ඉන් පැය බාගෙකට පස්සෙ බලද්දි මං උන්නෙ ගාලු පාරෙ යන කාර් එහෙක, අරවින්දට එහා පැත්තෙන්.
හිතෙන් කී වංගියක් නං මං එයැයි කිව්ව ඒ හඳ එලිය ගැන, මූද ගැන, එයැයිගෙ ගේ ගැන හීන මැව්වද? හඳ එලිය වැටිච්ච මූදු වැල්ල දිගේ එයැයිට තුරුල් වෙලා ඇවිදන් යන මාව හිතෙන් මොනතරං නං මවාගත්තද? කියල...
"වෙන්දේසිය අහවරයි නෙව. කවි මඩුවෙ කාණ්ඩෙ ආපහු ගොහිල්ල" කියල එව්ජිනා මං දිහාව බලාගෙන නොසෑහෙන්න අනුකංපාවෙන් හේ කිව්වෙ ගෙයි වෙච්ච, කතාවෙච්ච කාරණා කාරණා එයැයිතුත් දැනං උන්නු හන්දා.
කුස්සියට වෙලා රෑ කෑමට එලෝලු සුද්ද කොර කොර උන්නු මගෙ අත එවෙලෙ වෙව්ලුව හැටි, ලිස්සුව හැටි මට තාම මතකයි.
ඉන්පස්සෙ දවස් කීයක් නං ගෙවුණද. අම්මල...
"මං හැබෑවටම හිතුවෙ නෑ ලාලනී ඔයාලා තාම ඔය කුල මල ගැන හිතනව ඇති කියල"
එයැයි කතා කොරේ බෝම විස්සෝපෙන්. අපි උන්නෙ ගම්මුන්ට පේන කොරන තැනක නොවිලත් වෙනද හේ ලං නොවී ඩිංගක් ඈතට වෙලා එයැයි දෙඩුවෙ එවෙලෙ පරිසරේ තිබිච්ච හිරිස්මෙ හන්දද එහෙම නැත්ත පිච්චිච්ච හිත හන්දද මන්දා.
"අපෙ ගෙදර උදවිය ඔයැයිට එහෙම...
මොනතරං අමාරුවෙන්ද මං එයැයිව මුලිච්චි වෙන්න ක්‍රමයක් හොයාගත්තෙ එයැයි අපෙ ගෙදර ඇවිල්ල ගියාට පස්සෙ. සුදේ අක්කව බෝම අමාරුවෙන් මනාප කොරගත්තෙ එයැයිට මාව මුලිච්චි වෙන්න එන්න පණිවිඩේ දීගන්න. මං වැඳවැටුනෙ නැති ටික විතරයි කකුල් දෙක ළඟ ඒ ඇත්තිගෙ අරවින්දට එන්න කියන්නය කියල මං පොලට යද්දි.
මක්ක උනත් අම්මට වාත අමාරුව තියෙන...
"ඔය ළමයගෙ නම හෙම මක්කද කිව්වෙ?"
බුලත් විඩේ හපන ගමන්, කට දෙපැත්තට ඇඟිලි දෙකක් තියල පුටුව අද්දර තිබිච්ච පඩික්කමට බුලත් කෙල පාරක් විදපු තාත්තා එහෙම ඇහුවෙ එයැයිගෙන්.
මෙච්චර කාලෙකට අම්මල හොයල දුන්නු කා හරි සිරිත් විරිත් සලකල මාව බලන්න මනමාලයෙක් ආහම බුලත් හෙප්පු, තේ මේස ලෑස්ති කොරාට මොකෝ මං හොයාගත්ත මනමාලය...
"මගුල් විසේ ඔලුවට ගහන්න අරන් තියෙන්නෙ මෙයාගෙ මේ හැට පැන්නට පස්සෙනෙ, මට පුදුම ලැජ්ජ හිතුනා සරත් ඇවිල්ල විස්තරේ කියද්දි, මෙයැයි අරලිය ලන්ද අස්සෙ කවි මඩුවෙ කොල්ල එක්කල උන්නය කියල"
ගින්න අවුලන්න පටන් ගත්තෙ අපෙ නංගි.එදා අරයැයි මමයි එයැයි එක්කල අරලිය ගහ අද්දර දොඩ දොඩ ඉද්දි නොහිතපු වෙලාවක ඒ අද්දරින් මතුවෙච්ච...
"ප්‍යාර් හුආ ඉකරාර් හුආ හේ - ප්‍යාර් සෙ පිර් ක්‍යුන් ඩර්තා හේ දිල්
කෙහෙතා හේ දිල් රාස්තා මුශ්කිල් - මාලූම් නහී කහාන් හේ මන්සිල්"
"ඔයා දන්නවද ඒ සිංදුව තියෙන චිත්තරපටියෙ රඟපාන්නෙ රාජ් කපූර්. ඔයා බලන්න ගිහින් තියෙනවද චිත්තරපටි?" කියල එයැයි ඇහුවට මට නං ඉතින් කියන්න තිබ්බෙ මං ඔය චිත්තරපටි බලන්න ගොහිල්ල...
"ඔයාට ඉතින් ඉරිසියයිද කට්ටිය මම රාජ් කපූර් වගේ කියල කියනවට?"
"අර මක්කටෙයි මං ඉරීසියා කොරන්නෙ?"
"නෑ ඉතින් ගෑණියෙක් ආස නෑ නෙව තව ගෑණීයෙක් තමං කැමති පුරුසයට එහෙම ඇඟෑලුං කම් පාන දේවල් කියනවට"
එයැයි එහෙම කිව්වමනං හැබෑටම මට පුදුමාකාර සන්තෝසයක් තමා දැනුනෙ. ඒ කියන්නෙ එයැයිතුත් දන්නව නෙව මගෙ හිතේ එයැයි ගැන යං මනාපයක්...
හඳපාන මොනතරං නං හැඩකාරද කියල මං අඳුරගත්තෙ එයැයිව මුලිච්චි උනයින් පස්සෙ.
ආකාසේ පුරාවට රත්තරන් පාට තැටියක් හේ වැතිරිල ඉන්න ගමන් ගස් කොලං උඩහින් වැක්කිරිල පොළොව දිගේ ඇදිල යන්නෙ මොනතරං නං අපූරුවටද කියල මට තේරුං ගියේ එයැයිව මුලිච්චි උනයින් පස්සෙ.
මං මෙච්චර කාලෙකට හිතාන උන්නෙ මේ කා එක්කලහරි පූට්ටු වෙන එක නිදහස...
"මේ එම්බ්‍රොයිඩර් වැඩ කරන්නෙ ඔයාද?"
මං පුදුම උනේ එයැයි මක්කටද මා එක්කල එහෙම දොඩන්න ආවෙ කියන කාරණාව ගැන හිතලා. පන්සලේ සල්පිල වෙලාවෙ මං මල් එම්බ්‍රොයිඩර් කොරගෙන ආව රෝස පාට රේන්ද සාරිය විකුණගන්න ඇහැක් උනා අර හාදය එදා හේම අදත් කවි කිව්ව හන්දයින්.
මං දුටුවා කීප වංගියක්ම පොලොසියෙ ඉස්පැට්ටර මහත්තයගෙ දෝණියැන්ද සාරිය...