අඩි හයකට වඩා උස එච්චර ලස්සන මිනිහට තමන් අංකල් කිව්වේ මොන සිහියෙන් ද කියන ප්‍රශ්නෙ ඇත්තටම ශාර්වරීගෙ හිතෙත් තිබ්බාය. තමන් ඒ කතාව කිව්වයින් පස්සේ ඒ මනුස්සයා තමන් දිහා බලාගෙන උන්නේ නිකන් “අංකල්? කවුද අංකල්?” කියන විදියෙන්ය. දැන් දැන් මේ බිග් ෆුට් වගේ ඉන්න මිනිහා තමන්ව අත් දෙකෙන් අල්ලා උස්සා...
ලක්ස් ඉවෙන්ට් එක වෙන්නේ තමන් හිතුව අන්දමට වඩා සෑහෙන්න වෙනස් අන්දමින් බව ශාර්වරීට හොඳටම තේරුණේ ඇඳ පැළඳගෙන ඔෆිස් එකට ගොස් එතනින් සියල්ලන්ම එක්ව වාහනයක නැගී නෙලුම් පොකුණ රඟහල වෙත යන අතරවාරයෙදිය.
කෝම කෝමින් හරි තිබ්බ ඇඳුම් කැඩුම් අස්සෙන් නංගි සතුව තිබිච්ච, ඇය ගිය අවුරුද්දෙ පාසලේ ගෙට් ටුගෙදර් එකකට ඇන්ද කලු...
ශාර්වරීට ලක්ස් ඉවෙන්ට් එකට යෑමට සිදු වුනේ අහම්බයෙන් මෙනි. කාල්ටන් සමූහ ව්‍යාපාරයටම අයත් වෝටර්ස් බේ හෝටලයේ පැවැත්වෙන එකී උත්සවය වෙනුවෙන් ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් ස්ටාෆ් එක සඳහා අතිරේක සහයක් අවශ්‍ය වූ බව ශාර්වරී දැනගත්තේ තමන් ඉගෙනුම ලබන එච් එන් ඩී එකේ හොටෙල් මැනේජ්මන්ට් පාඨමාලාවේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් කොටස ඉගැන්වීම සඳහා...
නෙවින් මාධූර්ය සේනාරත්න හිටියේ කාල්ටන් ටවර් එකේ තමන් මිල දී ගත්ත අපාට්මන්ට් එකේ කණ්ණාඩිය ඉදිරියට වී ලොවි සිලෝන් එකෙන් අද තියෙන දෙරණ ලක්ස් ෆිල්ම් අවෝර්ඩ්ස් ඉවෙන්ට් එක වෙනුවෙන්ම තමන්ට එවා තිබුණ කලු පාට මුතු ඇට වලින් වැඩ දාපු තද පාට දිලිසෙන කලු සරමයි, කමිසෙයි හඳින ගමන් ය.
නෙවින් මිස්ට ශ්‍රී...
දාඩිය දාගෙන ශාර්වරී ඇවිත් බස් එකට නගිද්දිත් හොඳ පණ ගිහින් තිබ්බාය.
හවස පහට විතරත් කොළඹ නගරය ඇතුලේ යන බස් එකකට ගොඩ වෙන්න මනුස්සයෙක් දෙන්න ඕන ගේම කොච්චරද කියා ඔය ඒසී දාපු වාහනවල යන නෝනලා මහත්තුරුන්ට තේරෙනවද කියන එක ශාර්වරී හිතුවේ බස් එකට නැග පුදුම අමාරුවෙන් සෙනග අස්සේ තෙරපී තෙරපී මැදක්...