හසාරා තමා වෙනුවෙන් වෙන් කර ඇති හෝටලයේ කාමරයට ගිය සැණින්ම ධනංජයට දුරකථන ඇමතුමක් ලබා ගත්තාය.ශ්රී ලංකාවේ සිට ඇමරිකාවට පැමිණීමට ගතවූ ඒ පැය කිහිපයේම ඇය උන්නේ ඔහු ගැන සිතුවිල්ලේය.ගෙවී ගිය කාලය තම ජීවිතයේ නියං සමයක් බව විශ්වාසය.ඒ සියල්ල මතකයේ කොනකවත් නොමැති අයුරින් අතුගා දමන්නට ඕ සිත හදා ගත්තාය.කොහොමටත් හසාරා යනු...
“ නිර්මිතා ඔයා මෙහේ..”
ධනංජය නැගී සිටියේ දුරකථනය පසෙක තබමින්ය.
“ ඇයි ඔයා වෙන කෙනෙක් බලාපොරොත්තුවෙන්ද හිටියේ..”
ඇය නිවසට ඇතුළු වූයේම එසේ අසාගෙනය.අත වූ කෑම බඳුන් මේසය මතින් තැබූ නිර්මිතා සුවපහසු සෝපාවට බර වූයේ දෑත් දෙපසට විහිදුවමින්ය.
“ අම්මෝ කවදාවත් මේකේ ඇතුලේ නොදැණුන නිදහසක් අදනම් දැනෙනවා.ඔයා කාලා නැතුව ඇතිනේ.මං කෑම ටිකක් හදන්න ආවා.”
“...
“ ඇයි බං එහෙම අහන්නේ ඔන්න ඔතනට තමයි මටත් එන්න ඕන උනේ.මට කියහං උඹලා දෙන්නගේ ජීවිතේ ඇතුලේ මොනවද සිද්ධ වුණේ…”
“ සිද්ධ නොවුනේ මොනවද කියලා අහපන් කසුන් අයියේ..ගොඩක් දේවල් සිද්ධ වුණාට පස්සේ තමයි මං මේ තීරණය ගත්තේ.හසරාට පුළුවන් හැම කෙනෙක්ම රවට්ටන විදිහට කතා කරන්න ටීවී එකේ රේඩියෝ එකේ ගිහිල්ලා කතා...
ධනංජය යළි නිවසට පැමිණෙද්දී හොඳටම එළිය වැටී තිබිණ.මෝටර් රථය ගරාජයෙහි නතර කළ ඔහු එහිම සිට තත්පර කිහිපයක් යනතුරු හිස් බැල්මෙන් ගේ උයන දෙස බලා සිටියේය.කාලයක් තිස්සේ ක්රමානුකූලව බොහෝ අර පරිස්සමට නඩත්තු කල ගෙඋයන අතහැර දැමූ ගණනය.බොහෝ විට ඒ වැඩකටයුත්ත සිදුවූයේ ධනංජය අතින්ය.විසිතුරු මල් පැළ ගණනාවක් වුවත් ඒවායේ වෙනදා සේ...
දුරකථනයෙහි සංඥාවට අනුව මුලින්ම නැගී සිටියේ හසාරාය.ගිලිහී විසිරී තිබූ කොණ්ඩය එක් මිටකට කර බැඳගත් ඕ තම දකුණු පස බැලුවේ ධනංජයව දකින්නට අපේක්ෂාවෙන්ය.ඊයේ රාත්රියේත් ඔහු කාමරයට පැමිණ සිටියේ නැත.එකඳු රැල්ලක්වත් නොවන සේ සීරුවට එලා තිබූ ඇද ඇතිරිල්ල තවමත් එහෙමමය.ඒ පාන්දර යාමයේත් ඇගේ දෑස් වලට උනා ආවේ කඳුලකි.දිගු සුසුමක් මුදා හල...
හසාරාට ගුවන් ගමන යෙදී තිබුණේ පසුදා පාන්දර හයටය.ඉන් පැය තුනකට පෙරවත් ඇය ගුවන් තොටුපළෙහි රැඳී සිටිය යුතු වූවාය.ඇයත් සමඟ මේ සංචාරය සඳහා කාර්යාලයේ උසස් නිලධාරීන් දෙදෙනකු ද සම්බන්ධ විය.
“ මං කිචන් එක අස් කරන්නම්. ඔයා ගිහිල්ලා නිදාගන්න…”
විනාඩි කිහිපයකට පසුව ධනංජය පැවසූයේ මද හඩකින්ය.තමාට ඇසුණු ඒ හඬ විශ්වාස කළ නොහැකි...
ධනංජය උන්නේ නාන කාමරයේ සිට පිටතට පැමිණෙමින්ය.ඒ වනවිටත් හසාරා අවසර නොගෙනම ඔහුගේ කාමරයට පැමිණ අවසන්ය.ඇය විසින් දිගු කළ තේ කෝප්පය ධනංජය සිය දකුණතට ගත්තේ කිසිවක් නොකියමින්ය.ඒ නිහඬකම පවා ඇගේ සිතෙහි බලාපොරොත්තු දහසක් දල්වන්නට විය.පසුගිය දිනවල ඔහු සිටියේ ඇය හැරුණත් වැරැද්දක් පවසන්නට බලාගෙනය.හසරා කාමරයේ වූ ඇඳ මතින් අසුන් ගද්දී ධනංජය...
හදිසියේ නිවසින් පිටව ගිය ධනංජය යළි නිවසට පැමිණියේ දෙදවසකට පසුවය.ඒ වන විට හසාරා උන්නේ පිටරට ගමනට සූදානම්වය. බලාපොරොත්තුවක් නොවූවත් ඈ සෑම සවසකම ඔහුට කෙටි පණිවිඩයක් යවා කෑමට පැමිණෙන්නේදැයි විමසුවාය.දින කිහිපයකට පසුව ඇයට “ ඔව් “ යැයි පිළිතුරු ලැබී තිබිණ.සිතේ වේදනාවත් ඉතිරි දින කිහිපයේ කාර්යාලයේ නොමැති බැවින් නිම කළ යුතු...
ලෝකයා වෙත මවපානා ජීවිතයක් ගත කිරීමට හසාරා කිසි දිනෙක අපේක්ෂා නොකළාය.එහෙත් වර්තමානයේ ඇයට සිදුව ඇත්තේ තමාවත් රවටා ගනිමින් තමා අවට සිටින්නා වූ අයත් රවටන්නටය. කාර්යාලීය වැඩ නිවැරදිව කර ගැනීම සඳහා සිතෙහි වන සන්සුන්බව රැකගැනීමට හසාරාට බොහෝ වෙහෙස වන්නට සිදුව තිබේ.ඒ වෙනුවෙන් සටන් කරන්නට සිදුව තිබේ.දැන් හසාරා භාවිතා කරන්නේ කාර්යාලයෙන්...
හෂාරාටත් ධනංජයටත් වූයේ සැබෑ කරගත නොහැකි වූ සිහින නොවේ.ජීවිතයේ පැතූ සියල්ල දෙපා මුලටම ලැබී තිබියදී ධනංජය මේ අයුරින් වෙනස් වූයේ කෙසේදැයි ඇයට නොතේරේ.දන්නා තරමින් තමා හොඳ පෙම්වතියක බිරිඳක වූ බව විශ්වාසය.ඔහුගේ ආදරනීය ඕනෑ එපාකම් මැසිවිලි නොනගාම ඉටුකල බව විශ්වාසය.
ඒ අයුරින්ම ගතව ගිය දින කිහිපයකට පසුව හසාරා ධනංජයගේ කාර්යාලයේ මිතුරෙකුට...