එකම එක හාදුවක්

ඒ වචන අස්සේ හැංගී තිබුණේ ආදරයකට එහා ගිය වගකීමක් බව හඳුනාගන්න ශාර්වරීට අපහසු වුණේ නැත. දෙනෙත් තෙත් කරමින් කඳුලු බිංදු වැගිරෙද්දී ඒ කඳුලු බිංදු නෙවින්ගේ පපුව අස්සේ හංගන්න ශාර්වරී දෙපාරක් හිතුවේ නැත. “මං දන්නවා වෙන කාලෙක උනා නම්, සමහර විට මට මේ හැමදෙයක්ම අමතක වෙන්න කලින් උනා නම් මම ඔයාට...
“ඔයා මට නොකියපු දේ ඒක නම්, අපි අතරෙ ඉස්සර තිබුණ බැඳීම දැන් නෑ කියලා ඔයා කියන්නෙ ඒක නම්, මට ඔයාව විතරක් මතක් වෙච්ච එක අපරාදෙ නේද? ඇයි ශාර්වරී මට ඔයාව විතරක් මතක් උනේ. මට ඒකත් මතක් නොවී තියෙන්න නේද තිබුණෙ?” කියා නෙවින් අහද්දී ඔහු ඉන්නේ තමන්ව ආයෙ මතක් වෙච්ච එක...
වෙනස් වී තිබුණේ නෙවින් පමණක් බව ශාර්වරීට හිතුවේ ගහක කොළයක්වත් වෙනස් වී නොතිබුණ නෙවින් සේනාරත්න වාසය කරන කාල්ටන් අපාට්මන්ට් සංකීර්ණය දකිද්දීය. ඒ කාල්ටන් අපාර්ට්මන්ට්ස් වලත් ඒ අවට පාරවලුත්, ඒ ගහකොල පවා සැලුනේ “ආයෙමත් ආවාද? ඉතින් කොහොමද?” කියා අසන හිතවත්කමකින් බව ශාර්වරීට හිතුණාය. වෙනදා මෙන් අපාට්මන්ට් සංකීර්ණයේ වාහන අංගනයේ පිටිපස්සෙ...
උදේ පාන්දර බස් එකේ නැගී නුවර සිට කොළඹ එන එක මෙච්චර අමාරු බව දන්නවනම් ගෙදර නතරවෙන බව හිතුවත් මේ ගමන අවසානයේ නෙවින්ගේ සුන්දර දෙනෙතත් මුහුණත් දකින්න ලැබෙන බව දන්න හන්දා ශාර්වරී හිතට ඕනවට වඩා මහන්සිය හිතට අරගන්න ඉඩ දුන්නේ නැත. “බස් එකේ වාඩිවෙලා එද්දි හරිම මහන්සි අනේ. කොන්ද රිදෙනවා” කියා...
කොළඹත් නුවරත් යා කෙරූ අලුත් ආදරයක් පටන් ගත්තේ විදියටය. “ඔයා එහෙම හිතුවට මම හිතන්නෙ නෑ අක්කෙ නෙවින් අයියා ගිය පාර වගේම මේ පාරවත් ඔයාව අමතක කරාවි ඔයාව නොගැලපෙනවා කියලා හිතාවි කියලා. ගියපාර උනෙත් ඒ මනුස්සයට මේ කොහෙද තිබ්බ අපලයක් පල දීපු එකක්නෙ. ඒකෙන් මේකෙන් ඔයාලා දෙන්නම දෙතැනක දුක් වින්දා මිසක....
“මට දේවල් කිසිම දෙයක් ඇත්තටම මතක නෑ. කොටින්ම ඔයාගෙ නංගි කියනකම් මට ඔයාගෙ නමවත් මතක නෑ. එයා කිව්වට පස්සෙවත් මට ඒක මතක් වුණේ නෑ. මං දන්නෙ නෑ මං එහෙම අහන එක හරිද කියල ඒත් ඔයාට පුලුවන්ද මං හින්දා ඔයා එක දවසක් හරි විඳෙව්වා නම් මට ඒකට සමාව දෙන්න?” නෙවින් ඇහුවේ...
පහුවෙනිදාට උදේ වෙනතුරු නෙවින් බලා සිටියත් ශාර්වරී උන්නේ “අනේ අද උදේ වෙන්නෙ නැත්තම්” කියා හිත හිතය. නෙවින් තමන්ව රැවැට්ටුවා යැයි හිතා ඇඳටම වී කල්පනා කර කර ගත කල මාස ගණනාවක් අමාරුවෙන් ගෙවා අවසන් කලාට පස්සෙ අයෙම වතාවක් ඒ සිතුවිලි තමන් සොයා එන එක ගැන තමන් බයවෙන්න ඕන බව දැන...
නවකතාවක, චිත්‍රපටයක ඇරෙන්න ඇත්ත ජීවිතයේ මෙහෙම දෙයක් වෙන්න පුලුවන්කමක් තියෙනවද කියන එක ගැන ඇත්තටම අයේශ්වරී හිතුවාය. අක්කව නැගිට්ටවා මේ කතාව කියන්න තිබුණා නම් හොඳ බව ඇත්තක් නමුත් “නෑ නංගි එහෙම නිදාගන්න දෙන්න. එයා හිතන් ඉඳපු කතාව ඇත්ත නොවුනත් ඒ ළමයගෙ හිතට මාර අමාරු ඇතිනෙ” කියා ලක්ශාන් යැයි හඳුන්වා දුන්...
වැස්සෙන් බේරෙන්නට සෙවණකට දුවගෙන යද්දී නෙවින් තමන්ගේ පස්සෙන් එන්නෙ නැතුව කෙල්ලෙක්ගෙ අතෙන් අල්ලගෙන වෙන තැනකට දුවගෙන ගියේ ඇයිද කියන එක ලක්ශාන්ට ඇත්තටම හිතාගන්න පුලුවන් උනේ නැත. නෙවින් උන්නේ ඒ කෙල්ලගේ අතින් අල්ලාගෙන ඒ මූණ වෙතටම එබීගෙනය. එහෙත් ඒ කෙල්ල උන්නේ නෙවින්ගේ අත අතාරින්න දන්න තරමං දහං ගැට දමමිනි.  “මේ යකා...
“මචං මම තාරුව අම්මලගෙ ගෙදරින් දාලා අද උඹ එක්ක නතරවෙන්න එනවා. මම සඳුදා නිවාඩුවක් දැම්මා. උඹ එක්ක නුවර යන්න එන්න මට පුලුවන්” කියා ලක්ශාන් කිව්වාට නෙවින් නම් කිව්වේම “උඹට පිස්සුද බං? අනික තාරු ප්‍රෙග්නන්ට් නේද? මේ වෙලාවෙ උඹ එයා ලඟම ඉන්න ඕන නේද?” “තාරුම තමයි මට කිව්වෙ නෙවින් අයියට තනියෙන්...