රන් මල් දම්

හත් වෙනි  මල් දම මන්දාරම් අම්මාට සමුදී කාර්‍යාලය බලා පිටත් වූයේය. ඔහුගේ සිතෙහි වෙනදා වූ සැහැල්ලුව වූයේ නැත. අම්මා වෙනදාට වඩා වෙනස් බව ඔහුට දැනෙයි. වෙනදා නොවූ උනන්දුවකින් ජංගම දුරකතනය දෙස බලා සිටින අබ්ව මන්දාරම් දින කිහිපයක්ම දුටුවේය. තාත්තා මිය ගියේ හදිසිරිය අනතුරකින් බව මන්දාරම්ට මතකය. එහෙත් ,  එය සැලසුම් සහගතව...
හය වැනි මල් දම පසන් නිවෙසින් ගියේ දිලුම් නිවසට පැමිණ ඔහුට යම් ඇණුම් පදයක් කීමෙ පසුවය. දිලුම්ගේ ආකල්ප සහ හැසිරීම් පසන්‍ට කොයි ලෙසකින්වත් දරාගටහ් නොහැකි සහ ඉවසාගන්නට නොහැකි ඒවා වුවද ඔහු ඒ සියල්ල ඉවසමින් නිම්නාවී සතු කර ගැනීමේ අදිටන පමණක් හිතේ තබා උන්නේය. දිලුම් සමඟ ගැටීමෙන් තමාට ලැබෙන කිසිවක්ම නොමැති...
පස් වැනි මල් දම නිම්නාවී  දිලුම් අමතා රිය අනතුරෙහි කාන්තාව පිළිබඳව සොයා බැලුවාය. ඇය රෝහලෙන් පිටව ගොස් තිබීමේ සැහැල්ලුව දැනුනද, ඇයට ඇවිදීම අපහසු බැවින් සෑහෙන කලක් එක් ට්ඃඇන් වී සිටීමට සිදුවේය යන ආරංචිය නිසා නිම්නාවී යළි කලබලයට පත් වූවාය. " කලබල වෙන්නෙපා අක්කේ.. හෙමින් නමුත් අනිවාර්‍යෙන් ඒ ආන්ටි ඇවිදීවී .. මම...
සිව් වැනි මල් දම පසුදා මන්දාරම් රෝහලට යන විට රන්දුලාගේ උපකාරය ඇතිව දිලුම් මන්දාරම්ගේ මව අසලටම විත් සුව දුක් ව්චාරන්නට ඉඩ සකසා ගෙන තිබුනේය. මන්දාරම් සහ චානකද  ද දිලුම් වෙත ඉතාම හිතවත් සිනහවක් පාමින් අම්මාගේ තොරතුරු විමසා දැනගන්නට උත්සුක වූයේය.  දිලුම් ඒ වනවිට වූ තත්වය ඉතා සරලව එහෙත් වගකීම් සහගත...
තෙවැනි මල් දම අම්මා හදිසි රිය අනතුරකට මුහුණ දී ඇතැයි ඇමතුම ලැබෙන විට මන්දාරම් උන්නේ දිවා ආහාරය ගෙන අවසන් කරමිනි. රෝහල් පොලිසියෙන් ලැබුණ ඇමතුම අදහා ගන්නට නොහැකිව ඔහු යළි යළි එයම විමසා තහවුරු කරගත්තේය. මේ වෙලාවේ අම්මාට පානදුරට යන්නට ඇති උවමනාව මන්දාරම්‍ට වටහා ගන්නට හැකි වූයේ නැත. පියවි සිහියට එලැඹි...
දෙවෙනි මල් දම දිලුම් රන්දුලාව සම්බන්ධ කර ගැනීමට දැරූ කිසිඳු උත්සාහයක් සාර්තක වූයේ නැත. අම්මලා විදෙස් සංචාරයක යෙදෙමින් උන් නිසා නිවසේ සිටින්නේ සේවය කරන අයවලුන් පමණක් බව දිලුම් දැන සිටි නමුත් එවෙලෙහි රන්දුලා මඟ හැර සිටීමට ඔහුට හැකි වූයේද නැත.   " අක්කේ .. මම හොස්පිට්ල් එකට ගිහින් තත්වේ බලලා එන්නම්...
පලමු මල් දම නිම්නාවී කාමරය තුලට දිව යද්දී දිලුම්ද ඇය පසුපසම ඉක්මන් ගමනින් ඇවිද ගියේය. අක්කා මෝටර් රිය මිදුලේ නැවැත්වූ වේගයත්, කාමරය තුලට දිව ගිය වේගයත් අනුව යම් අසාමාන්‍ය දෙයක් සිදුවී ඇති බව දිලුම් ඉවෙන් මෙන් වටහා ගත්තේය. කාමරයේ දොර වූයේ සම්පූර්ණයෙන්ම විවෘ තවය . නිම්නාවී කාමරය තුළ උන්නේ නැත....