ආදියා යහනේ මුනින්තලා වැතිරී සිටියා ය. කාමරය තද අඳුරේ ය. මන්දාලෝකී විදුලි පහනවත් නො දැල්වේ. තවමත් වැස්ස මුළුමනින් නතර වී නැත. වරින් වර උස් වෙමින් ද අඩු වෙමින් ද නැවතෙමින් ද දිගට ම වහී. වැස්සේ හඬත්, වැහි සීතලත්, අඳුරත් එක් වූ විට ආදියා ගේ රස මතක වලට අත්තටු දෙයි....
වැසි සුවඳත් කෝපි සුවඳත් මුහු වූ විට නිපදවෙන අලුත් සුවඳට දෙත හැකි නමක් ගැන ආදියා සිතමින් සිටියා ය. වීදුරු අවන්හලට එපිටින් වන්නේ වැස්ස විසින් නිර්මාණය කරන ලද සුදු මීදුම් දුමාරයකි. කෝපි බඳුන් වලින් ද සියුම් සුදු දුමාරයක් නැගේ. සීතලත් උණුහුමත් එකට මුහු වීම තුළ මැවෙන චමත්කාර හැඟීම වායු ගෝලයේ...
ආදියා බස් නැවතුම්පල වහල යට ගුලි වී, අත් බෑගය පපුවට තුරුලු කොටගෙන බලා සිටියා ය. වැස්ස වැටෙයි. තද කළු පාට කාපට් පාර තනි සුදු මීදුම් වලාවක් සේ පෙනෙන තරම් තදින් වහී. මේ වැස්ස අහම්බයකි. සති කිහිපයක් දිග ඝණ පෑවිල්ලක් මිස වැහි සලකුණක් හෝ ගෙදරින් එළියට එත්දී නො තිබුණි. ඒ...
දෙව්රම් උදයෙන් ම කාර්යාලයට ගියේ ඒ තරමට හදවත නො සන්සුන්ව තිබි බැවිනි. නමුත් ඒ වන විට ගෝල්ඩන් ලීව්ස් හි කිසිදු සේවකයෙකු රාජකාරියට වාර්තාකොට තිබුණේ නැත. සිය වීදුරු කුටිය තුළට වී ඔහු තත්පර වෙමින් සිටියේ ය. එක යායට පාළු වී ගිය සුසානයක් වාගේ අත්‍යන්ත වූ පාළුවක් ඔහු ට දැනේ. හදවත...
අරුණාලෝකය උදා වන විට ම ආදියා අවදි වූවා ය. ප්රභාතයත් සමග ම හිතට නිස්කාංසු හැඟීමක් දැනෙමින් තිබිණ. දෙව්රම් හිතට ආවේ ඇයි කියා ඈ ඇගෙන් විමසන්නට ගියේ නැත. පෙර දා රැයේ ඔහු දුරකතන ඇමතුම නිමා කළේ හරි හදිස්සියෙනි.
"ඔයා නිදියන්න දැන් නිදිමතත් ඇතිනෙ" කියමින් ඇගෙන් ප්‍රතිචාරයක් ලැබෙන්නටත් පෙරයි. ආදියා නිසොල්මනේ නෙතු...
ආදියා මන්දරී බෙත්මගේ පෙරමඟ බලා සිටියේ නො ඉවසිල්ලකිනි. මීට පෙරත් ඇය ඕනෑ තරම් දෙව්රම් කාර්යාලයට එනතුරු පෙරමඟ බලා තිබේ. කසුන් ඉරක් පෙරඹර නැගෙත්දී රත්තරං පාට හිරු එළියෙන් කුසුම් පිපෙන්නේ යම් සේ ද ඔහු ගෝල්ඩන් ලීව්ස් ද්වාරයෙන් ඇතුළට එත්දී ඇගේ සිත තුළ මල් යායක් පිබිදේ. ඒ බලා සිටීම තුළ වූයේ...
දිනේශ් වාගේ අමනුස්සයෙකු හිඳිනා ගෙදරකට දෙව්රම් ව කැටිව ආ එක වරදක් යයි මහා පසුතැවීමක් ආදියා තුළ ඇති විය. දිනේශ් කෙළින් ම චෝදනා කළේ දෙව්රම් දෙස බලාගෙන ය. ඔහු ඉදිරියට ආවේ පහර දෙන්නට වාගේ ය. ආදියා කෑගසන්නට උත්සාහ කරමින් දෙව්රම් ඉදිරියෙහි සිටගත්තා ය. නමුත් සැබවින් ඇයට කෑගැසුණේ නැත. උගුරෙන් වචනයක්...
සෙනසුරාදා උදා වූයේ වැස්සක් එක්ක ය. සැබවින් ඒ වැස්ස ආරම්භ වූයේ පෙර දා රාත්‍රියේ ය. ඒ ගැන දෙව්රම් සතුටු වූයේ ය. කාලෙකට පස්සේ සෙනසුරාදාවක් මුළුමනින් නිවාඩුවක් ලෙස උදා වේ. පසුගිය වසර ගණනාව පුරා ම ඔහු රංගන ක්ශේත්රයෙහි කාර්ය බහුල වී සිටියේ ය. නමුත් ඉන් මඳ විවේකයක් ලබා ගත යුතු...
ආදියා ගේ නෙතු විවර වූයේ ඉතාමත් සන්සුන් ව ය. නො කැඩී හෝරා ගණනාවක් ඒ තරම් දිගු සුව නින්දක් ලැබූයේ බෝ කලකට පසුයි. එබැවින් ඒ අවදි වීම අතිශය ප්‍රබෝධවත් විය.ඇය නිශ්චල ව අසා සිටියා ය. නිහැඬියාව මිස කිසිත් ඇසුනේ නැත. ජංගම දුරකතනයෙන් වෙලාව බැලූ ඕ යහනෙන් පැන්නා ය.ජිනාදරී මුළුතැන්ගේ දෙසට...
අඩඳුරු මෝටර් රථය තුළ ආදියා ට තද සීතලක් දැනිණ. එය ඇගේ සිරුරටත් වැඩිය මනසට දැනුණකි. ඕ අත් දෙක ළයෙහි බැඳගත්තා ය. නියොන් එළි දැල්වෙන මාර්ගයෙහි කඩ සාප්පු ගොඩනැගිලි ආදිය වේගයෙන් පසු වේ. හැමදාමත් යන මග වී ද ආදියා ඒ කිසිත් හැඳිනුවේ නැත. පිට සක්වලින් උන් හිටි ගමන් කඩා පාත්...