ආකාස මෝස්තර

කාලය ගෙවී ගියේ වේගයෙනි. දිනකට පැය විසි හතරක් ප්‍රමාණවත් නැති ය කියා සිතෙන තරම් වේගයෙනි. චන්දුල තරග වැදුණු සියලු වට වලදී විනිශ්චය මණ්ඩලය විසින් ඔහුව ඉදිරි වටය සඳහා නිර්දේශ කරනු ලැබිණ. එන්න එන්න ම තරගකාරීත්වය වැඩි විය. චන්දුල වැඩි වැඩියෙන් පුහුණුවීම් කළේ ය. ඔහු තරග වැදෙනා වටයක් රූපවාහිනියේ විකාශය...
රිදී ට පෙර චන්දුල වේගවත් අඩි තබා ගෙදර ගියේ ය. ඔහු වෙව්ලමින් සිටියේ ය. එ් කෝපය දත් ඇඳි පවා එකිනක හප්පන්නට තරම් හේතු වූයේ ය. ඔහු ගෙතුළ ඒ මේ අත දෙතුන් වරක් ඉක්මන් ගමන් ගියේ ය. ඇස් වලින් කේන්තිය විදිමින් තිබිණ. ගෙයි මැද කෑල්ලේ ඇඳේ වැතිර සිටි ජුලී නැගිටිමින්...
ඒ රාත්‍රිය, සිහිනයක කෙළවරක තිබූ මනරම් වර්ණ අහුරකි. චන්දුල ගේ ගීතය නිමා වීමෙන් පස්සේ ගඟුල් එය නැවත ද මුලට ගෙන පිරිසට බලන්නට සලස්වා දුන්නේ ය. ඊට පස්සේ ඔවුන්ට එය යළි යළිත් නැරඹීමට අවැසි විය. වෙනත් ගීතයක් බලන්නට උවමනාවක් වූයේ ම නැත. උමා හා පාරුල් තේ සූදානම් කොට පිළිගැන්වූහ. "හරි හරි...
ගී තරු තරගයට ඉදිරිපත් වී සිටි දහස් ගණනක් අයදුම්කරුවන් අතරින්, විටින් විට සිදු වූ තරග හා විනිශ්චයන්ගෙන් නොකඩවා තරගකරුවන් ඉවත් කෙරිණි. දහස් ගණනක් අතුරින් දෙසිය දෙනෙකු තෝරා ගැනුණේ එලෙසිනි. රූපවාහිනිය ඔස්සේ විකාශය වීම ඇරඹුණේ තෝරාගත් දෙසීය දෙනාගෙන් පසු තරඟාවලියයි. එහි චන්දුල ගී ගයන දෙසිය දෙනාගේ වටයේ දී ඔහු ඉදිරි...
මහජන පුස්තකාලය ඉදිරියේ වන විවිධ හැඩ වලට කැපූ මල් පඳුරු මතට පොද වැස්සක් වැටෙමින් තිබිණ. මේ අකල් වැස්සකි. පුස්තකාලයට එත්දී වැස්සක සලකුණක් හෝ දැකිය හැකි වූයේ නැත. ගඟුල් දෑත් පපුව මත බැඳගෙන ගැබ්බර අහස දෙස බලා හිඳී. පාරුල් මඳහස් වතකින් ඔහු දෙස බලා සිටියා ය. "දුවගෙන වාහනේට යනවද නැත්තං කැන්ටීන්...
පසන් ගේ පෞද්ගලික ලිංගික රුචිකත්වය ගැන දැනගැනීමෙන් පස්සේ පාරුල් තුළ ඇතිව තිබුණා වූ ජුගුබ්සාජනක හැඟීම, මඳින් මඳ තුනී ව ගොස් තිබිණ. ඊට පස්සේ වෛද්‍ය පීඨයට යත්දී ඇගේ හිතේ ඇඳෙමින් මැකෙමින් තිබුණේ වත්තේ යොවුන් දරුවන්ට ගඟුල් කළ කතාවයි. ඒ අතරේ ඔහු ගේ දෑස් කතා කළ අයුරුයි. ඔහු වෙතින් විහිදුණු අව්‍යාජත්වයේ...
ගඟුල් විජයවීර නගරාධිපතිවරයා උදයෙන් ම අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු ටික අවසන් කළේ ය. ඊළඟට ඒ මේ අතට ඇමතුම් කිහිපයක් ගෙන පෞද්ගලික විශ්ව විද්‍යාල ආශ්‍රිතව වන නීති උපාධි පාඨමාලා ගැන විපරම් කොට බැලුවේ ය. ඔහු තුළ හදිසි උනන්දුවක් ඇති වී තිබේ. අතරමග නතර වූ උසස් අධ්‍යාපනය ගැන ප්‍රථම වතාවට පසුතැවීමක් ද...
ඈත අහසේ තැන් තැන් වල විදුලි එළි දැල්විණ. අකුණක් පුපුරා යන ගෙරවිලි හඬ ද දුර ඈතකින් ඇසුණේ ය. ලොන්ඩරි වත්තේ මිනිසුන් ට වැස්ස වූ කලී සොඳුරු අත්විඳීමක් නොවේ. වැස්සක පෙර නිමිති දකිත්දී ඔවුන් ගේ පපු කුහර තුළ ගින්නක් ඇවිළේ. ඊළඟට එළඹෙන්නේ රෙදි කෑල්ලක් අපුල්ලා වේලාගන්නට බැරි වෙන දවසක් දැයි...
පසන් විජයවීර ට දහඩිය දමා තිබිණ. යහන මත හිඳගත් හෙතෙම සුරතින් නිකටත් කොපුලුත් පිරිමැද ගනිමින් සිටියේ ය. හුළං ගිය බැලුමක් සේ ඔහු හැකිළී ගොස් තිබේ. මදූෂ් දෑතින් තේ කෝප්ප දෙකක් ගෙනෙමින් එකක් පසන් වෙතට දිගු කළේ ය. ඔහු තේ එක ගත්තේ මදූෂ් දෙස බලන්නේ හෝ නැතිවයි. නමුත් මදූෂ් ගේ මුහුණේ...
ගඟුල් විජයවීර ගෙදර පැමිණ යහනට වැටුණේ හදවතේ යම් අඩුවක් පැවතී ද තෘප්තිමත් මිනිනෙකු ලෙසයි. ඒ විදුලි බුබුළු වල වර්ණ එළි මාරුවෙන් මාරුවට ඔහු ගේ මනසෙහි දිගින් දිගට ම ඇඳුණේ ය. ඒ එළි අතරෙහි පාරුල් දෙව්රූ ඇල්ලගේ ගේ ඇස් වල එළි ද විදුලි කෙටුවේ ය. උදයේ රාජකාරියට යන්නට පැය දෙක...