වසර විස්සකට පසු
කාළය ගෙවෙන්නේ ඇහිපිල්ලමක් ගසන සැණකින් බව සුමධුරත් සිසිමාධවිත් තේරුම් ගත්තේ තමන් වයසට ගිය බව දුටුවාට වඩා තම උකුල උඩ වාඩි වී සෙල්ලම් කරමින් උන් දෙව්මිත් චනුකත් උස් මහත් වූ අන්දම දැකීමෙනි.
කුඩා කල සිට අම්මා තමන් උස් මහත් කරන්නට වින්දාවූ දුක දුටු දෙව්මිත් චනුකත් හොඳින් ඉගෙන ගනිමින් යහපත්...
“මාධවී”
“මහත්තය”
“මම දෙයක් කියන්න ඔයා මං ගැන වරදක් හිතන්නෙ නෑ කියල පොරොන්දු වෙනවද?”
“කියන්න මහත්තය”
“අම්මගෙ හත් දවසෙ බණ ඉවරවෙල යද්දි කට්ටිය මට කිව්වා දැන් උනත් පරක්කු නෑ කියල අම්මගෙන් හිස් වෙච්ච ගෙදර අඩුව පුරවන්න මං කාව හරි ගේන්න. මම හිතුව ඒක ඇත්තටම කරන්න හොඳම වෙලාව දැන් කියල”
“ඔව් මහත්තය” සිසිමාධවි දෙනෙත් බැල්මකින්වත්...
අයිරාංගනී තිලකරත්න, තම නිස්කලංක ජීවිතය හැරදා තම දයාබර සැමියා වූ ලලිත් සොයා දෙව්ලොව ගියේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ දිනයක උදෑසනය. ඒ වනාහි සුවබර මරණයක් බව සිසිමාධවී තේරුම් ගත්තේ ඇයගේ මුවඟ රැඳී තිබුන මනරම් සිනහව දුටු තැනය. ඒ වනාහී ජීවිතය තමා කැමති අයුරින් , නිස්කාංසුවෙ ගෙවූ, නිසසල, යහපත් සිතක් තිබූ මෙහෙණක්...
කාලය ගෙවුණේ නොසිතූ තරම් ඉක්මණින් ය. තිලකරත්න නිවස ආයෙම වරක් ජීවයෙන් පිරෙන්නට දෙව්මි සහ චනුකගේ සිඟිති සිනාවන්ද සිසිමාධවීගේ පහසින් පණ ලැබූ මුලුතැන්ගෙය සහ උඳ්යානයද හේතුවක් විය.
සුමධුර විවාහයක් කර නොගෙනම තාත්තා කෙනෙකු වී උන්නේය. දෙව්මිත් චනුකත් රෝද පුටුවේ උන් අයිරාංගනීගේත්, වැඩ ඇරී නිවස බලා එන පනස් වියට කිට්ටු වෙමින් උන්...
තිලකරත්න මැදුරේ පිටුපස උද්‍යානයට අලලා තනා තිබුන කුඩා නිවෙස රතු ගලින් නිමවූවකි. ලලිත් තිලකරත්න තමන්ගේ ගෘහ අලංකරන කාර්යාලය පලමුවෙන්ම ආරම්භ කලේ එහිය.
කාලයත් සමග ව්‍යාපාරය් දියුණු වෙද්දී ඒ කාර්යාලය නිවසින් බැහැර ගොඩනැගිල්ලකට ගෙන ගිය පසු නිවස පසෙකින් තනා තිබුන මේ කුඩා නිවහන වසා දමා තිබුනේ අනවශ්‍ය දේ ගොඩගසාය.
සුමධුර සිසිමාධවී සමග...
සිසිමාධවී තිලකරත්න නිවසට ආවේ දෙව්මි සහ චනුක සමගය. ඊයේ රැයේ වුණු සන්තෑසිය කියන්නට සහ උදව්වක් ඉල්ලගන්නට අයිරාංගනී සහ සුමධුර හැරෙන්නට කිසිවෙක් සිසිමාධවීට උන්නේ නැත.
උත්පලා අක්කා ඊයේ රැයේ ගම දෙවනත් කරද්දී සිසිමාධවී නිවස තුලටම වී දරුවන් දෙදෙනා තුරුලු කරගෙන කඳුලු සැලුවේ මේ රැයේ ඔවුන්ගේ තැනක වැටී ඉද්දී එලියට බැස රණ්ඩු...
නිලන්ත එදයින් පසුව එසේ රාත්‍රියේ තම නිවසට රහසේ එන ගමන් නතර කරාවියැයි සිසිමාධවී හිතුවද ඒ සිතුවිල්ල හිත අස්සේ තබාගන්න ඇයට පුලුවන් වුනේ ඉනුත් දවස් දෙක තුනක් යනතුරු පමණකි. හවස ආ හැටියේ මැහුම් ගෙතුම් ඉවර කර ඉක්මනින් නින්දට ගිය සිසිමාධවී වෙනදා මෙන් රෑ වන තුරු ගෙතුල පහන් දල්වා තිබුනේ නැත....
ගෙදර අවදියෙන් උන්නේ සිසිමාධවී පමණකි. ඒ රැයේ නිහඬතාවය බිඳලනු පිණිස නැගී ආ මහන මැශිමේ හඬත්, අන්ධකාරය මකාලනු පිණිස දල්වා තිබුන විදුලි ආලෝකයේ එළියත් හැරෙන්නට සිසිමාධවී තනිකම මකන්නට කිසිවක් එහි තිබුණේ නැත.
බොහෝ බර කල්පනාවක ගිලී සිසිමාධවී මසමින් උන්නේ දෙව්මිගේ පාසලේ විවිධ ප්‍රසංගයේ දරුවන් කිහිපදෙනෙකු කරන නැටුමකට අවශ්‍ය ඇඳුම් කිහිපයක එම්බ්‍රොයිඩර්...
“මම කැමති නෑ පුතා”
අයිරාංගනී එසේ කියා සුමධුර දෙසම මොහොතක් බලා උන්නාය. අම්මා අකමැති වනු ඇතැයි හිතමින් උන්නද එය ඇගේම හඬින්, ඇඟේම වචනවලින් ඇහෙද්දී සුමධුරට දැනුනේ හිත කැඩී යන්නට වෙර දරන බවකි.
සමහර දේවල් මෙයාකාරයෙන් සිදුවනවා යැයි හොඳාකාරවම දැන උන්නද, ඒ මොහොත භාරගන්නට හිත කලින්ම හදාගෙන ඉන්නවා යැයි හිතුවද එය සිදු...
වෙනදාට රෑ කෑම අයිරාංගනි වෙනමත් සුමධුර වෙනමත් ගත්තා වුව එදා අයිරාංගනී “පුතා අපි අද එකට ඩිනර් ගමු” කියා සුමධුරගෙන් ඉල්ලා සිටියාය.
අම්මා එසේ ඉල්ලන්නේ හේතුවක් නිසා බවත් ඒ හේතුවට කාරණා සැපයුවේ තමන් බවත් දැන හුන් සුමධුර කලබල උනේ නැත. අනෙක් අතට කෙසේ හෝ මේ ගැන අම්මා සමග කතා කරන්නට ඉඩක්...