නුඹ තරම් ප්‍රේමයක්

හතලිස්පස්වැනි නෙත් සැරිය සිහිනි ගේ ජීවිතය අභ්‍යන්තරයෙන් අඳුරට ඇඳී යමින් තිබුණි. ඒ අතරේ චත්‍ර සහ අයත්මා ඔවුන්ගේ ජීව්ත වල ආලෝකය සියා යමින් තිබුණි. අවිශ්ක උන්නේ සහන් මුණ ගැසෙන්නට වන මඟ සොයා ගැනීමේ සතුටිනි. ඔහු අගනුවර උපකාරක පන්ති පවත්වන තම මිතුරෙකුගේ මිතුරෙක්ව සිටින බව සොයා ගැනීමෙන් පසු. අවිශ්ක මිතුරා ලවා සහන්...
හතලිස් හතර  වැනි නෙත් සැරිය කලණ නිවෙසට ගියා වුවද හිතේ සැනසීම තිබුණේ නැත. ඔහු නුවර වැව රවුමේ ඇවිදිමින් වරුවක්ම ගෙවා දැම්මේය. අයත්මා තමා කෙරෙහි යම් විශේෂයක උන් බව දැන් දැන් කලණට ගැලපෙන්නේය.  ඇගේ ඇස් තමා පසුපස්සෙන් බොහෝ දුර ආ වග මඟ හැරුනේ කෙලෙසකදැයි කලණට සිතන්නට අවැසි විය. ඇය තමා කෙරෙහි සැබැවින්ම...
හතලිස් තුන් වැනි නෙත් සැරිය චත්‍ර පියවි සිහියට එලැඹුනාට පසු අවිශ්ක වෛද්‍යවරයෙකු ගෙන්වා ගැනීම සඳහා වන අන්තර්ජාල සේවාවක සහය පැතුවේය.  ඒ අතරේ සිහිනිට ඇමතුමක් දී චත්‍ර තම නිවසේ වග පවසන්නටද අවිශ්කට සිතුනි. එලෙස පවසන්නේ ඇයිදැයි ඔහුටද පැහැදිලිව නොවැටහුනත් ඔහු එලෙසින් අමතා ඇය දැනුවත් කරන්නට කටයුතු කලේය.  මිතුරා ලවා චත්‍රගේ වාහනය තම...
හතලිස් දෙවෙනි නෙත්  සැරිය පසුදා පාන්දර තුන පසු වන විට චත්‍ර උන්නේ අයත්මාගේ යහනේ ගුලිවීගෙන සැප නින්දකය. අයත්මා නින්ද තමා වෙතට එන්නටවත් සූදානම් නැති රැයක් පහන් කරමින් උන්නාය. චත්‍ර ඇහැරවන්නටද ඇයට ලෝබ දැනෙයි.  එහෙත් තව පැය කිහිපයක් ඇතුලත ඔහු නිවසින් පිටතට යැවිය යුතු බවද ඇයට වැටහෙයි. මහ වැස්සද අඩුවක් නැත. ඒ...
හතලිස් එක් වැනි නෙත් සැරිය චත්‍ර අයත්මාගේ උකුලට හිස තබා ගත්තේය. අයත්මා ඔහුගේ සිනිඳු  හිස කේ අතරින් හිස් මුදුන පිරිමැද්දාය. පුපුරා යන අකුණකින් එක්වරම තිගැස්සෙද්දී ඇයගේ අතැඟිලි එහෙමම නිහඬ වූ තත්පරද විය. " සිහිනිට කොහොමද චත්‍ර ?.." අයත්මා හැකි තරම් පහත් හඬින් අසුවාය. වැස්සේ හඬ නිසා කිසිවක් ඇසෙන්නේ නැතැයි සිතුනද, අවධානමක් ගත...
හතලිස් වැනි නෙත් සැරිය චත්‍රගේ හිස ගිණිගෙන තිබුණි. පසෙකින් සිහිනිගේ මානසිකත්වයය. අනෙක් පසින් අයත්මා ගැන කිසිඳු තොරතුරක් දැනගන්නට විදියක් නැති කමය. ඒ අතරේ ලොකු අප්පච්චී හමුවෙන්නට ගිය ගමනෙන්ද හිත කලබල වූවාම පමණක් විය. ඔහු උත්සාහ කරන්නේ වෙනමම මඟුලක් වෙනුවෙන් ය.  එදින ගාලු යන්නට පෙර අයත්මා දකින්නට හෝ දැරූ උත්සාහයද ව්‍යර්ත වී...
තිස් නව වැනි නෙත් සැරිය අවිශ්ක අයත්මාද කැටුව නිවෙසින් පිටත්ව ගියේ කුලී  රථයක් ගෙන්වාගෙනය. අයත්මා චත්‍රගේ අතින් අල්ලා කලබල නොවී සිටින ලෙස පවසා ත්‍රී රෝද රථයට ගොඩ වූවාය. චත්‍ර වහා සිහිනි වෙත ගියේය. සිහිනි උන්නේ යහනේ ගුලිවය. මාලා කාමරය පිලිවෙල කරමින් උන්නාය. " අම්මලට මේ මුකුත් අඟවන්න එපා .." චත්‍ර මාලාට කීවේ...
තිස් අට වැනි නෙත් සැරිය කාන්තාව අවිශ්කට අවනත වූවාය. මුලුතැන්ගෙයට ගියද ඇයට පියවි සිහියෙන් වැඩක් කරන්නට හැකි වූයේ නැත. තමා තවත් විනාඩියක් ප්‍රමාද වූයේ නම් කුමක් සිදු වන්නේ දැයි සිතීමම ඇයට මරණීයය. නිවසේ ඇස් දෙකවන් පොඩි සර් සහ බබාට මේ ගෙවෙන්නේ නම් යහපත් කාලයක් නොවේයැයි ඇය සිතුවාය. චත්‍ර ඇයට පෙරලා ඇමතුමක්...
තිස් හත් වැනි නෙත් සැරිය සිහිනි තෙවෙනි දිනයටද පාසැල් නොගොස් උන්නාය. එහෙත් අයත්මා තෙවෙනි දිනයේ පාසැල් ගියාය. ඒ චත්‍ර සමඟිනි. ඔහු ඇයව ගේට්ටුව අසලින් ඇරලවා යනු කලණ බලා උන්නේ බුදු මැදුර පසෙක සිටය. ඔවුන් දෙදෙනා අතරේ මෙතරම් සමීප සම්බණ්දතාවයක් ඇති වූයේ කවදා පටන්දැයි කලණට සිතා ගන්නට නොහැක. නාට්‍ය තරඟය දිනයේ...
තිස් හය වැනි නෙත් සැරිය කලණ කිසිවෙකුට මුහුණ නොදී නිවසින් පිට වූවේය. නැන්දා සහ මාමාද ඉන් ටික වෙලාවකට පසු නිවෙස බලා පිටත් වූහ. නිවසේ ඉතිරි වූයේ උදෑසනම උන් පිරිස පමණි. අවිශ්ක උදෑසන ආහාර ගෙන්වා තිබුනද කිසිවෙකුත් ආහාර ගන්නට උනන්දුවක් පෙන්වූයේ නැත. නිමලා අම්මා ඉදිරිපත් වෙමින් උදෑසන ආහාර පිඟන් පිරෙව්වාය. සැහැල්ලුවෙන් පැය...