වියෝ ගී ගැයෙනා හදේ

“මොනව හංගන් කතාකරන්නද බං. එහෙම දෙයක් නෑ. මම මූව් ඔන් වෙනව කියන එකෙන් මීන් කලේ මම වෙන ජොබ් එකකට එහෙම ගියා වගේ චිරත් එයාගෙ රෙස්ටුරන්ට් එකේ එහෙම වැඩ ටික කරගෙන මූව් ඔන් වෙන්න බලාපොරොත්තුවෙනව ඇති කියන එක.  ඩිවෝස් එකකින් පස්සෙ කවුද ඉතින් දාල ආව මිනිස්සු ගෑණු ගැන හිත හිත වද...
“හස්බන්ඩ් ටයි වයිෆ්ටයි  ඩිවෝස් වෙන්න අයිතියක් නෑ කියල මම කියන්නෙ නෑ වගේම කාටවත් ඒක ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ. ඒ උනාට මේධා අම්මයි තාත්තයි ඩිවෝස් වෙන එක ප්‍රශ්නයක්. දරුවන්ට ප්‍රශ්නයක්. විශේෂයෙන්ම පවුලෙ එකම ළමය වෙලා අම්මයි තාත්තයි දෙන්නම එක්ක හරිම ක්ලෝස් උන්නු පෙත්මලී වගේ දරුවෙක්ට ඒක ප්‍රශ්නයක් වෙනව කියන එක...
චිරත් දරුවාව රැගෙන ඔහුගේ ඇනෙක්සිය වෙත යාමට ඉඩ දෙන්න හැකියාවක් නැති නිසාත්, ඒක තමන්ගේ හිත තමන්ට “උඹ හොඳ අම්මෙක් නෙවෙයි” කියා කවදහරි කියන්න හේතුවක් වෙන්න පුලුවන් හන්දාත් තාත්තාට පිණ්සේන්ඩු වී චිරත්ට ගෙස්ට් රූම් එකේ පෙත්මලී එක්ක ඉන්න ඉඩ හදා දෙන්න තරම් මේධා කටයුතු කරාය. පෙත්මලීට උවමනා උන්නේ ඉස්සර වගේම...
“මේධා මේ… තමුසෙ මෙන්න මේක හොඳට අහගන්නවා. තමුසෙයි මමයි ඩිවෝස් වෙච්ච එකත් තමුසෙගෙ මහ ලොකු උවමනාවට කරගන්න ඉඩ දුන්න එකෙන් අන්තිමේ දුක් විඳින්න උනේ මගෙ අහිංසක කෙල්ලට. තමුසෙටයි තමුසෙගෙ ගෙවල් වල උන්ටයි ලැජ්ජ ඇති මං වගේ ගමකින් ආව තමුසෙල තරම් සල්ලි නැති එකෙක්, තමුසෙගෙන් ඩිවෝස් උනාටත් පස්සෙ ඔය ගෙදරට...
කේක් ගෙඩිය කපා අම්මාටත් ආච්චිටත් සීයාටත් අනෙක් යාලුවන්ටත් කවා අවසන් උනයින් පස්සේත් තමන් වෙනුවෙ අනෙක් අය ගෙනා තෑගි පාර්සල් සන්තෝසයෙන් “තැන්ක්‍යු” කියා භාරගත්තයින් පස්සෙත් පෙත්මලීට කරන්න තිබුන එකම දේ යාලුවන් එක්ක සෙල්ලම් කරන එක පමණකි. තමන්ගේ නිල් පාට එල්සා ප්‍රින්සස් ගවුම තරම්ම ලස්සන නැතත් ලා කහපාට ප්‍රින්සස් ගවුමක් ඇඳගෙන...
හවස් වරුවේ පාටි එක වෙනුවෙන් පෙත්මලීව අන්දවන්න මේධාවිණී භාරගත්තේ පෙත්මලී වෙන කාටවත් ඇගේ ලා නිල්පාට එල්සා ප්‍රින්සස් පාටි ෆ්‍රොක් එක අල්ලන්නවත් දෙන්න අකමැති වෙච්ච හන්දාය. “බෑ බෑ බෑ, අම්මි අන්දවන්න බබීට ප්‍රින්සස් ෆ්‍රොක් එක” කියා පෙත්මලී ඇඳ උඩට වී කකුල් ගහ ගහ නටද්දී මේධාවිණී සෝමා අතේ තිබුන ගවුම අරගෙන පෙත්මලී...
එදා චිරත් එක්ක දහවලේ එලියට ගොස් හිතේ හැටියට ආස දේවල් කා බී තාත්තා විසින් අරන් දෙන්නට පොරොන්දු වෙච්ච සෙල්ලම් බඩු  ඔක්කොම අතේ එල්ල ගත්ත පෙත්මලී හවස් වරුවේ සීයාගෙ ගෙදර අම්මා විසින් පවත්වන්නට නියමිත උපන්දින පාටිය උදෙසා ගෙදර ආවේ සන්තෝසයෙනි. “තාත්ති එන්නෙ නැද්ද හවසට?” කියා හුරතල් තාලෙට කට උල් කරගනිමින් අහන...
උපන්දිනේ දවසෙ උදේම අම්මාත් එක්ක ගුණරත්න අංකල් විසින් ඩ්‍රයිව් කරගෙන ගිය කාරෙකේ අම්මගෙ උකුලෙ වාඩි වී පෙත්මලී උන්නේ සතුටෙනි. “ඔයා නෝටි බබෙක් නිසා තමයි තාත්ති ඔයාව දාලා ගිහින් තියෙන්නෙ” කියා කිව්ව රිතූට පෙන්නන්නත් එක්කම අද තාත්තා ලඟටම වී ඉන්නත්, කේක් කපද්දී තාත්තට තමන්ව වඩා ගන්න කියා කියන්නත් බොහෝ අදහස්...
පෙත්මලීගේ උපන්දින සාදය වෙනුවෙන් ඉස්කෝලෙ යාලුවන්ට දෙන ට්‍රීට් එක වෙනදට වඩා ලොකුවටම කරන්න උවමනාව තිබ්බේ මේධාටය. ඒකට හේතුව උනෙත් වලාකුලුය. “නිකන්ම කේක් එහෙම ගිහින් දෙනවට වඩා හොඳ නැද්ද අපි පොඩ්ඩිගෙ ෆොටෝ ටිකක් එහෙම ගමුකො” කියා වලාකුලු කියද්දි ඒක ඇත්තටම හොඳ දෙයක් බවත්, වෙනසක් තියෙන බවත් මේධාවිණී හිතුවාය. “ඔව් අනේ එහෙම නම්...
“වැඩවල හිරවෙන එක හොඳයි තමන්ට තමන්ගෙ කියල කට්ටිය නැත්තම්” කියා කියන ගමන් වලාකුලු වීරවර්ධන මේසය උඩ තිබුන තේ පෝච්චියෙන් තේ බිඳල් මේධාවිණී ඉදිරියේ තිබුන තේ කෝප්පයට තේ බිඳක් වක්කරමිනි. ඒ හමුව ඇත්තටම වුණාක්දැයි හිතාගන්නට බැරුව මෙන් මේධාවිණී උන් සිතුවිලි කදම්බයක් අස්සේ හිරවීය. “ඔයාගෙ එක්ස් හස්බන්ඩ් ඔයා එයාගෙ දෙයක් කියලා හිතලා...