අහංකාර නගරේ

ahankara-nagare_novel

ඉනික්බිති උදා වූයේ ජීවිතයේ වසන්ත ඍතුවයි. අපි ඉඳ හිට පිටත දී මුණ ගැහුණෙමු. හැකි හැම අවස්ථාවක ම සිතිජ වැල්ලවත්තේ බස් නැවතුමට ආවේ ය. ඒ බස් වල හිර වී යත්දී මා කාට හෝ පහර දෙතැයි හිතේ වන බිය මුසු හැඟීම කින් බව මම දනිමි. ඔහු ළඟ දී ජීවිතය පුදුම තරම් සව්මිය...
අප දෙදෙනා ම අප දෙස බලා උන්නේ සැකයක් හෝ බියක් හිතේ ඇතිව ය. ඒ අතරේ දුම් දමන සුප් බඳුන් දෙකක් මේසය මතට වැඩියේ ය. මා කියන්නට පටන් ගත් කතාව කෙළවරක් නො කළ  බවත්, අන් සියල්ල ට පෙර මා එසේ කළ යුතු ව ඇති බවත් මගේ ගැහැනු ඉව ට දැනෙමින්...
"මගෙ...ඔළුව පැලෙන්න එනව වගෙයි..." මම හිස අත් බැඳ ගෙන වේදනාවෙන් කෙඳිරුවෙමි. සුරනි ඇවිත් යහන මත හිඳ මගේ නළල මත සිය සුරත තැබුවා ය. දිය නා ගත් ගමන් නිසා ඒ අතේ වූ සීතල මගේ හිස මත වූ ගිනි කබලක ගින්දර ට මහත් වූ සිසිල් සුවයක් දැනවූයේ ය. "උණක් නං නෑ. ඇක්ස් ඔයිල්...
දවස පුරා මට සිතිජ සිහි වූයේ ඇයි දැයි නො දනිමි. හුස්ම ගන්නට හෝ විවේකයක් නැති වැඩ කන්ද අතරේ ලැබෙන ඉතා සුළු ඉසිඹුවක දී වුව මම සිතිජ ගේ වට්ස් ඇප් පිටුවට ගොස් බැලුවෙමි. ඒ සිනහ මුහුණ ඇසිල්ලකින් මගේ විඩා නිවන්නට සමත් විය. ටික වෙලාවක් එදෙස බලා සිටිය දී ඉබේට ම...
රෝස්මරී මට ඉතා හොඳින් සැලකුවා ය. මීට කලින් දෙ වතාවේ ම වැඩ කළ තැන් වලට වඩා මෙතන දී මට කරන්න ට තිබුණේ පහසු වැඩ ය. නගරයේ ස්ත්‍රීන් ගේ හිස කේ සේදීම, ටවල් ඩ්‍රයි, බ්ලෝ ඩ්‍රයි, ත්‍රෙඩින්, හෙයා ට්‍රීට්මන්ට්, ෆේෂල්....මුල දී මට සිදු වූයේ ඔය කොයි දේ ටත් අත් උදව්...
ඒ වෙලාවේ නන්දාවතී හැර ගෙදර වෙනෙක් නො වීම ගැන මම සතුටු වෙමි. නො එසේ වී නම් සිතිජ ළඟට වී මට නිදහසේ අඬන්න ට හෝ සිනහ වෙන්නට ලැබෙන්නේ නැත.  කෙසේ වෙතත් ඒ අයුරින් හැඟීම් පිට කිරීම නිසා හිතට යම් සැහැල්ලුවක් දැනෙන්නට වූයේ ය. සිනහවත් හැඬීම ත් දෙක ම නවතා මා බුම්මට්ටා...
සුපර්වයිසර් ගේ ක්‍රියා කලාපය නිසා මට රැකියාව අප්‍රසන්න වී තිබුණේ ය. නමුත් කොළඹ ජීවත් වන්න නම් රැකියාවක් නැති ව බැරි ය. මේ රටේ හොයා ගන්න ට අමාරු ම දේ රැකියා බව මේ වෙත්දී මම අවබෝධ කර ගෙන හිඳිමි. එහෙව් එකේ රෝස් නෝනා කළ සැලෝන් රැකියා යෝජනාව අපතේ හැරිය නො...
 සුරනි අප දෙදෙනාට ම කියා සී ෆුඩ් රයිස් එකක් දම්මවා ගත්තා ය. වැඩ ඇරී එන විට මා රෝස් පාන් එකක් හා වඩේ දෙකක් ගෙනැවිත් තිබුණෙන් මම ඇය ට විරුද්ධ වුණෙමි. "අපරාදෙනෙ සල්ලි නාස්ති කරන්නෙ. ඔයාට විතරක් ගන්න" "හරි හරි. මට අද අප්පච්චි සල්ලි දාල තිබුණා එකවුන්ට් එකට" "ඒ වුණාට මන්නං ආස ම...
"ආ ගාබේජ් ගර්ල්" මා දුටු වන ශෙනාලි හඬ නගා කීවා ය. ඒ හඬ ට සිතිජ වහා හිස ඔසවා බැලුවේ ය. මට සිනහ වෙන්නට අමතක ව තිබිණි. නමුත් මා හැඬුවා නොවේ. සිතිජ අප අතර සිදු වන්නට යන්නේ කුමක් දැයි වටහා ගත නො හැකි ව නෙතු කුඩා කොට බලා සිටින සැටි මගේ...
මම යහනේ උඩු කුරු ව වැතිර ගෙන උන්නෙමි. මකුළු දැලක පැටළුණ මදුරුවෙක් අඬු ගසමින් ඉන් ගැලවී ගන්නා උත්සාහයක් දැරුවේ ය. මකුළුවා ලහි ලහියේ සිය උගුල වෙත එමින් සිටියේ ය. ලොකු එකා පොඩි එකා මත යැපීම සොබා දහම මේ සමාජයට දී ඇති බලපත්‍ර සහිත අවසරයක් ද?මම දෑස් යුග පියා ගතිමි....