පෙත්මලීව අම්මාත් තාත්තාත් ලඟ තබා මේධාවිණී සූදානම් වුණේ චිරත්ව හමුවෙන්න යන්නයි.
“මට ඔයාව හම්බෙන්න ඔය ගෙදරට නම් එන්න කියලා කියන්න එපා මේධා. ඒ වුනාට මේ ඩිවෝස් එකකට හරි මොන මගුලෙ ඩිසිශන් එකකට හරි යනවනම් ඒක මේ ෆෝන් එකෙන් කතා කරල විසඳගන්න බෑනෙ. ප්‍රශ්නයක් උනාම ඒක විසඳගන්න විදියක් තියෙන්න ඕනනෙ. ඒක...
“මොන මල පිස්සුවක්ද බං ඒ? කියා යාලුවා වෙච්ච චානක හිස් වෙච්ච ග්ලාස් එකට ආයෙ වතාවක් ජින් පුරවාගෙන හීන් සැරේ තොලගාන ගමන් අහද්දී චිරත්ට කලේ රූෆ් ටොප් ක්ලබ් එකේ හිඳ බලද්දි රෑ අන්ධකාරය මැද්දෙන් පෙනෙන කොළඹ ස්කයිලයින් එක දිහා බලාගෙන කල්පනා කරන එකය.
“යකෝ උඹ මේ වෙන ගෑණියෙක් එක්ක නිදාගෙන අහුවුනානම්...
තාත්තව ඉල්ලා හොඳටම අඬන පෙත්මලීව සනසගන්න මේධාවිණීට එදා රැයේ හොඳටම මහන්සි වෙන්න වෙච්ච එක ඇත්තකි. ඒ මහන්සිය ඇඟටත් වඩා හිතට දැනුන විත්තියත් ඇත්තකි. ගෙදර කොච්චර සුවපහසු කාමරේක වුණත් එදා රැයේ නින්ද අහිමි වුණේ ඒක හන්දා වෙන්න ඇතිය. අම්මා මින්ට් ටී තේ කෝප්පයක් අරගෙන කාමරේට ආවේ තමන් නිදි නැති බව...
“මේක ඉතින් මේධාවිණිට වෙන තැනක් නෙවෙයිනෙ, මේක මේධාවිණීගෙ මහ ගෙදර. ඒ වගේම ඔය තමන්ට කියල ඉන්න තැනක් තියෙනව කිව්වට ඒකත් ඉතින් ඔය කසාදෙ වෙද්දි මේධාට දෑවැද්දට හම්බුවෙච්ච එකක් නෙ”
“අංකල් මං…” කියා චිරත් ඒ කතාවට විරුද්ධව දෙයක් කියන්න හැදුවත් අත උඩට එස්සූ මනුර සුමතිපාල ඒ කතාව අතරමග නතර කර දැම්මේ...
“මොන මගුලක්ද ඕයි තමුසෙට වෙලා තියෙන්නෙ?” කියා මේධාට ඇමතුමක් ගන්න උත්සහ කරත් ඇමතුම සම්බන්ද වෙන වාරයක් පාසා මේධා එහා පැත්තෙන් දුරකතන ඇමතුම කට් කරද්දී හිත අස්සේ වූ තරහව එන්න එන්න වැඩිවෙනවා චිරත්ට නොදැනුනා නොවේ.
“මම ටික දවසක් අම්මලගෙ ගෙදර ඉන්නවා. සිකුරාදා ඉඳලා බබාලගෙ ඉස්කෝලෙ නිවාඩු හන්ද ටික දවසක් ඉන්න පුලුවන්...
“මේධා, ප්ලීස් මම කියන දේ අහන්න.හරී මං පිළිගන්නවා මගෙන් වරදක් වුණා. මම පහුගිය මාස කිහිපය පුරාවටම ඔයාටයි බබාටයි වඩා ප්‍රයොරටයිස් කලේ බිස්නස් එකේ වැඩයි ඔෆිස් එකේ වැඩයි කියන එක මම පිළිගන්නවා. මට ඒකට සමාවෙන්න. ඒ වුණාට ඒක අපි දෙන්නම එකතුවෙලා කතා කරල විසඳගන්න ඕන ප්‍රශ්නයක් මිසක් ඔයාගෙ අම්මල තාත්තලව...
“දැන් ඔයා මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නෙ බබා?”
“තාත්ති අහන දේ මට තේරෙන්නෙ නෑ”
“ඔය මනුස්සයව ඔයාට තවදුරටත් ඕන කියල ඔයා හිතනවද? මැරේජ් එකක් කියන්නෙ මේ ඔහොම දුක් විඳින්න ඕන එකක් ද බබා? මෙලො දෙයක් නැති, අම්මල අප්පලා කියන උන් නැති තැන්වල ගෑණු ළමයින් නම් තමන්ගෙ ප්‍රශ්න කියාගන්න කෙනෙක් නැති හන්දා දුක්...
“ඔයාලගෙ අම්මල මාර මිනිස්සුනෙ මේධා. මේ ඔයයි මමයි කියන්නෙ මේ ලෝකෙ පලවෙනියටම රණ්ඩු වෙච්ච කපල් එක ද? ඊයෙ රෑ උනේ මේ ලෝකෙ පලවෙනි රණ්ඩුවද? මොකද ඔයාලගෙ අම්මයි තාත්තයි කවදාවත් රණ්ඩු වෙලාම නැද්ද? නිකන් මේ තොත්ත බබාලා වගේ කතා කරන්න හදන්නෙ?” කියා චිරත් ගේ කටහඬ දුරකතනය ඔස්සේ ඇහෙද්දීත් මේධාවිණී උනේ...
“පුදුම මිනිහෙක්නෙ. ඔහොම තමන්ගෙ වයිෆ් එක්ක රණ්ඩු උනා කියල රෑට ගෑණිවයි ළමයවයි ගෙදර දාලා හරිහමං මිනිහෙක් රෑ තිස්සේ ඔහොම ගමං බිමං තියාගන්නවද මං අහන්නෙ? ඕක මම කවුද කියල දැනගන්නෙ මගෙ දරුවට කරදරයක් උනා නම් තමයි” කියා ගෙදර සාලේ එහා මෙහා ඇවිදිමින් කෝපයෙන් වචන පිට කලේ මේධාවිණීගේ තාත්තා වෙච්ච මනුර...
පෙත්මලීගේ පේරන්ට්ස් මීටින් එකට තමන්ට යන්නට බැරිවෙච්ච එක වරදක් බව දන්න නමුත් චිරත් උන්නේ හිත ඇතුලෙන් මේධාවිණී කිව්ව හැමදේම කිරා මැන බලන ගමන් ය. තමන් මේ හැමදේම කරන්නේ මේධාවිණිත් පෙත්මලීගේත් ජීවිතේ මීට වඩා සුඛිත මුදිත කරන්න බව දන්න නමුත් මේධාවිණීගේ ඔලුවට ගිණි ගෙඩි දාන්නේ ඇගේ අම්මා බව චිරත් නොදන්නවා...