මල් පිපුණිද හිම කැළයේ

කලබලයෙන් ආපසු හැරී ආවද ස්ටීව් උන්නේ අනවශ්‍ය අතීත මතකයක් ඇවිස්සීමේ තරහද කළකිරීමද ඇතිවය. අවසානයේ ඒ තරහා පාව ගියේද ආච්චී අසළ උන් ඇය මතිනි. පසුගිය දින කිහිපයේ ඇය හා ඇතිව තිබූ සමීප බව එක මොහොතින් ස්ටීව් අමතක කොට හැරී ආවේය. පෙර කළක සේම යළිත් පාලනය කරගන්නට බැරිතරම් තරහක් මතුව ඒම...
27 කොටස "ස්ටීව් කොහෙද ගිහින් හිටියේ ඔයා? මාව බලන්න මාසයක්ම ඔයා ඇවිල්ලා නෑ…."ගමන ගොස් පැමිණිදාට පසුදා ආච්චී බලන්නට පැමිණි ස්ටීව් ඇය පිළිගත්තේ පැමිණිලි රාශියක්ද සමගිනි."මොකක්ද කීවෙ මේරි ගර්ල්..මාසයක්?මම ආවේ නැත්තේ දවස් හතරයි.ඒකත් මගේ බිස්නස් වැඩකට මම ගමනක් ගියපු නිසා..මාසයක් කවුද නෑවිත් හිටියේ.."ආච්චීගේ දෑතින්ම අල්ලාගත් ස්ටීව් පැවසීය."බොරු කියන්න එපා මාසයක් ආවේ...
26 කොටස ඉරිදාවේ උදෑසන අනෙක් අය නින්දේ සිටියදී නිලංගා සුපුරුදු වේලාවටම ඇහැර ගත්තාය.ගමන එන්නට කලියෙන්ම මාලිකාහට කිරිබත් කෑමේ උවමනාවක් ඇතිවී තිබුණි. එහෙයින් නවාතැනේ කෑම සාදාගන්නට අවශ්‍ය ද්‍රව්‍ය ගන්නා අතරේ නිලංගා කිරිබත් හදන්නට අවශ්‍ය අඩුමකුඩුම සියල්ල ද මාලිකා හට සැපයූවාය. නිලංගා උදෑසනින්ම කිරිබතක් සාදා මිරිස් රස අඩුවන්නට සීනි සම්බෝලයක් ද සෑදුවාය.මාලිකා කෙසේ...
ගමන අවසාන වන්නට පෙරාතුවම මාලිකාත් නිලංගාත් අධික වෙහෙසට පත්ව උන්නෝය.ගමනේ අවසාන භාගයේ වූයේ සෘජු නැග්මවල් සහ තද බෑවුම් ඇති කඳු කිහිපයකි. ගමනේ යෙදෙන සමහරක් අය අත සංචාරයන්හි රැගෙන යන යෂ්ටි ඇත. එවැන්නක් තිබුණේ නම් කෙතරම් පහසුදැයි නිලංගාටද සිතුණි. "දැන් නම් ඇතිවගෙ...අප්පා.."මාලිකා අවසාන කොටස ගියේ බ්‍රයන්ගේ වාරුවෙනි.නිලංගා කෙතරම් අසීරු වුවද ගමන...
"නැත්නම් ...මම සතුටින් ඉන්නෙ නෑ කියල ඔයාට හිතෙනවද?"විනාඩි දෙකක පමණ නිහැඬියාවකින් පසු ස්ටීව් හඬ අවදිකොට ගත්තේය.නිලංගා සිනාවක් පා හිස සැළුවාය. "නෑ..මම එහෙම කීවේ නෑනෙ...හරි ..මිස්ටර් ස්ටීව් සතුටින් නම් ඉන්නෙ...එච්චරයි..."ඇයගේ ස්වරයේ වූයේ ඔහු කියූ දෙය පිළිනොගත් ආකාරයකි.ස්ටීව් මේ තරුණියගේ එවදන් යළිත් කල්පනා කළේය. ඇත්තෙන්ම තමා සිටින්නේ සතුටින්ද? මිලියන ගණනින් බැංකු ගිණුම්...
"මෙලා ඔයාට හිතෙන්නෙ නැද්ද වෙන වෙනම හරි හිතලා අපි මේ දෙන්නම ට්‍රිප් එක එක්කන් ආව එක හොඳයි කියලා.."අවන්හල තුළ සිට පිටතට පැමිණෙමින් උන් බ්‍රයන් මාලිකා හට පැවසුවේ ස්ටීව් සහ නිලංගා එක ආසන්නයේ සිටිනා අයුරු පෙන්වමිනි. "මං හිතාගෙන හිටියේ අපේ එකාට ගෑනු ඇලජික් කියල...ඔය තරම්වත්  මනුස්සයෙක් එක්ක..මං කියන්නේ ගෑනු කෙනෙක් එක්ක...
මාලිකා සහ බ්‍රයන් උනුන් සමගින් ඉඳහිටක කතාබහේ යෙදුණද වැඩිවේලාවක් උන්නේ ඔවුනොවුන් තුරුලේ දෑස් පියා ගෙන නිහඬවය.නිලංගා අතීතය සිහිකළා නොවේ ...ඇයට ඉබේම සිහිවූ දේ තිබිණ.චරිත සමගින් ඉඳහිටක නගරාන්තර බස් රියක නැගී ගිය ගමනක්...පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ගිම්හාන කුටියක උනුන් ඇසුරේ උණුසුමින් ගිලුණු දවසක් ඇයට සිහිවිය.නොදැනීම හීල්ලුමක් සේ සුසුමක් ඇය වෙතින් නික්මෙද්දී...
"බ්‍රයන් මේ කොහෙද ඔයා යන්නෙ...රූට් එක පෙන්වන්නෙ අනෙක් පැත්තටනෙ..."මඳ දුරක් ගමන් කරද්දී මාලිකා කෑගැසුවාය.බ්‍රයන් සිනාවී රිය පැදවූයේ කිසිවක් නොකියාමය. "පිස්සුද බ්‍රයන්...පරක්කු වෙනවා මේ රූට් එකෙන් ගියොත්..මහ රවුමක්නෙ යන්නෙ..."මාලිකා නොරිස්සුමෙන් පැවසුවාය. "හරි හරි මෙලා...මේ රූට් එකෙන් නෙවෙයි යන්නෙ...අපි තව එක්කෙනෙක් ගන්න යන්නෙ මේ...ඔයායි නෙලීයි ගමන යනකොට කියවන්න ගත්තාම ඔයාලාට මාවත් අමතක වෙනවනෙ..ඉතින්...
"නෙලී...වීක් එන්ඩ් එකේ ගමනක් යමුද?"මාලිකා බ්‍රහස්පතින්දා දවසක රාත්‍රියේ විමසුවාය. ඉරිදා දිනය පමණක් විවේකය කොටගන්නා යෙහෙළිය කොහේ හෝ ගමනාන්තයකට රැගෙන යන්නට ඇය බොහෝවිට සිතුවාය. බ්‍රයන් සමගින් කල්තියා සූදානම් කරගත් සෙවන් සිස්ටර්ස් කඳුනැග්මට නෙලී එක්කරගන්නට ඇය සිතුවේ එහෙයිනි. "ඉරිදා ගිහින් එදාම එන්න නේද මෙලා..?"නිලංගා සැකමුසු ස්වරයෙන් විමසුවාය.අනෙක් දිනවල මේරිගේ රැකබලා ගැන්ම නිසා...
අතීත කල්පනාවකින් මිදී නිලංගා පියවී ලොවට පැමිණියේ මිතුරිය යළිත් ඇය අමතන හඬිනි... "නිලා....මොකද බං එකපාරටම සද්ද නැතිවුණේ..සිග්නල් ඉෂූ එකක්ද...?"මිතුරිය විමසුවාය... "ඔව් බං ...පොඩ්ඩක් අන්ක්ලියර් උනා..මං බස් එකේ ඉන්නෙ ඒක වෙන්න ඇති..."නිලංගා සුසුමක් හෙළා පැවසුවාය. "ඇත්තටම මොකද වෙලා තියෙන්නේ එතන..උඹ දන්නවනේ මට අම්මලා එක්ක දැන් කිසිම සම්බන්ධයක් නෑ කියල...මේ වෙලාවේ හිත හොඳ වැඩිකමට...