නුඹ තරම් ප්‍රේමයක්

පස් වන නෙත් සේයාව සිහිනි රැගෙන එන්නට යන්නට සිදු වූයේ කපිලටය. වෙනදා හැකි සෑම වෙලාවකම සවසද සිහිනි කැටුව එන්නට යන චත්‍ර සිතා මතාම එය මඟෑරියේය. සවස පාසැල නිමවෙන්නට ඔන්න මෙන්න තිබියදී අයත්මා පැවසූ පණිවිඩයට පසු සිහිනිට අයියා ගැන දැනෙන වේදනාව තවත් දැඩි විය. අයියා පෙරදා රැයේ එකපාරටම ඇඳ පැලඳගෙන පිටව...
සිව් වන නෙත් සේයාව අයත්මා පසුදින පාසැල් යෑමට සූදානම් වූයේ පිරුණු හදිනි. කලණ සමඟින් මෝටර් බයිසිකලයේ පාසැල්  යෑම ඇයට තවම අදහා ගන්නට නොහැකි සිහිනයකි. ඔහු ගේ සිතෙහිද තමා පිළිබඳව යම් විශේෂයක් තියෙනවා විය හැකියැයි යන හැඟීම අයත්මාගේ සිතට එක් කලේ නැවුම් හැඟීමකි. "මුල ඉඳන්ම මඟාරින්න ඇත්තේ ඒක තමයි .." ඕ එලෙස කිව්වේ...
තෙවන නෙත් සේයාව කලණ සර් සමඟ සවස මාමාගේ නිවසට යන අතරමඟ තමා උන් උන්මාදය ගැන අයත්මාට දැනෙන්නේ ලැජ්ජාවකි. ඉතා පහසුවෙන් තමා කියවාගන්නා නැන්දා ඉදිරියේ කිසිඳු වෙනසක් නැතිව හැසිරීමට තමාට අමතර වෙහෙසක් දරන්නට සිදුවු වගද ඇයට මතකය. "එහෙනම් කලණ සර් .. මෙහෙ අවුලක් නෑ නේද?.." තමා විමසද්දී අලුත් ගුරුතුමාගේ දෙතොල් මතින් රූරා වැටුණු...
දෙවන නෙත් සේයාව... චත්‍ර කාමරයට පැමිණියේ කෝපයෙනි. ඒ කෝපය පියා කෙරෙහිද, මව කෙරෙහිද අඩු වැඩි වශයෙන් විය. තමා දැන් විසි හය වැනි වියෙහි වන, සමාජය තුළ වගකීම් දරන පුද්ගලයෙකි. මිල මුදල් අතින් පවා තනිව සහ පියාගේ සහයෙන් ගොඩ නංවා ගත් යම් ස්ථාවර බවක් තමා සතුය. එය එසේ තිබියදී ලොකු අප්පච්චී ...
පලමු නෙත් සේයාව.... අතුකෝරල නිවස තුළ සවස හය පසු වන විට ඇත්තේ නිස්කලංක වාතාවරණයකි. අතුකෝරළ, හිටපු මහ ඇමතිවරයා ඔහුගේ විශාල පුස්තකාලය තුළට වී කියවීම අරඹන්නේය. අතුකෝරල මහත්මිය, සන්ධ්‍යා  දෙවන මහලේ බුදු කුටිය තුළ ආගමික කටයුතු වල යෙදෙන්නීය. සිහිනි අතුකෝරල, අතුකෝරල පවුලේ බාල දියණිය, අයියාගේ පෞද්ගලික ව්‍යායාම කාමරයට රිංගාගෙ පැය භාගයකවත්...