ගඟුල් සිටියේ මින් පෙර කවදාවත් නොවූ විරූ ප්‍රීතිමත් බවකිනි. උද්යෝගයකිනි. මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් කාර්ය බහුල වූයේ ද අවංක චේතනාවෙනි. බලයට පත් නොවී ඔහු ගේ ඉලක්ක වලට යා නො හැකි බව ද සිහින සැබෑ කරගත නො හැකි බව ද හේ දැන සිටියේ ය. පාරුල් දෙව්රූ ඇල්ලගේ ඔහු ට ඉලක්ක...
පසන් ඉරුගල්බණ්ඩාර සිය පෙම්වතිය හා අනාගත සහකාරිය දෙව්රූ ඇල්ලගේ බව සහතික කොට ගත්තේ ය. ඊට පස්සේ ඔහු හැසිරුණේත් ඇය පිළිබඳව එහෙව් අයිතිවාසිකමක් දනවමිනි. නමුත් පාරුල් තව දුරටත් පසු වූයේ එකී තීරණය ගැන අවිනිශ්චිත භාවයක ය. සැබවින් පසන් සිය පෙම්වතා කියන්නේ ඇයි දැයි ඇය ම නො දැන සිටියා ය. නමුත්...
ගඟුල් විජයවීර ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කැපී පෙනුණේ ය. ඒ ඔහු වෙනත් ඡන්ද අපේක්ෂකයන් සේ නොව හදවතින් ම ඔහු ගේ කාර්යය කරන්නට පේ වූ නිසා ය. විශේෂයෙන් ම තදාසන්න පෙදෙස්හි අඩු ආදායම් හා අඩු පහසුකම් ලාභී සාක්ෂරතාවයෙන් අඩු ප්‍රජාව කෙරේ ඔහු ගේ වැඩි අවධානය යොමු වීම ඊට හේතුව වන්නට...
සිසිර ඇල්ලගේ ත්‍රීරෝද රථය තුළට වී කල්පනාවක ගිලී සිටියේ ය. කකුලක් අසුන මතට ගෙන, අතක් ඒ මත දිගු කරගෙන, අසුනට බර වී හිස ඇලවෙන්නට හැර, අතීතය නම් පොකුණේ කිමිදෙන අතරේ ඇතැම් තැන් වල දී ඔහු ට රිදිණ. ඇතැම් විට පපුව හිර විණි. ඔහු ගේ මුහුණ තනිකර ශෝක කලාපයක් වූයේ...
ගඟුල් විජයවීර විසල් වෘත්තාකාර වැරැන්ඩාවේ සක්මන් කරමින් සිටියේ ය. ඔහු ගේ මුව මඳහසකි. පාරුල් දෙව්රූ ඇල්ලගේ සමගින් මිත්‍රත්වය පිළිබඳව හෝ එකඟතාවයකට එන්නට හැකි වීම සන්තෝස වීමට කාරණයකි. නමුත් ඔහු තවත් එක් දේශපාලකයෙකු පමණක් වුවහොත් ඒ එකඟතා කොන්දේසි සියල්ල කිසිදු කොන්දේසියකින් තොරව ඇය විසින් අහෝසි කොට දමනු ඇත.
විජයවීර මන්දීරය කුරුඳුවත්තේ...
ආකාසය සුදු ඝණ වලා වියනකින් වැසී තිබිණ. ඒ නිසා ඒ වෙලාවේ කිංසි පාරට තද අව්වක් වැටුණේ නැත. පාර අයිනේ කඩවසම් තරුණයෙකු සුඛෝපභෝගී මෝටර් රථයකට හේත්තු වී ගෙන සිටී. ඔහු ගේ දෑස් මත නොව හිස මත අව් කණ්ණාඩි යුගල රැඳී තිබේ. මුහුණට කදිම පිරිමි පෞරුෂයක් එක් කරනා රැවුල, නාගරික පන්නයට...
ඉනික්බිති ටික දිනක් ගඟුල් විජයවීර ලොන්ඩරි වත්තෙහි දැකිය නො හැකි විය. කිසිත් නොකර ම එසේ නෑවිත් සිටිනවාට වඩා, වත්තේ ළමයින් වෙනුවෙන් පාරුල් බලාපොරොත්තු වූ දේ ඇය බලාපොරොත්තු නොවූ පරිද්දෙන් සිදු කොට නෑවිත් හිඳීම ඔහු ට සැනසීමක් වූයේ ය. කටුවක් වගේ දෙයක් ගඟුල් ගේ සිතේ ඇමිණී තිබිණි. ශාරුක් වූ කලී...
අඹ කොළ සිලි සිලිය හමමින් තිබිණ. දෙමිතුරියෝ - පාරුල් සහ උමා, ලෑලි බංකුව මත ලංව හිඳ කුටු කුටු ගෑවේ ගඟුල් විජයවීර පිළිබඳව ය. සාමාන්‍යයෙන් ඔවුන් දෙදෙනා අතරේ කවදත් රහසක් තිබුණේ නැත. අනිත් අතට ගඟුල් ගැන තබාගන්නට තරම් රහසක් ද නැත. එබැවින් උදයේ ඔහු පුස්තකාලයට පැමිණි සිදුවීම පාරුල් උමාට අකුරක්...
පොතක් පෙරළාගෙන වැඩක් කරන්නට තැත් කළාට පාරුල් ගේ හිත සන්සුන් ව තිබුණේ නැත. මේ ඇය කොහෙත්ම බලාපොරොත්තු නොවූ දෙයකි. ගඟුල් විජයවීර වූ කලී ඇය දැන හැඳින සිටි පුද්ගලයෙකු නොවේ. දැනුදු දන්නේ නැත. තුන් වතාවක් ඔහු වත්තට පැමිණි විට දුටුවා පමණකි. හරියට කතා කළේ එක් වරකි. ඉතින් මෙහෙම වත්තෙන් පිටතදී...
ගඟුල් විජයවීර නො සන්සුන් ලෙස කාමරයේ ඒ මේ අත සක්මන් කළේ ය. හිස කේ දෑතින් ම පිටුපසට ඇදගත්තේ ය. යහන මතින් හිඳගත්තේ ය. යළි නැගිට්ටේ ය. නැවත සක්මන් කළේ ය. තමන් මේ තරම් නො සන්සුන් වී ඇත්තේ මන්දැයි ඔහු නො දැන සිටියේ ය. මාරුවෙන් මාරුවට විවිධ මුහුණු හා සිදුවීම්...