මේ ඒ වසන්තයයි

ඊළඟ තත්පරයේ ඉසිනි උන්නේ නුරාන්ගේ දෑත් අතරට ගුලිවීගෙනය. නුරාන් අන් සියල්ල අමතක කලේය. ඔහුගේ සිත තුල වූයේ එක් තහවුරු කර ගැනීමක් වෙනුවෙන් වූ අවශ්‍යතාවයම පමණි. " මට බබාලා නෑ කියලා අරුණෝද මාව ඩිවෝස් කලා නුරාන්" ඔහු ඉසිනිව වඩාත් තදින් අල්ලාගත්තේය. " ඒ කියන්නේ ඔයා දැන් මගේද ඉසිනි ?... ආයෙම ඔයා මගේද ?..." තමා...
18 නුරාන් ගත උණුසුම් ජලයෙන් දොවාගත්තේය. ඉසිනි දුන් තුවාය හැඳ ගත්තේය. කලිසම සහ කමිසය වියලෙන්නට විදුලි පංකාව අසලට ගෙනැවිත් දැම්මේය. ඉසිනි පෙනෙන්නට උන්නේ නැත. විනාඩි කිහිපයක් යද්දී ඕ පැමිණියේ දනහිස තෙක් කලිසමකට සැහැල්ලු ටී ශර්ට් එකකින් සැරසීගෙනය. ඇගේ එක් අතක ගුලිවූ යමක් විය. ඕ එය නුරාන් වෙත පෑවාය. නුරාන් එය...
ධනුක හැකි තරම් ඉසිනිව මඟ හැරියේය. ඔහුගේ රාජකාරි කටයුතු වල විමසීම් වලදී පවා ඇය මුණ නොගැසී දුරකතන මාර්ගයෙන් කටයුතු කිරීමට ඇතැම් විට ධනුක කටයුතු කලේය. පැහැසරා සහ නුරාධ්‍යා ඉසිනි සමඟ දක්වන දැඩි හිතවත්කම පාලනය කර ගැනීමට කුමක් කල යුතුදැයි විටින් විට කල්පනා කරමින් ඒ සඳහා විවිධ දේ කීවද කලද,...
නුරාන් දිනය පුරා කාර්‍යබහුල වූයේය. ඉසිනි සහ අරුණෝදගේ විවාහ මංගල්‍යයේ ස්තූතිපත සඟවා තිබූ ලාච්චුවෙන් පිටතට ගෙන ඒදෙස බලා උන්නේය. වසර ගනනාවක් තිස්සේ අතටම එය දියවී ගොසිනි. එහෙත් නුරාන් තවම එය ඉවතකට විසි කර දමා   නැත. කෙතරම් පැරණි වුවත් ජීවිතය ඇතැම් දේ ඉවතකට දමන්නට දෙන්නේ නැත. එලෙසින් ඉවතක දැමුවද එකී...
පැහැසරා මඟ හැරිය යුතු නිසාම නුරාන් ඇය පිටව යන තුරුම ව්‍යාජ නින්දක් මවාගෙන උන්නේය. එලෙස නොවන්නට ගෙවුණු  රැය පිළිබඳව ඇයට මුසාවන් රැසක් පැවසීමට සිදුවේ. ධනුක සමඟ කෝප ගත්තාට, පැහැසරා සමඟ කෝප ගැනීම නුරාන්ට කල හැකි නොවේ. ඇය ගැන නුරාන්ට දැනෙන හැඟීම අප්‍රමාන මවුවත් කමකි. දෙවෙනි අම්මා යැයි කියන්නට නොහැක....
නුරාන් නිවසට ඇතුලු වෙන විටත් ධනුක උන්නේ අවදියෙනි. නුරාන් ඔහු මඟ හැර කාමරය තුලට වැදුනද පිටුපසින්ම ආ ධනුක නුරාන් ඉක්මවා කාමරය තුලට ඇඨ්හුලු වූයේය. " කොහෙද උඹ ගියේ ?..." ධනුක විමසුවේ නුරාන් ගේ බාහුවෙන් අල්ලා ඔහු තමා වෙත හරවාගෙනය. " කොහෙද උඹ මේ මහ වැස්සේ ගියේ ?.." " මම යද්දී වැස්සක් තිබ්බේ නෑනේ...
නුරාන්ට නිවස තුළට එන්නයැයි නොකියා සිටින්නට ඉසිනිට හැකි වූයේ නැත. ඇරත් දැන් මැදියමට ආසන්නය. අකුණු පුපුරා හැලෙන්නේ මහ වැස්සක ඔහු තනිව යෑම නවතන්නට තමාට අයිතියක් හෝ කල හැකි කිසිවක් නොමැති බව ඉසිනි දනී. ඕ දොර අඟුලු විවෘ ත කලේ නුරාන්ට ඊලඟට පැවසිය යුත්තේ කුමක්දැයි සිතමිනි. එහෙත් ධනුක සහ පැහැසරා...
ඉසිනි මෝටර් රියෙන් බැස්සාය. නුරාන් මෝටර් රියට ගොඩ වූයේය. ඇගේ සුවඳ තවමත් වෙනස් නැතැයි නුරාන්ට සිතෙන්නේය. එහෙත් මේ අන් සතු ස්ත්‍රියකි. නුරාන් සැනින් සිහියට ගත්තේය. සිදුව ඇත්තේ කුමක්දැයි වටහාගන්නට හැකි වුවද එය නිවැරදි කරගන්නට තරම් උපකරණ නුරාන් සතු වූයේ නැත. ඒ නිසා කර්මාන්තශාලාවේ වාහන සැකසුම් පිළිබඳව වන  කපිල පැමිණෙන තෙක්...
" අපේ අම්මා අර උයලා යන්න යන ගෙදර මිස් අඩි සීයේ පාරට මෙහයින් වාහනේ කැඩිලා හිරවෙලාලු .. අපේ කවුරු හරි ඒ හරියට ගිහින් බලන්න පුලුවන් කෙනෙක් ඉන්නවදෝ ..." වත්සලාගේ වට්සැප් ගිණුමෙන් ආයතනේ මිතුරු ගොනුවේ වට්සැප් සමූහයට ආ පණිවිඩය නුරාන් යළි කියෙව්වාය. වත්සලාගේ අම්මා යනු සෝමා නැන්දාය. ඇය නිවෙසක අත් උදව්වට යන...
............. ඔයා එක්ක එකතු වෙලා අපි අපේ ජීවිත හදාගමු කියලා මම කීව දවස් ගාන මට මතක නෑ නුරාන් .. ඒත් මම ඒ හැමදේම අමතක කලා ... මට තවම තේරෙන්නේ නෑ, ඇත්තටම මම ඔයාගෙන් ඈත් වුනේ ඔයාගේ ගෙවල් දැකලාද, ඔයාට තියෙන ජීවිත බර දැකලාද, ඔයා මට වඩා ඉන්න දුර දැකලාද කියලා...