උත්පලාගේත් නිලන්තගේත් විවාහ ලියාපදිංචි කිරිම වුණේ නැකැත් දවසක උදේ වරුවේ කෝසලගේ මහ ගෙදරය.
“පවුලේ හැමෝම අත්සන් කරන වෙලාවට ඉන්න ඕන” යැයි පුශ්පලතා කිව්ව හන්දාම සිසිමාදවී කෝසලවත් උත්සව අවස්තාවට සූදානම් කරගත්තාය.
“මං නම් කැමතිත් නෑ මදූ ඔතනට පේන්න යන්න. මේ ලෙඩෙක් වගේ ඔහොම හොඳ වෙලාවක මූණට පේන්න යන එක ගැනත් කට්ටිය මොනව...
“නෝන මට ලබන මාසෙ විසි තුන් වෙනිද නිවාඩුවක් ගන්න පුලුවන් වෙයිද?”"
සිසිමාධවී අයිරාංගනී ඇමතුවේ දිනක් හවස වැඩ ඇරී ගෙදර යන්නට පෙර අයිරාංගනීට තේ පිළිගන්වමිනි. වෙනදාට ජයන්ති විසින් හදා දෙන තේකක් බිව්වා මිසක් අයිරාංගනී තමන්ගේ ආසාවක් ගැන කිසිවෙකුට කියන්නට නොසිතුවාය. එහෙත් සිසිමාධවී වනාහී ජයන්ති මෙන්ම තවත් එක් සේවිකාවක් යැයි සිතන්නට අයිරාංගනී...
“ගෙදරමද අම්මේ දැන් රෙජිස්ට්‍රේශන් එක ගන්නෙ?” සිසිමාධවී ඇසුවේ උත්පලා අක්කාගේ සහ බඳින්න ඉන්න අයියා වන නිලන්තගේ පොරොන්දම් බලා පුශ්පලතා ඒවයේ ගුණාගුණ කියන්න ගෙට ගොඩ වුණ මොහොතේය.
“ඔව් ළමයො, උත්පලත් කියනවා, තියෙන සල්ලි ටික ඔය මගුල්වලට වියහියදම් කරන එකේ ගේ තව පොඩ්ඩක් හොඳට හදාගන්න තිබුණා නම් හොඳයි කියල. ඒ නිලන්ත ළමයත්...
“මැඩම්ලගෙ ගෙදර සෑහෙන පොත් තියෙනව නේද?”
සිසිමාධවී ඇසුවේ පල්ලෙහ තට්ටුව අතුගා උඩ තට්ටුවේ අයිරාංගනීගේ කාමරය අතුපතු ගාන්නට ඇවිදින් ය. පල්ලෙහ තට්ටුවේ විසිත්ත කාමරයේ සෙටියට පිටුපා බිත්තියටම අලවා සකස් කර තිබුණු විසල් පොත් රාක්කය පිරෙන්නටම තිබුනේ ඉංග්‍රීසි සහ සිංහල භා ද්විත්වයෙන් ලියවුණ විවිධ පොත් පත් ය. ඒ අතර නවකතා වල සිට...
සුමධුර උන්නේ එක්තරා අන්දමක සිහින නිද්‍රාවක ගැලී නමුත් අවදියෙනි. කාර්‍යාලයේ වැඩ කටයුතු වුණේත්, මීටින් සඳහා සහභාගි වුණේත්, කෑම කෑවේත් ඒ සිහිනමය නිද්‍රාවේ හිඳිමිනි.
“බොස් අද වෙනදට වඩා සන්තෝසෙන්” කියා කාර්‍යාල සහයකවරිය කියද්දීත් සුමධුර ඇයට සිනාවකින් සංග්‍රහ කර සිහිනමය නිද්‍රාවේ ගැලී හිඳිමිනි.
හැකි ඉක්මනින් කාර්‍යාලයේ වැඩ කටයුතු අවසන් අර ගෙදර බලා යන්නට...
වෙනදාට උදේ අට වෙන්නත් කළියෙන් ගෙදරින් එළියට යන සුමධුර එදා හිතාමතාම බොරුවට වැඩ දාගෙන ගෙදර නතර වුණේ සිසිමාධවී දකින බලාපොරොත්තුවෙනි.
“පුතා අද පරක්කුයි නේද?”කියා අම්මා අහද්දීත් කිව යුතු දෙයක් ඒවන විටත් සුමධුර දෙතොල් අග රඳවා ගෙන උන්නේය.
“ඔව් අම්ම අද උදේ එළියට යන්න තියෙනව ක්ලයන්ට් මීටින් එකකට. කෙලින්ම ඒකටම යනවා" කියා...
"මම අම්මට කෑම බෙදාගෙන ආවා" කියමින් සුමධුර තිලකරත්න කාමරයට එබෙද්දීත් අයිරාංගනී උන්නේ සඳලුතලයට වී අන්දකාරය දෙස බලාගෙනය. සඳත් තරුත් අහසට හෙමින් වඩින යුරු බලාඋන් අතීත මතක අයිරාංගනී තනිකමේ ගැලී අන්දකාරය දෙස බලාගෙන කල්පනා කලාය. මේ මොහොතේත් ලලිත්ට තමා ලඟ ඉන්නට තිබුණානම් මොනතරම් අපූරුදැයි හිතමින් සුසුමක් හෙලුවාය. ලලිත් කොහෙ හෝ...
“අම්මේ මොනවද ගෙනාවෙ?” කියා දෙව්මිත් චනුකත් සිසිමාධවී වෙත දුව ආවේ ඇය පාරෙන් හැරී ගෙදර මිදුලට අඩිය තැබූ මොහොතේමය. එහෙත් ගෙනා දෙයක් සිසිමාධවී අත තිබුනේ නැත. දැන් අතේ තියෙන්නෙ කෝසල විසින් දුක් මුදලෙන් විටින් විට ඉතිරිකරගත් කීයක් හෝ පමණකි. එයද මේ මොහොතේ තේරුමක් නැති දේකට වියදම් කරන්න නුපුලුවන. ආයෙ සල්ලියක්...
“මම ලොකු දෙයක් හැදුවෙ නෑ නෝන දවල්ට කන්න, බත් උයල, පරිප්පු කිරට හදල, බොංචි තෙල් දාලා, සැමන් හින්දල හැදුවෙ. නෝන කනව නේද?”
සිසිමාධවී ඇසුවේ පහල තට්ටුවේ කුස්සිය අස්පස් කර උඩ තට්ටුවට යමින් කාමරයට වී පොතක් කියවමින් හුන් අයිරාංගනී මහත්මියගෙනි.
“අනේ මං ඕන දෙයක් කනව දරුවො. ඔය කෑම තෝරන පිස්සුව ම්ම නතර...
"ඔයාගෙ නම දිග වැඩි හන්දා අපි සිසී කියල කත කරන්නම්. මම හැමදාම මෙහෙම එන්නෙ නෑ. ගොඩක් වෙලාවට සැලොන් එක වහල යද්දි හවසට තමයි මම එන්නෙ. හැබැයි ඔයා හැමදාම මේ වෙලාවට එන්න. ඇවිල්ලමම කිව්ව විදියට වැඩ කටයුතු ටික කරන්න.
හැබැයි මතක තියාගන්න මම මෙතන හැම තිස්සෙම නෑ කියන එකේ අදහස කැමති...