“මොන මගුලක්ද ඕයි තමුසෙට වෙලා තියෙන්නෙ?” කියා මේධාට ඇමතුමක් ගන්න උත්සහ කරත් ඇමතුම සම්බන්ද වෙන වාරයක් පාසා මේධා එහා පැත්තෙන් දුරකතන ඇමතුම කට් කරද්දී හිත අස්සේ වූ තරහව එන්න එන්න වැඩිවෙනවා චිරත්ට නොදැනුනා නොවේ.
“මම ටික දවසක් අම්මලගෙ ගෙදර ඉන්නවා. සිකුරාදා ඉඳලා බබාලගෙ ඉස්කෝලෙ නිවාඩු හන්ද ටික දවසක් ඉන්න පුලුවන්...
“මේධා, ප්ලීස් මම කියන දේ අහන්න.හරී මං පිළිගන්නවා මගෙන් වරදක් වුණා. මම පහුගිය මාස කිහිපය පුරාවටම ඔයාටයි බබාටයි වඩා ප්‍රයොරටයිස් කලේ බිස්නස් එකේ වැඩයි ඔෆිස් එකේ වැඩයි කියන එක මම පිළිගන්නවා. මට ඒකට සමාවෙන්න. ඒ වුණාට ඒක අපි දෙන්නම එකතුවෙලා කතා කරල විසඳගන්න ඕන ප්‍රශ්නයක් මිසක් ඔයාගෙ අම්මල තාත්තලව...
“දැන් ඔයා මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නෙ බබා?”
“තාත්ති අහන දේ මට තේරෙන්නෙ නෑ”
“ඔය මනුස්සයව ඔයාට තවදුරටත් ඕන කියල ඔයා හිතනවද? මැරේජ් එකක් කියන්නෙ මේ ඔහොම දුක් විඳින්න ඕන එකක් ද බබා? මෙලො දෙයක් නැති, අම්මල අප්පලා කියන උන් නැති තැන්වල ගෑණු ළමයින් නම් තමන්ගෙ ප්‍රශ්න කියාගන්න කෙනෙක් නැති හන්දා දුක්...
“ඔයාලගෙ අම්මල මාර මිනිස්සුනෙ මේධා. මේ ඔයයි මමයි කියන්නෙ මේ ලෝකෙ පලවෙනියටම රණ්ඩු වෙච්ච කපල් එක ද? ඊයෙ රෑ උනේ මේ ලෝකෙ පලවෙනි රණ්ඩුවද? මොකද ඔයාලගෙ අම්මයි තාත්තයි කවදාවත් රණ්ඩු වෙලාම නැද්ද? නිකන් මේ තොත්ත බබාලා වගේ කතා කරන්න හදන්නෙ?” කියා චිරත් ගේ කටහඬ දුරකතනය ඔස්සේ ඇහෙද්දීත් මේධාවිණී උනේ...
“පුදුම මිනිහෙක්නෙ. ඔහොම තමන්ගෙ වයිෆ් එක්ක රණ්ඩු උනා කියල රෑට ගෑණිවයි ළමයවයි ගෙදර දාලා හරිහමං මිනිහෙක් රෑ තිස්සේ ඔහොම ගමං බිමං තියාගන්නවද මං අහන්නෙ? ඕක මම කවුද කියල දැනගන්නෙ මගෙ දරුවට කරදරයක් උනා නම් තමයි” කියා ගෙදර සාලේ එහා මෙහා ඇවිදිමින් කෝපයෙන් වචන පිට කලේ මේධාවිණීගේ තාත්තා වෙච්ච මනුර...
පෙත්මලීගේ පේරන්ට්ස් මීටින් එකට තමන්ට යන්නට බැරිවෙච්ච එක වරදක් බව දන්න නමුත් චිරත් උන්නේ හිත ඇතුලෙන් මේධාවිණී කිව්ව හැමදේම කිරා මැන බලන ගමන් ය. තමන් මේ හැමදේම කරන්නේ මේධාවිණිත් පෙත්මලීගේත් ජීවිතේ මීට වඩා සුඛිත මුදිත කරන්න බව දන්න නමුත් මේධාවිණීගේ ඔලුවට ගිණි ගෙඩි දාන්නේ ඇගේ අම්මා බව චිරත් නොදන්නවා...
“හැමදේම මම තනියෙන් කරගන්න නම් මම මොකටද චිරත් ඔයාව කසාද බැඳගත්තෙ? අපරාදෙනෙ? මම තනියෙන් ඉඳියනම් කොහොමත් හැමදේම තනියෙමනෙ කරගන්න වෙන්නෙ” කියා කියන ගමන්ම මේධාවිණී ෆ්‍රයිඩ් රයිස් එකට දාන්න කැරට් ගෙඩිය කපාගෙන කපාගෙන ගියේ චිරත් එක්ක තියෙන තරහා කැරට් ගෙඩියෙන් පිටකරන්න මෙනි. චිරත් උන්නේ කුස්සියේ මේසය අද්දරට වී පෙත්මලීගේ කෑම...
Wifey ❤ කියා දුරකතන තිරය මත ඇමතුමක් සටහන් වුණත් චිරත් ගුණවර්ධන උන්නේ ඒ ඇමතුම හා සම්බන්ධ වෙන්න බැරුවය.
තමන් දැන් දුරකතන ඇමතුම කීප සැරයක් කට් කරන නිසා මේධාවිණී ඇත්තේ කලබලයෙන් වගේම තරහෙනුත් වෙන්න ඇති බව චිරත්ට ඒ වැදගත් ක්ලයන්ට් මීටින් එක අතරවාරෙත් මතක් නොවුණා නොවේ. ඒත් ඒ වෙලාවේ ඒ ඇමතුම...