මල්සර හී සර

මාලවී සප්තමී එක්ක කතා කරන්න ලං උනේ සමුද්‍රයි, සුමලුයි, තාත්තයි, තුන්දෙනා සාලෙ සෙටියට වෙලයි අම්මල දෙන්න කුස්සියට වෙලයි කතා කර කර ඉද්දි. අම්මා කුස්සියෙදි අරහෙම දෙයක් කිව්වයින් පස්සෙ සප්තමීට ඇත්තටම හිතාගන්න පුලුවන් උනේ නෑ දැන් සමුද්‍රලා රෑට කෑම කාලා ගියාට පස්සෙ අම්මගෙ මූන බලන්නෙ හරි අම්මයි තාත්තයි අහන ඒවට...
“ඒත් මේ අපේ සංගමේ විතරක් පුතාට මදිවෙයි කියල හිතල මම තව යාලුවෙක්ටත් එන්න කිව්වා” කියල තාත්ත කියද්දි තමන්වත් දන්නෙ නැති ඒ යාලුව කවුද කියන එක සප්තමීටත් ලොකුවටම ප්‍රශ්නයක් වුණා. අම්මගෙන් “ඒ කවුද?” කියලා ඇස් දෙකෙන් අහන්න පුලුවන්කම තිබ්බට මේ සුමල් අයියයි සමුද්‍රයි දෙන්නම ඇවිල්ලා ඉන්න වෙලේ ඒ මිනිස්සු දෙන්න...
“කීයටද ඒ ළමයි එනවා කිව්වෙ?” කියා අම්මා තාත්තගෙන් අහනවා සප්තමීට කාමරේට ඇහෙනවා. සමුද්ර එනවා කිව්වෙ හවස හතට විතර කියන එක ඉතින් අම්මට කියන්න බෑනෙ. එහෙම කිව්වොත් අම්මා අනිවාර්යෙන්ම “ඔයා කොහොමද ඒක දන්නෙ? ඔයාලා දෙන්න කතාකරනවද?” කියලා අහන බව දන්න හන්දම තමයි සප්තමී සද්ද නැතුව උන්නෙ.  “මං ඒත් කතාකරා, හය හමාර...
එදා තමන්ව ඩ්‍රොප් කරලා යද්දි “තේකක් බීල යන් පුතා” කියලා තාත්ත කිව්වට සමුද්‍ර ආවෙ නැත්තෙ මාලවී ඕක දැක්කොත් වෙන කේස් එකක් පත්තු වෙයි කියල තේරුම්ගන්න සප්තමීට බැරිඋනේ නෑ. ඒ උනාට සප්තමීට තිබිච්ච ලොකුම ප්‍රශ්නෙ “තේකක් බොන්න නෙවෙයි අංකල් දවසක කාලම යන්න එන්නම්” කියල සමුද්‍ර කිව්වම “එහෙනම් පුතා ඊලඟ සිකුරාදා...
“ඉතින් පුතා මොකද මේ පැත්තෙ?” කියලාසප්තමීගේ තාත්තා ආයෙම වතාවක් තමන්ගෙන් අහද්දී සමුද්‍ර මෙච්චර වෙලා සප්තමීගේ ඇස් එක්ක පැටලිලා තිබිච්ච තමන්ගෙ ඇස් කලබලෙන් වගේ සප්තමීගෙන් ගලවගෙන ආයෙමා වතාවක් අංකල් දිහා බැලුවා. “මං මේ ආවෙ අංකල් මගෙ අපාට්මන්ට් එකේ තියන්න පැල ටිකක් ගන්න. ඒ උනාට සෙට් උනේ නෑ හරියන ඒවා” “මං ඒත් බැලුව...
“ඔන්න පුතේ ලියාගන්න අද අරගෙන එන්න ඕන එලවලු ටික”කියල අම්මා කියද්දි උනත් සප්තමී උන්නෙ වෙනදා වගේ උනන්දුවෙන් ඒක අහගෙන නෙවෙයි. හිත අස්සෙ මුලු හිත පුරාම එහෙ මෙහෙ ඇවිද ඇවිද උන්නෙ සමුද්‍ර.  “ඔයාලා දියතට කිට්ටු වෙද්දි මට මැසේජ් එකක් දාන්න” කියලා සමුද්‍ර එව්ව මැසේජ් එකට රිප්ලයි කරද්දිත් ඉන්පස්සෙ සමුද්‍ර එන බව...
සංසාර පාරමිතා ටෙලිඩ්‍රාමා එකේ කොළඹ ශූටින් වෙන දවස්වල මාලවී තමන්ට ශූටින් තියෙන ඒවට සප්තමීව එක්කරගෙන යන්න උත්සහ කරේ නැති හන්දා සප්තමී මුලු සති දෙකම වගේ ගෙවලා දැම්මෙ ගෙදරටම වෙලා. හැබැයි වෙනදා වගේ උයන පිහන වැඩවලට අම්මට උදව් වෙනව වෙනුවට සප්තමිට කාමරේ ඇතුලට වෙලාමයි හිටියෙ. “රඟපාන එකත් ලේසි වැඩක් නෙවෙයිනෙ, මහන්සි...
  මාලවී මේ සිද්දිය හැමෝම එක්ක කියාවි කියලා බයක් සමුද්‍රගෙ හිතේ තිබුණට ඒක එහෙම වෙන්නෙ නෑ කියල දැනගත්තම පොඩ්ඩක් වගේ හිත සනසගන්න පුලුවන්කමක් සමුද්‍රට තිබුණා. ඒ උනාට ඒ සතුට සර්ව සම්පූර්ණ උනේ නැත්තෙ සමුද්‍ර සප්තමී එක්ක කතා කරන්න හදන හැම වෙලාවකම වගේ “මාලවී අපි දෙන්න කතාකරනවා දැක්කොතින් හිත රිද්දගනීවි” කියල...
“ඇත්තටම මම එහෙම ආවෙ වැරදීමකින්. ඒ වගේම මම ආවෙ ඔයා එක්ක යාලුවෙන්නවත් එහෙම අදහසකින්වත් නෙවෙයි.අයෑම් සොරි මං දන්නවා මගෙන් වරදක් උනා. ඒක ලොකුම ලොකු වරදක්. ඔයා මං ආව එක වැරදියට තේරුම් අරගෙන ඒ උඩ ගොඩක් දුර හිතපු එක හරි කියලවත් වැරදි කියලවත් මං කියන්නෙ නෑ.ඒ උනාට මම එහෙම වැරදි...
“මං දන්නවා ඔයා එහෙම දෙයක් ඇහුවෙ ඇයි කියන එක. ඒ උනාට ඔයා ඒ දැකපු දේ නෙවෙයි ඇත්ත. ඊට වඩා කතාවක් ඔයා දැක්ක දේ අස්සෙ තියෙනවා” කියල සමුද්‍ර කියද්දිත් ඒක පිළිගන්න තිබ්බ නම් හොඳයි කියල අදහසක් තිබ්බට ඒක එහෙමම පිළිගන්න බෑ නේද කියන එක සප්තමී කල්පනා කලා. “මං දැකපු දේ නෙවෙයි...