මල් පිපුණිද හිම කැළයේ

නිලංගා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත පැමිණියේ තාත්තා දකින්නටය.සුදු ජාතිකයෙකු සමග පැමිණෙන මේ රුවැති යුවතිය දෙස බොහෝ දෑස් එල්ලවී තිබුණි. හෙද නිලධාරිනියක වෙතින් තමා පැමිණි කාරණය පැවසූ විට ඇයට නිසි විෂබීජ හරණ ක්‍රියාවලියක සහ අදාළ ඇඳුම් ඇඟලා දැඩි සත්කාර ඒකකය තුළට යන්නට ඉඩ සැලසුණි.ස්ටීව් ඇයට යන්නට සලසා දැඩි...
අනපේක්ෂිත සිදුවීම් ජීවිතයන්ට ළඟා වන්නේ සුළිකුණාටු ,අකුණු සැර සේය. අනූපමා සති අන්තයේ නිලංගා ඇමතුවේ එවන් අකුණු සැරයක් බඳු  පුවතක් රැගෙනය.නිලංගා ඉහළට ගත් හුස්ම පහළට නොහෙළා මොහොතක් බලා උන්නාය.අම්මාත් තාත්තාත් නංගීත් හදිසි අනතුරකට ලක්ව තිබුණේ නිවසේදීමය.ආරංචියට අනුව නංගී යළිත් සබඳතාවයක පැටලී ඇත.ඇය මෙවර සම්බන්ධව ඇති තැනැත්තා විවාහකයෙකි.කෙතරම් හොඳින්, තර්ජනයෙන් ,හැකි...
නන්නාඳුණන අංකයකින් ආ නිලංගාගේ පොදු වට්ස් ඇප් ඇමතුම මාලිකා, බ්‍රයන් සහ ස්ටීව් තිදෙනාටම සහනයක් ගෙන ආවේය.නිලංගා මුලින්ම තිදෙනාගෙන්ම සමාව ඉල්ලුවාය.මෙවන් තීරණයක් හදිසියේ ගැනීම සම්බන්ධව වරද ඇය මතම පටවා ගත්තාය.ඒ සම්බන්ධව වැඩිදුර තොරතුරු ඇයගෙන් නොඅසන ලෙස ඔවුන් තිදෙනාගෙන්ම ඉල්ලා සිටියාය.එසේම ඇය හොඳින් වෙසෙනා බවද හැකි ඉක්මනින් ඔවුන් දැක ගන්නට පැමිණෙන...
"අම්මා , නෙලීව දැක්කද ? එයා නෑනෙ..."උදෑසන කාමරයට වී සිය ගෙතුමක නිරත වෙමින් උන් මේරි මර්ෆි හිස ඔසවා කාමරයට කලබලයෙන් මෙන් ආ දියණිය දෙස බැලුවාය.ඇය බොහෝ ලෙසින් කලබල වී ඇතිවා සේය. "ඇයි ඇයි මොකද සිල්වියා කෑගහන්නෙ.එයා උදේ මට වොෂ් දාන්න උදව් කළා. ඉන් පස්සෙ කෑම මේසෙටත් එක්කන් ගියා.එයා මගෙ ගාවටම...
සිල්වියා නිලංගා තනිකොට ගත්තේ මාලිකාගේ විවාහයෙන් සතියකට පමණ පසුය.ස්ටීව් කෙතෙක් බය නොවන්නැයි පැවසුවද මොනයම් මොහොතක හෝ මෙම අවස්ථාව ලඟා වන බව නිලංගා දැනසිටියාය.ස්ටීව් විදෙස් හමුවක් වෙනුවෙන් ග්‍රීසිය බලා ගොස් තිබිණ.ඔහු නිවසට දින ගණනකට නොපැමිණෙන බව සිල්වියා දැන සිටියාය. "නෙලී..ඉඳගන්න..."සිල්වියා ආයාසයෙන් මුවට නංවා ගත් සිනහවෙන් යුතුව පැවසුවාය. නිලංගා ඇය ඉදිරිපස අසුනේ...
එක් සොඳුරු සවසක සුන්දර ගම්බද  දේවස්ථානයකදී මාලිකා සහ බ්‍රයන් නීත්‍යානුකූලව විවාපත් වූහ.මාලිකා සුදු පැහැ සුන්දර මංගල ගවුමකින් සැරසී සුදු සහ රෝස පැහැ මල් කළඹක් දෝත දරා උන්නාය.බ්‍රයන් සිය මනාලිය ආදරයෙන් සිප ගත්තේය.ඔහු ඇයට බෙහෙවින් ආදරය බව දන්නා මුත් ස්ටීව් අන් අයට නෑසෙන සේ ඔහුට ඉඳහිට විහිලු කළේය. "චී...බ්‍රයන්...කොල්ලෙක් වගෙ ඉන්නවකො......
"ජීවිතේ කියන්නෙ හරි පොඩිම දේකින් පවා සතුටක් ලබන්න පුලුවන් දෙයක් කියලා මට හිතෙන්නෙ ඔයා දිහා බලන් ඉන්නකොට.ඔයා හරිම වෙනස් කෙනෙක් නෙලී.මට එහෙම ජීවිතේ සතුටින් ඉන්න බැරි ඇයි කියල මම හැමදාම හිතනවා. සල්ලි මොන තරම් තිබුණත් , සතුටින් විනෝදයෙන් ඉන්න ඕනතරම් සල්ලි වියදම් කරලා යන්න තැන් තිබුණත්..මට ඒවායෙන් කිසිම සතුටක්...
ගමන යන්නට පැමිණෙන මොහොතේ හිතේ තිබූ සතුට හොරු අරන් ගියාක් බඳුය.ස්ටීව් කල්පනාවේ ගැලෙමින්ම රිය පැදවූවේය.ගමන අවලංගු කළ හැකිව තිබුණේ නම් එයද තමා කරන්නට නොපැකිලෙන තරමට ස්ටීව් නොසන්සුන්ව උන්නේය. "ස්ටීව්, ඔයා හොඳින්ද? ඔයාට අපහසු නම් අපි වෙන දවසක මේ ගමන යමු..."නිලංගා අසුනේ අඩක් ඔහුවෙත හැරෙමින් විමසුවේ ඒ මොහොතේය.ස්ටීව් ඇය දෙස නොබලාම...
"එයා කොච්චර අනුන් ගැන හිතුවත් එයා මාව රිජෙක්ට් කරනවා...අනෙක් ඔක්කොටම එයා සලකන්නේ හරිම සොෆ්ට් ඇටිටියුඩ් එකකින්.හැබැයි මා එක්ක විතරක් එයා ලොකු ගැප් එකක් මේන්ටේන් කරනවා..." "ඒකට හේතුව අර එයා එහෙ ආව ෆස්ට් ඩේ එකේම මං එයාගෙ ඔලුවේ මගෙ ගැන ඇති කළ ඉම්ප්‍රෙශන් එක වෙන්න ඇති. ඒක නිසා වෙන්න ඇති මෙහෙම...
සිය දුරකතනය සිහින් කම්පනයක් දනවනු දැනෙන විට ස්ටීව් ක්ලිෆර්ඩ් සිටියේ සිය මහල් නිවාසයේ බැල්කනියට වී අහස දෙස බලාගෙනමය.ජීවිතයේ මේ දැනෙන හුදෙකලාව සහ නොසන්සුන් කම වෙනදා මෙන් අතිශය කාර්‍යබහුල වුවද පාලනය කරගන්නට නොහැක.දිනගණනාවක් තිස්සේ කල්පනා කළද කියාගන්නට සිතාගන්නට නොහැකි හිස් බවක් ජීවිතය පුරා ඉතිර ගොසිනි.අඳුරු නිල් අහස පිරෙන්නට සඳ පායා...