"එයා කොච්චර අනුන් ගැන හිතුවත් එයා මාව රිජෙක්ට් කරනවා...අනෙක් ඔක්කොටම එයා සලකන්නේ හරිම සොෆ්ට් ඇටිටියුඩ් එකකින්.හැබැයි මා එක්ක විතරක් එයා ලොකු ගැප් එකක් මේන්ටේන් කරනවා..."
"ඒකට හේතුව අර එයා එහෙ ආව ෆස්ට් ඩේ එකේම මං එයාගෙ ඔලුවේ මගෙ ගැන ඇති කළ ඉම්ප්‍රෙශන් එක වෙන්න ඇති. ඒක නිසා වෙන්න ඇති මෙහෙම...
සිය දුරකතනය සිහින් කම්පනයක් දනවනු දැනෙන විට ස්ටීව් ක්ලිෆර්ඩ් සිටියේ සිය මහල් නිවාසයේ බැල්කනියට වී අහස දෙස බලාගෙනමය.ජීවිතයේ මේ දැනෙන හුදෙකලාව සහ නොසන්සුන් කම වෙනදා මෙන් අතිශය කාර්යබහුල වුවද පාලනය කරගන්නට නොහැක.දිනගණනාවක් තිස්සේ කල්පනා කළද කියාගන්නට සිතාගන්නට නොහැකි හිස් බවක් ජීවිතය පුරා ඉතිර ගොසිනි.අඳුරු නිල් අහස පිරෙන්නට සඳ පායා...
සති දෙක තුනක කාලයේදී මේරි මර්ෆි නිවස තුළ ඇවිදින ආධාරක රාමුවකින් නිලංගාගේ සහය ද ඇතිව ඇවිදින්නට පටන් ගත්තාය.සති දෙකකට වතාවක් ඩැනියෙල් පැමිණ අවශ්‍ය උපදෙස් සහ ගුරු හරුකම් දී නික්ම ගියේය.ඩැනියෙල් පැමිණෙන හැම මොහොතකදීම ස්ටීව් කෙසේ හෝ ආච්චී අසල රැඳෙන්නට කුමක් හෝ හේතුවක් සොයාගෙන පැමිණියේය.
තුරුණු වියේ යෞවනයකු සේ ස්ටීව්ගේ මේ...
ගතව ගිය කාලය තුළ මේරි මර්ෆි චිකිත්සක ප්‍රතිකාර සඳහා කැමති කරවා ගන්නට නිලංගා සමත්වූවාය.මුලදී මුලදී දැඩි ලෙස ප්‍රතික්ෂේප කලද නිලංගා වක්‍ර මාර්ගයෙන් ඇය ඊට කැමති කරවා ගත්තාය.පෝලා, සිල්වියා හෝ ස්ටීව්, නිලංගා මේ හපන්කම කරනු ඇතැයි විශ්වාස නොකළෝය.ඕනෑම දෙයකට නම්මාගන්නට සමත් වුවද ව්‍යායාම ප්‍රතිකාර සහ ඇවිදීම සඳහා කීයටවත් මේරි මර්ෆී...
කලබලයෙන් ආපසු හැරී ආවද ස්ටීව් උන්නේ අනවශ්‍ය අතීත මතකයක් ඇවිස්සීමේ තරහද කළකිරීමද ඇතිවය. අවසානයේ ඒ තරහා පාව ගියේද ආච්චී අසළ උන් ඇය මතිනි. පසුගිය දින කිහිපයේ ඇය හා ඇතිව තිබූ සමීප බව එක මොහොතින් ස්ටීව් අමතක කොට හැරී ආවේය. පෙර කළක සේම යළිත් පාලනය කරගන්නට බැරිතරම් තරහක් මතුව ඒම...
27 කොටස "ස්ටීව් කොහෙද ගිහින් හිටියේ ඔයා? මාව බලන්න මාසයක්ම ඔයා ඇවිල්ලා නෑ…."ගමන ගොස් පැමිණිදාට පසුදා ආච්චී බලන්නට පැමිණි ස්ටීව් ඇය පිළිගත්තේ පැමිණිලි රාශියක්ද සමගිනි."මොකක්ද කීවෙ මේරි ගර්ල්..මාසයක්?මම ආවේ නැත්තේ දවස් හතරයි.ඒකත් මගේ බිස්නස් වැඩකට මම ගමනක් ගියපු නිසා..මාසයක් කවුද නෑවිත් හිටියේ.."ආච්චීගේ දෑතින්ම අල්ලාගත් ස්ටීව් පැවසීය."බොරු කියන්න එපා මාසයක් ආවේ...
26 කොටස
ඉරිදාවේ උදෑසන අනෙක් අය නින්දේ සිටියදී නිලංගා සුපුරුදු වේලාවටම ඇහැර ගත්තාය.ගමන එන්නට කලියෙන්ම මාලිකාහට කිරිබත් කෑමේ උවමනාවක් ඇතිවී තිබුණි. එහෙයින් නවාතැනේ කෑම සාදාගන්නට අවශ්‍ය ද්‍රව්‍ය ගන්නා අතරේ නිලංගා කිරිබත් හදන්නට අවශ්‍ය අඩුමකුඩුම සියල්ල ද මාලිකා හට සැපයූවාය.
නිලංගා උදෑසනින්ම කිරිබතක් සාදා මිරිස් රස අඩුවන්නට සීනි සම්බෝලයක් ද සෑදුවාය.මාලිකා කෙසේ...
ගමන අවසාන වන්නට පෙරාතුවම මාලිකාත් නිලංගාත් අධික වෙහෙසට පත්ව උන්නෝය.ගමනේ අවසාන භාගයේ වූයේ සෘජු නැග්මවල් සහ තද බෑවුම් ඇති කඳු කිහිපයකි. ගමනේ යෙදෙන සමහරක් අය අත සංචාරයන්හි රැගෙන යන යෂ්ටි ඇත. එවැන්නක් තිබුණේ නම් කෙතරම් පහසුදැයි නිලංගාටද සිතුණි.
"දැන් නම් ඇතිවගෙ...අප්පා.."මාලිකා අවසාන කොටස ගියේ බ්‍රයන්ගේ වාරුවෙනි.නිලංගා කෙතරම් අසීරු වුවද ගමන...
"නැත්නම් ...මම සතුටින් ඉන්නෙ නෑ කියල ඔයාට හිතෙනවද?"විනාඩි දෙකක පමණ නිහැඬියාවකින් පසු ස්ටීව් හඬ අවදිකොට ගත්තේය.නිලංගා සිනාවක් පා හිස සැළුවාය.
"නෑ..මම එහෙම කීවේ නෑනෙ...හරි ..මිස්ටර් ස්ටීව් සතුටින් නම් ඉන්නෙ...එච්චරයි..."ඇයගේ ස්වරයේ වූයේ ඔහු කියූ දෙය පිළිනොගත් ආකාරයකි.ස්ටීව් මේ තරුණියගේ එවදන් යළිත් කල්පනා කළේය. ඇත්තෙන්ම තමා සිටින්නේ සතුටින්ද? මිලියන ගණනින් බැංකු ගිණුම්...
"මෙලා ඔයාට හිතෙන්නෙ නැද්ද වෙන වෙනම හරි හිතලා අපි මේ දෙන්නම ට්‍රිප් එක එක්කන් ආව එක හොඳයි කියලා.."අවන්හල තුළ සිට පිටතට පැමිණෙමින් උන් බ්‍රයන් මාලිකා හට පැවසුවේ ස්ටීව් සහ නිලංගා එක ආසන්නයේ සිටිනා අයුරු පෙන්වමිනි.
"මං හිතාගෙන හිටියේ අපේ එකාට ගෑනු ඇලජික් කියල...ඔය තරම්වත් මනුස්සයෙක් එක්ක..මං කියන්නේ ගෑනු කෙනෙක් එක්ක...