට එක් බැල්මකින් ග්‍රහණය කළ හැකි විය. "හරිනෙ... දැං ඉතිං හරිනෙ.. මං හිතුව ඕක වෙයි කියල. ඔයත් මේවට වගකියන්න ඕන නිර්ධා. කොල්ල කිසීම සැකක්...