මේ ඒ වසන්තයයි

නුරාන් දැනෙන හැඟීම සඟවාගන්නට උත්සාහ කරමින් කියවන්නට ගත්තේය.  " ඒකට කමක් නෑ නෑ. තවදුරටත් තාරා මගේ ජීවිතේ ඉන්න ඕන නෑ.මේ ඉන්න  මං වගේ මිනිහෙක්ගෙ බර මුළු ජීවිත කාලෙම දරාගෙන තාරා ඉස්සරහට යන්න ඕන නෑ ..... එයාට යන්න දෙන්න.. හැමදේම සිද්ධ වෙන්නේ හොඳ විදියට කියලා මම හිතාගන්නවා..වත්සලා ඔය නාඩගම නැටුවේ  මාව කසාද...
රෝහල් කොරිඩෝවේ වූ ලෑලි අසුනකට වැටුණු ඉසිනි   හඬා වැටුණාය. ආපස්සට නිවැරදි කර නොහැකි යමක් සිදුව ඇති බව ඇයට තවමත් විශ්වාස නැත.  එහෙත් වෛද්‍යවරයා සියල්ල තහවුරු කල බව ඇය යළි යළි සිහිපත් කලාය. " ඔයා පේශන්ගේ වයිෆ්ද ?" "ඔව් ඩොක්ටර්..." " අයිම් සොරි...කකුල එතනින් අයින් කරන්නම වුණා... අපි පුලුවන් තරම උත්සාහ කලා... නමුත්...
ඇය සියල්ල පැවසූ පසු පොලිස් ලද ස්ථානයේ උන් නිළදාරීන් සිදුවීමේ යම් යම් කාරණා ගළපා ගත්තෝය. "දැන් තමයි මේ සිද්ධිය හරියටම ගැලපෙන්නේ...." "ඇයි සර් එහෙම කියන්නේ??" "ඊයෙ රෑ ඔය නුරාම් මන්දිනු  සමරකෝන් කියන කෙනා ඇක්සිඩන්ට් වෙලා තියෙනවා..... එකත් එකටම ඒ ඇක්සිඩන්ට් එකට හේතුව වෙන්න ඇත්තේ ඔය කියන සිද්ධිය පිළිබඳව ගෙදරත් එක්ක ඇති වෙච්ච...
ගමට පොලිසි රථයක් පැමිණ ඇති බවද එය   නුරාන්ගේ නිවස වෙතට  ගොස්  යළි පිටව ගොස් ඇති බවද දැනගත් වත්සලාගේ නෑදෑ සොහොයුරිය  ඉතා කලබලයට පත්වූවාය. වත්සලා කුමක් පැවසුවද නුරාන් මෙම   සිදුවීම පහසුවෙන් අත් නොහරිතැයි සැකයක් ඇගේ සිතෙහිද විය. දැන් ඒ සැකය නිවැරදි බව පැහැදිලිය. අනිවාර්යයෙන්ම නුරාන් පොලිසියේ පැමිණිල්ලක් දමන්නට ඇත. ඒ සඳහා...
ඉසිනි එදිනද නිවාඩු අවශ්‍ය බව පවසා නියෝජ්‍ය අධ්‍යක්ෂකවරියට පණිවිඩයක් තැබුවාය. මෙතෙක් වෙලා ඕ උන්නේ සමාජය ඉදිරියට යෑමේ බියෙනි. එහෙත් දැන් ඇයට වඩා විශ්වසනීය සවිමත් බවක් ලැබි ඇත. මිනිසුන් කුමක් පැවසුවද තම නිවැරදි බව වෙනුවෙන් තම අභ්‍යන්තරය හා සටන් නොවැදී සැඟවීමේ බියඟුලුකම තමා නොකරමියි ඕ සිතාගත්තාය. නුරාන් මතට මේ කඩා...
උදෑසන වන විටත්  ධනුක නුරාන්ව කැටුව තමා හමුවන්නට නොපැමිණීම ගැන වත්සලා යම් තිගැස්මක් තනා ගත්තාය. අම්මාට පෙනෙන්නට ව්‍යාජ වේදනාව සහ ජීවිත කලකිරීමත් අනුකම්පාවත් පෙන්වාගෙන සිටින අතරේ ඕ නුරාන්ගේ පසින් සිදුවන්නේ කුමක්දැයි සොයාගනු වස් වන සැලැස්මක් සිතුවාය. එහෙත් පමණ ඉක්මවා කලබලයට පත් වීම තුළ ධනුකලාගේ සිතෙහි යම් සැකයක් ඇති වුවහොත්...
ධනුක නුරාන් සොයා පිටව ගියේ මධ්‍යම රැය  පසු වීය. එහෙත් ඔහුට නුරාන් ගැන කිසිඳු ඉගියක් ලැබුනේ නැත. ඔහුගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිතව තිබුණි. පැය දෙකකට පමණ පසු ධනුක නිවෙසට පැමිණියේ හිස් අතිනි. " කලබල නොවී ඉමුකෝ ධනුක .. මල්ලි උදේට ඒවි .." පැහැසරා ඔහු අස්වසන්නට උත්සාහ කලේය. එහෙත් ධනුක ට සන්සුන්...
කැබින් එක අවට සීසීටීවී දර්ශන උදෑසන වරුවෙන් පසු අක්‍රීයය. නුරාන් ගේ හද ගැස්ම වේගවත් වූවේය. තම පරිශ්‍රය තුල තමා ට එරෙහිව උගුලක් අටවන්නට තරම් සවිමත් වූයේ කවුරුන්ද ?  නන්නාදුනන තරුණියක් ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුලුවන ආකාරය අනෙක් සීසීටීවී දර්ශන අතරින්  නුරාන්ට සැකයට තුඩු දෙන යමකට විය.  ඇය පිටව යන්නේ පැයකට ආසන්න කාලයකට...
වත්සලා සේම ඇගේ මවද උන්නේ ඉකි ගසමිනි. ධනුක පැහැසරා යමක් පවසනතුරු  බලා උන්නේය. එහෙත් පැහැසරා උන්නේද කිසිවක් වටහා ගන්නට නොහැකිවය. " ඔය කියන වීඩියෝ එක වත්සලාට කොහෙන්ද හම්බුනේ ?..." " වට්සැප් එවල තිබ්බේ ... ඒ නම්බර් එක වැඩ නෑ..." ඕ හුස්ම අසීරුවෙන් නවතා ගනිමින් කීවාය. " මෙහෙම අහනවාට සමාවෙලා, මට වුනෙ මොකද්ද කියන්න...
  නුරාන් සිහියට එලැබියද තමාට කුමක් සිදුවීදැයි සිහියේ වූයෙ නැත. කමිසය ද යම් නුහුරක වන බව ඔහුට වැටහුනේය. ඔහු ස්තාවර දුරකතනයෙන් ඇමතුවද පිලිතුරු නොලැබුනේය. " සර් ...ක්ලයන්ට්ලා කෝල් කරාලු ඔෆිස් එකට.. සර්ගේ නම්බර් එක ආන්සර් කරන්නේ නැතිලු ..." අයෙක් පැමිණ පැවසූ වහාම නුරාන් යළි ඉදිරි සැලසුම් වෙනුවෙන් පිවිසියේය. ඇමතුම් ලබාගෙන යළි එම...