මල්සර හී සර

“ඔයා දන්නෙ නෑ සප්තමියො සමුද්ර මාත් එක්ක මාර ෆිට් කියාගෙන” මාලවී පස්සෙන්දා උදේ චොකලට් කෑලි වගේකුත් උස්සගෙන ගෙදර එද්දි තමයි සප්තමීට තේරුණේ තමන්ට ඊයෙ හම්බුනේ මාලවීලගෙ ගෙදර ඇවිත් ආපහු තමන්ගෙ ගෙදර යන සමුද්ර කෙනෙක්ව කියලා. “ආහ් ඇයි ඒ එකපාර මිනිහා ඇවිල්ලා තියෙන්නෙ ඉතින්?” කියලා මාලවීගෙන් අහද්දි උනත් සප්තමීට පුලුවන්කමක් තිබ්බෙ...
“මං හිතුවා අනේ ඒත් තව පරක්කු වෙයි” කියලා කියාගෙනම දොරකඩෙන් ඇහිච්ච බෙල් සද්දෙට මාලවී කාමරේ කණ්ණාඩිය ඉස්සරහට වෙලා ඉඳලා පියඹගෙන ආවෙ කිරිල්ලියක් වගේ. ඇත්තටම සමුද්ර එනකම්ම, තමන්ගෙ ගෙදර දොරකඩ ඉස්සරහා සමුද්රව දකිනකම්ම මාලවී විශ්වාස කලේ නෑ ඒ විදියට සමුද්ර තමාට කතා කරා කියන එකවත් සමුද්ර තමන්ගෙ ගෙදර එනවා කියල...
සමුද්‍රට ඉන්පස්සෙ තිබිච්ච ලොකුම ප්‍රශ්නෙ වුණේ ආයෙම ශුටින් දවසක සප්තමීව හම්බ උනාම මූණ දෙන්නෙ කොහොමද කියන. බඩ ගොර ගොර ගාන සද්දෙට එක්කහු වෙච්ච “අර පිස්සු හටන ඒ කෙල්ලට මං ආ එක ගැන මොනවා කිව්වද දන්නෙ නෑ” කියන සිතුවිල්ල සමුද්‍රට දරාගන්න එච්චර පුලුවන් වෙච්ච එකක් නෙවෙයි. “මට නම් ශූටින් වලට ගිහින්...
“ආහ් එහෙනම් ඔන්න මමත් හායි කියලා කියන්නම්කො. දැන් කියන්නකො මොකටද එකපාරටම මට හායි කියලා කිව්වේ” “ඔයා මාර වෙනස්නෙ මේ චැට් කරද්දි අප්පා” “ඇයි එහෙම කිව්වෙ?” “නෑ ඉතින් ශූටින් වලදි ඔයා වැඩිය කතා බහ එහෙම කරන්නෙ නෑනෙ. ඒකයි මම එහෙම කිව්වෙ. මම හිතුවෙ ඔයා කතා කරන්න දන්නෙ නෑ කියලා. ඔයා අනිත් අය එක්ක...
10 “උඹ ඒකිට කැමති කියන එක මට නම් තේරුණේ ඒකි මලින්දය එක්ක කතා කරන කරන සැරේට උඹේ මූණ නිකන් කරත්තෙට අහුවෙච්ච කජු ලෙල්ල වගේ වෙන හන්දා” කියලා සුමල් කියද්දි උනත් සමුද්‍ර නම් මුකුත් කිව්වෙම නෑ. අනික ඉතින් හිතේ ඔහොම දෙයක් තද කරගෙන ඉන්න බැරි හන්දම සුමල්ට කිව්වෙ මේ දවස් ටිකේම...
“මට නම් හිතෙන්නෙම සමුද්‍ර ඔය කිව්වෙ සප්තමී ගැන තමයි” කියලා මාලවී කාටවත් ඇහෙන්නෙ නැති විදියට වසන්තගෙ කණට කරල කිව්වේ කෲ එකේ අනිත් හැමෝම වගේ රෙස්ට් කර කර ඉද්දි. මාලවී වසන්ත එක්ක කතා කරනවා ඕනවට වැඩි කියලා වතාවක් දෙකක් කියන්න හැදුවත් මාලවී මේ ගමන යන්න බලෙන්ම වගේ කඩන් බිඳන් තමන්...
“කට්” කියලා වසන්ත කලුආරච්චි සීන් එක කට් කරද්දි වේලිච්ච වැවේ මැද හරියක බිම වාඩිවෙලා නෙලුම් අල හාර හාර උන්නු සප්තමී මෙච්චර වෙලා ඇඟට ආවේශ කරගෙන උන්න “සංසාර පාරමිතා” ටෙලිඩ්‍රාමා එකේ බන්දුලාගෙ කැරැක්ටර් එකෙන් ආයෙම වතාවක් සප්තමී වුණා. වසන්ත කලුආරච්චි ඊලඟ සීන් එක රෙඩි වෙනකම් මාලවී එක්ක කතා කර කර හිටියෙ...
“කොහොමද ඕකි කිව්වේ, යාලුකම් වටිනවා ඔක්කොටම වඩා. ඒ හන්දා කීයටවත් ඔය චාන්ස් එක භාරගන්නෙ නෑ. අම්මයි දුවයි මෙතන ඇවිල්ල නැලවිලා කියපු හැටි මතකද අම්මට? ආ මතකද? දැන් මොකද්ද වෙලා තියෙන්නෙ? මේ මේ දාලා තියෙන්නෙ ෆේස් බුක් එකේ අගේට වසන්ත කලුආරච්චි අධ්‍යක්ශණය කරන සමුද්ර මාකලන්ද නිශ්පාදනය කරන අලුත්ම කතාව අලුත්...
“සප්තමීට කෝල් එකක් දීලා එන්න කිව්වම බෑ කියල දිගටම කිව්ව හන්දා තමයි අපි ඇත්තටම මෙහෙම පොඩ්ඩකට ස්ටුඩියෝ එකට ඇවිත් යන්න එන්න කියල කිව්වේ” කියන ගමන් සුමල් තාත්තයි අම්මයි දුවයි ඉස්සරහින් උණු කිරි කෝප්ප තුනක් තිබ්බා. සමුද්‍රට අයිති එස් එන්ටර්ටේන්මන්ට් ප්‍රඩක්ශන් හවුස් එක තිබ්බේ කොළඹ මලලසේකර මාවතේ. ටෙලි නාට්‍යය, චිත්‍රපටිවලට...
“මම නම් කියන්නෙ සමුද්‍ර ඔච්චර මේ ලොකු සීන් දාන කෙල්ලෙක්ව අපි මේ ටෙලි ඩ්‍රාමා එක වෙනුවෙන් අරගන්න ඕන නෑ කියල. ඔන්න කලින් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් උනා නම් තව කමකුත් නෑ. ටෙලි ඩ්‍රාමා එකක තියා පොඩි ඇඩ් එකකවත් හිටියෙ නැති උනාට ලොකුකම නම් තියෙනවා ඉහ මුදුනටම” කියලා වසන්ත කියද්දි උනත්...