නුඹ තරම් ප්‍රේමයක්

තිස් හතර වැනි නෙත් සැරිය   අයත්මාලගේ නිවසේ  ගිණි ඇවිලුණි.. අවිශ්ක හිටියේ යක්ශාවේෂ වීගෙනය.ඔහු අතින් ඔහුගේ පාලනය සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස් තිබුණි.  ඒ නිසාම අයත්මාට අවිශ්කගෙන් ගුටි පහර දෙක තුනක්ම දරා ගන්නට සිදු විය. " මට ඇත්ත කියනවා...එදා රෑ එහෙම දෙයක්ද වුනේ?.. තමුසේ ඒ ඔක්කොම හංගගෙන හිටියේ මං අරූව මරාවි කියලාද?..එහෙම නැත්නම් ඌ...
තිස් තුන් වැනි නෙත් සැරිය චත්‍ර නිවෙස තුළට ඇතුලු වූයේ සැලෙන හදිනි. අවිශ්ක කිසිත් නොපවසා නිවෙසට එන්නට සන් කලා පමණක් නිසා චත්‍රට නොසන්සුන්කම උපරිමයෙන් දැනෙමින් තිබුණි.  අයත්මා උන්නේ සිදුවන්නේ කුමක්දැයි සිතාගන්නට නොහැකිවය. මේ අල්ලපනල්ලේ චත්‍රගේ මේ මතුවීම අරුමයකි. අයියා ඔහු කැඳවා ගත්තාද, එලෙසත් නැති නම් චත්‍රම හිතුවක්කාර ලෙසින් මෙහි පැමිණියාද...
තිස් දෙවැනි නෙත් සැරිය සති අන්තයේ අයියාගේ සැහැල්ලුව දෙස සිහිනි උන්නේ අවදානයෙනි. කපිලව මඟ හැර ඔහු සෙනසුරාදා සවස ගමනක් යන්නට පිටත්ව ඇති බව දැනගත් මොහොතේ ඕ වහා චත්‍රට ඇමතුමක් ගත්තාය. එහෙත් ඔහු ජංගම දුරකතනයටද  පිලිතුරු දුන්නේ නැත.  කපිලගෙන් විමසූවද ඔහු යන්නේ කොහිදැයි නොපැවසූ බව කීමෙන් පසු සිහිනි කලබල වූවාය.  අයියා...
තිස් එක් වැනි නෙත් සැරිය චත්‍ර කිසිවක් නොපවසා සිටින්නට සිතුවේය. එහෙත් යලි ඔහු අතීත මතකය දිග හැරියේය. සිහිනි සහ අම්මලා සිතා සිටින්නේ කෙලෙසදැයි යලිත් කීවේය. " කපිල තමයි නංගිගෙ ඔලුවට ඔය කතාව දැම්මේ අයූ .. ඒක උගේ අවුලක් නෙවෙයි. ඌ මට නරකක් වේවි බයට තමයි එහෙම ඇහැ ගහගෙන ඉන්නේ... මං ඔයාව...
තිස් වැනි නෙත් සැරිය අයත්මා දිගින් දිගටම චත්‍ර මඟ හරිමින් උන්නාය. පාසැල අසල ඔහු කැබි රිය නවතා සිටින බව පෙනි පෙනීම ඇය ඒ බව නොදැක්කාක් මෙන් පාසැල තුලට යන්නට තරම් ධෛර්‍ය හුරු කරමින් උන්නාය. ඒ ඇවිද යන මඟ දිගට පසුවන කිස්වක් නොපෙනෙන තරමට නෙත් තෙත් වුවද ඕ ඒ වගක් නොපෙන්වා...
විසි නව වැනි නෙත් සැරිය  අයත්මා උන්නේ සිහිනයක ගුලි වෙමිනි. රාත්‍රී සයනයේ ගුලි වෙමින් ඕ බලා උන්නේ චත්‍රගේ ඇමතුමකි. ඔහු අමතන්නේ නැතිනම්, තමා හෝ ඇමතුමක් ගන්නවායැයි ඕ සිතුවාය. දහවලේ සිදුවූ සියල්ලටම පසු ඔහුට ඇමතුමක් නොගෙන නින්දට යා නොහැකිය. අනෙක් අතට පවුලේ අයවලුන් අතරේ ඔහු පිළිබඳව ඇති දුර්මතය නිසා ඔහු නිවස...
විසි අට වැනි නෙත් සැරිය. " අයූ..." චත්‍රගේ හඬ ඔහුගේ පාලනයෙන් මිදී ගොස් තිබුණි. ඔහු මේසය දිගේ දෑත් දිග ඇරෙන්නට දුන්නේය. අල්ලා ගන්නට හැකි  මානයේ වූ අයත්මාගේ දකුණත අල්ලා ගත්තේය. ඕ උන්නේ සීතල වීගෙනය. එහෙත් චත්‍රගේ දෑතින් මිදෙන්නට ඕ  කලබල වූයේ නැත. " මං සමාවෙන්න කිව්වට කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැති බව...
විසි හත් වැනි නෙත් සැරිය සෙනසුරාදා වන තුරු වූ දින දෙක අයත්මා ගෙවා දැමුවේ කල්පයක් පරිද්දෙනි. සිකුරාදා සවස සිහිනි පැමිණ මුණ  ගැසෙන තුරු ඕ කල් ගෙවුවේ සෙනසුරාදාව කිසිවෙකු උදුරාගෙන යතැයි බියෙනි.  සිහිනි ඕ කැටුව යන්නට පැමිණෙන බවත්, නිවසින් පිටවන විට ඇමතුමක් දෙන බවත් සිහිනි පවසද්දී අයත්මා සිනාසී  හිස සැලුවාය. ඕ...
විසි හය වැනි නෙත් සැරිය අවිශ්ක අමතා ප්‍රමාද වන බව පවසන්නට අයත්මාට සිහි වුවද, ඇය ඒ සඳහා කලබල නොවි උන්නාය. ඇතැම්විට මේ එතරම් වෙලා ගත නොවන කතා බහක්ද විය හැක. අයත්මා එලෙසින් සිතුවද චත්‍රට සැලසුම් තිබුනේය. " මචං.. මට මගදී අයත්මාව මුණ ගැහිලා මම ලිෆ්ට් එකක් දෙන්න නග්ගවගත්තා. මට හදිසියේ ටව්න්...
විසි පස් වැනි නෙත් සැරිය තමාගේ නමට ආ පාර්සලයේ ඇත්තේ යළි ආරෝපණය කල හැකි  වර්ගයේ වන මිල අධික විදුලි බල්බ දෙකක් වග අයත්මා දැනගත්තෙ නිවෙසට පැමිණ එය විවෘත කර බැලූ පසුය. වටිනාකම රුපියල් අට දහසක් ලෙසින් තිබුණි. එය එවූ තැනැත්තෙකුගේ නම, ලිපිනය වෙනුවට තිබුනේ ආයතනයේ නම සහ ලිපිනයය. එහි දුරකතනය...