හසාරාත්, ඉන්දුමාත්, සමීරත්, බුවනෙකත් කොළඹ පැමිණියේ කුලියට ලබාගත් කේ.ඩී. එච් වර්ගයේ වෑන් රථයකින්ය. සමීරත් බුවනෙකත් මාරුවෙන් මාරුවට එය පදවාගෙන පැමිණියේය. දරු දෙදෙනා ඉන්දුමාගේ මවටත් සමීරගේ මවටත් හුරුව සිටි නිසා දවසක් දෙකක් ඔවුන්ගේ බාරයේ තබා පැමිණීම අසීරු වූයේ නැත.
කසුනුත් පෙරදා විලසම රෝහල් භූමියට පැමිණ සිටියේය.
“ උඹ හැම පැත්තකින්ම යුතුකම් ඉෂ්ඨ...
තවත් සතියක පමණ කාලයක් ධනංජයට රෝහල් ගතව සිටින්නට සිදු විය. දියුණු රටක වුවත් එහිදී ඔහු වෙනුවෙන් නියමිත වෛද්‍ය ප්‍රතිකාර සිදුවී නොමැති බව වෛද්‍ය වරුන්ගේ මතය විය.
“ අක්කේ හෙට අයියගේ ටිකට් කපනවා කියලා කිව්වා.”
ඒ පණිවිඩය පැමිණෙද්දී හසාරා උන්නේ පාසලේය. කාලච්ඡේදය නිමාවනතුරු සිට ඈ ඉන්දුමා සොයා යන්නට සැරසුණේ ඒ බැව් පවසන්නටය....
තවත් තෙසතියකට වඩා වැඩි කාලයක් ගෙවී යන්නට විය. ධනංජය තවමත් මීගමුව රෝහලේය. උණ තත්ත්වය පහව ගොස් තිබුණත් ඔහුගේ ඇඟට ඇතුළු වූ විෂබීජයක් මොළය දක්වා පැතිර ගොස් එහි වූ සියුම් ස්නායු වලට හානිකර තිබිණ. දින කිහිපයකින් රෝහලින් පිටව යන්නට හැකියාව වුවත් ඔහුට දිගු කාලයක් තිස්සේ ඇඳකට හෝ රෝද පුටුවකට සීමා...
ගතවූ හෝරාවකට පමණ පසුව හසාරාගේ දෑස් ගැටුණේ රෝද පුටුවක තබාගෙන ගුවන්තොටුපල ආරක්ෂක අංශයේ නිලධාරියකු විසින් ඉදිරියට තල්ලු කරගෙන එන ධනංජයගේ රුවය. හැකිතාක් සන්සුන් වන්නට සිතාගෙන සිටියත් තවදුරටත් ඒ සන්සුන්කම රැක ගැනීමට හැකියාවක් ඇයට වූයේ නැත. අඩියට දෙකට ඕ ධනංජය වෙතට දිව ගියාය. ඔහු පසුපස වෛද්යවරයෙකුයැයි සිතිය හැකි පුද්ගලයෙකුද විය....
දෙසතියක ඇවෑමෙන් ධනංජයව ලංකාවට ගෙන්වා ගැනීමට ඔවුනට හැකියාව ලැබිණ. නිර්මිතා පිළිබඳව වූ අවසන් ආරංචිය වූයේ එරට වාසය කරන පුද්ගලයෙකුගේ මාර්ගයෙන් ඇය නිදහස ලබා කඳවුරෙන් පිටව ගිය බවය. නිර්මිතාගේ මවත් නැගණියත් හඬා වැටුනේ ඒ ආරංචියෙන් කම්පා වීගෙනය.
“ සමහරවිට එයාට එහේදී හම්බ වෙච්ච මනුස්සයෙක් එක්ක එයා යන්න ඇති. එයා හැමදාම බැලුවේ...
ප්‍රංශයේ ජීවත්වන කසුන්ගේ මිතුරාත් ශානකගේ සොහොයුරෙකුත් ධනංජය ගැන තොරතුරු සොයමින් සිටියේය. ඔහු වෙනුවෙන් කඳවුරට ගිය නීතිඥවරයා හා කතා කරන්නට හසාරාට අවස්ථාව ලැබුණේ කසුන්ගේ මාර්ගයෙන්ය. කඳවුර පුරා පැතිර ගිය උණ රෝගයක් නිසා ධනංජය රෝහල් ගත කර ඇති බවත් ඔහුගේ තත්ත්වය තරමක් අසාධ්‍ය බවත් පැවසූයේ නීතිඥවරයාය. ශානකගේ මිතුරා නීතිඥයා හා සම්බන්ධ...
හසාර තම සොයුරිය හා සියල්ල පැවසූයේ සවසය. ඇයත් ඇගේ සැමියාත් ධනංජය ගැන සොයා බලන බවට හසාරාට පොරොන්දු විය.
“ හැබැයි නංගි ඔයා කියනවා වගේ මේක යුතුකමක් විතරක් කරගන්න ඕනේ. අවුරුදු ගානක් ආදරය කරලා මිනිස්සු එක වහලක් යටට යන්නේ හිතුණු ගමන් දාලා යන්න නෙමෙයි. ඔයා එයාට උපරිමයෙන්ම ආදරය කරපු බිරිඳක්. ඔයා...
එතැන් සිට හසාරාගේ දවස ගෙවී ගියේ ධනංජයව බේරා ගත හැකි මාර්ගයක් සොයන්නටය. ඇගේ සියලු හිතවත්කම් භාවිතා කරමින් අවසන ඔහු පිළිබඳව තොරතුරු සොයා ගැනීමට ඇයට හැකියාව ලැබිණ. පුදුමයට කරුණ වූයේ නිර්මිතා ඒ වන විටත් නිදහස්ව සිටීමයි. ඇය ප්‍රංශය තුළ ජීවත් වීමයි.
“ මට පේන්නෙ මේ ගෑනි මූට කරලා තියෙන්නේ බොරුව. මෙයාගේ...
හිටිහැටියේම කඳවුරතුල ක්ලාන්තව ඇද වැටුණු ධනංජය රෝහල් ගත කර සතියක්ම ගෙවී ගොස් තිබිණ. ඔහුව බලන්නට රෝහලට පැමිණියේ මානව හිමිකම් සංවිධානයක නිලධාරීන් පිරිසක් පමණි. ධනංජය ඕනෑවටත් වඩා මේ ජීවිතය තුළ අසරණව උන්නේය. තමාගේ කියන්නට කාත් කවුරුවත් නොමැති වූ රටක අසරණව මිය යන්නට සිදුවෙතැයි ඔහුට සිතුණු වාර ගණන අනන්තය. එහෙත් ඒ...
“ වෙන කරන්නම දෙයක් නැති නිසයි මම අක්කට කතා කළේ. ගොඩක් වැරදි සිද්ධ වෙන්න ඇති. අයියා ගියාට පස්සේ තාත්තට බයිපාස් ඔපරේෂන් එකක් කරන්නත් උනා. අම්මා ඉන්නේ ඒ තරම් හිත හොඳකින් නෙමෙයි.. අම්මා මට කිව්වා කීප පාරක්ම අක්කට කතා කරන්න ඕන කියලා. මමයි ඒක මගහැරියේ. ඇත්තටම කිව්වොත් හිත හදාගෙන අක්කට...