අහිමි සිහින

ahimi sihina
සුධාරකට රාජකාරි කටයුත්තක් සඳහා ඇමරිකාවට චාරිකාවක් යාමට ලැබුණේ ඔය අතරේදී.ඔහු ඒ ගමනට සැරසුණේ බොහොම ආශාවකින්.මට සුපුරුදු විදිහටම ඔහුගේ ගමන් මල්ල සැකසීමට පැවරුණා.ඔහු කෑම බීම ටික හරියට ගනීද වත් නොදන්න නිසා සැකසූ ආහාර,සැකසූ නූඩ්ල්ස් වර්ග,බිස්කට් ආදියත් යවන්නට මම අමතක කළේ නෑ.මොකද සමහර වෙලාවට ඔහුට කෑම බීම ගැන වගේ වගක් නැති...
ahimi sihina
මාතෲ භාර්යාවක වන්නට හැම බිරිඳටම බැහැ.සුධාරක සම්බන්ධයෙන් මා එසේ වූ බව මම හැම මොහොතකම මතක් කරන්නේ සැනසිල්ලෙන්.මා ඔහුව දරුවෙකු සේ රැක බලා ගත්තා.ආදරේ කරන කෙනෙකුට වඩා මම ඔහුට මවක් සේ සැලකුවා.අවුරුදු පනස් හතරක වැඩුණු මිනිසෙකුගේ නියපොතු කපන්නටත් කන් සුද්ද කරන්නටත් පවා මම කටයුතු කළ බව ඔබ විශ්වාස කරනවද?මම එවැනි...
ahimi sihina
ජීවිතය ආදරයෙන් ගලා යමින් තිබුණා.ආදරණීය ජීවිතයක විස්තර ඔබත් සමඟ වසර ගණනක් කියන්නට මට පුලුවන්.ඒත් මගේ කතාව සරල සාමාන්‍ය ආදර කතාවක් නෙවෙයි.මේ සිහින හිමිව අහිමිව ගිය ගැහැනියකගේ කතාවක්.ඒ නිසා සුන්දර දවස් ගැන අසීමාන්තික විස්තර ඔබට කියන්නට මගේ බලාපොරොත්තුවක් නැති තරම්.ආදරය සහ ප්‍රේමය විවාහ ජීවිතයක් බොහෝ සුන්දර කරනවා.ලියනවා නම් එවැනි සුන්දර...
ahimi sihina
මම මගේ ක්ෂේත්‍රයේ මට හැකි උපරිමයෙන් ඉදිරියට එන්නට වෙනකොට කටයුතු කරමින් සිටියා.හැබෑවටම මම ඒ වෙනකොට රටේ බොහෝ පිරිසක් දන්නා චරිතයක් බවට පත්වෙමින් තිබුණා.ඒ නිසාම දැන් මම ඉස්සරට වඩා වෙනස් ඇති කියලා මා මුලදී දැන හඳුනාගෙන හිටපු බොහෝ දෙනෙක් හිතන්නට වුණා. "ඔයාට දැන් අපිව මතකද?" ඉඳහිටක මුණගැසුනු නෑදෑයින් සහ හිතමිත්‍රාදීන් මගින් එහෙම...
ahimi sihina
දින කිහිපයක්ම ඔබට අහිමි සිහින ගෙන එන්නට නොහැකි වීම ගැන මුලින්ම අපි ඔබෙන් සමාව ඉල්ලා සිටිනවා.යම් අපහසුතා කිහිපයක් නිසා තමයි ඔබ මඟ බැලුවත් කතාව කියන්නට නොහැකි වුණේ  ගඟක් මෙන් ගලා යන ජීවිතය ඉතා නිස්කලංක ගලා ගිය කාලයක් ගැන තමයි මම ඔබට කියමින් හිටියේ.බොහෝ වේදනා සහ මානසික පීඩා දරා ගත් ගැහැනියකට...
ahimi sihina
සුධාරක වැඩියෙන්ම සතුටු වුණේ මම ඔහු සමඟ සෑම මොහොතකම රැඳීමෙන්.මා ඔහුගේ රාජකාරි ස්ථානවල ඇති උත්සව වලට පවා රැගෙන යාමෙන් ඔහු ඉතාමත් සතුටට පත් වුණා. "මේ ඉන්නේ මගේ වයිෆ්" ඔහු මාව සෑම තැනකටම හඳුන්වා දුන්නේ එහෙමයි.එනිසාම මා ඔහුගේ බිරිඳ බව සෑහෙන දෙනෙකු සිතාගෙන සිටියා.දිල්හානි ගැන බොහෝ දෙනෙකු නොදන්නා තරම්. "මේ ඉන්නේ මගේ වයිෆ්" ලෙස...
ahimi sihina
මගේ කතාව ජීවන අන්දරයක්.ඒ කතාව කියවා යද්දී ඔබට විවිධ චරිත මුණ ගැහෙනවා.කාන්තා වෙබ් අඩවියක පළ වෙන කතාවක් නිසාම මේ කතාව කියවන ඔබ බහුතරය කාන්තාවන්.මේ කතාවේ හිඳින ඔබට හමු වූ ඉදිරියට හමුවන්නට නියමිත චරිත බොහොමයක් ද කාන්තා චරිත.මේ හැම කාන්තාවක්ම ජීවිතයට ආ විවිධ අභියෝග බාර ගත්තේ විවිධාකාරයෙන්.ඒ තම තමන්ගේ ජීවන...
ahimi sihina
පවුලක් ලෙස එක් වී කටයුතු කරන්නටත් එහි සතුට විඳ ගන්නටත් මට ලැබුණේ සුධාරක සමඟ එක්ව ජීවිතය ඇරඹීමෙන් පසුවයි.හැම පවුලක් ම සතුටින්ම සමරන උත්සවය මහත් ඉහළින් සහ ඉමහත් සතුටින් අපිත් සමරනු ලැබුවා. "ඒ සිංහල අලුත් අවුරුද්ද" සිංහල අලුත් අවුරුදු වෙනුවෙන් මම සෑම කැවිලි වර්ගයක්ම පිසින්නට අමතක කළේ නෑ.සුධාරක මා අසලට වී ප්‍රශ්න...
ahimi sihina
"පුතු සෙනේ මස්‌ නහර හම සිඳ ඇට සොයා ගොස්‌ ඇට තුළට වැද ඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" එදිරිවීර සරච්චන්ද්‍රයන් ලියූ සිංහබාහු නාට්‍යයේ එන ඒ පද පෙළ මම සැබෑ ජීවිතය තුළ අත් දුටුවේ මගේ සුධාරක නිසා.ඔහු සතුටින් ඉන්නා වග හඟවමින් සිටියාට ඔහු විඳි අසීමිත මානසික පීඩාවක් මම හොඳින්ම අත් දුටු...
ahimi sihina
ප්‍රේමයෙන් පිරී ගිය ජීව්තයක් හිමි වූ විට කාලය ගලා යන්නේ අපිටත් නොදැනීමයි.දහතුන් වියැති පුංචි කෙල්ලක කාලයේ ලිපියක් යවා හාද කරගත් ආදරවන්තයා සමඟ එක නිවසක වෙසෙන්නට මට ලැබුණේ මැදි වියේදී.ඒත් ආදරය වයින් වලට සමාන වග මම අසා තිබෙනවා. පරණ වෙන්න වෙන්න රහ වැටෙන ආදරයක්! ඔව්,අපේ ආදරය එහෙම කතාවක්.අපි ආදරයෙන් සහ සැනසීමෙන් ජීවත්...