ඔබට ඇහෙනව නම්

 ළා සඳ කිනිත්තක් කාමරයේ කවුළුවෙන් ඇතුළට කොකම් පාමින් තිබේ. තඹ පාට මඳ සඳ එළිය සරාගී අඩ අඳුරක් හාත්පස තවරමින් තිබිණි. හැර දැමූ කවුළුවෙන් ඇතුළට ආ මල් සුවඳැති පවන, දුහුල් සුදු තිර රෙදි ඉහළ ඔසවමින් ද යළි පහළ හෙළමින් ද කෝලම් කරන්නට වූයේ මගේ තැවුල් සිත ගැන කිසිදු වගක් නොමැතිව...
මෙතෙක් දවස් මා ඉන්නවා ද නැත් ද කියා හෝ සොයා නො බැලූ කසුන් ඉරිදා දෙවතාවක් ම දුරකතන ඇමතුම් දුන්නේ ය. මම පුදුමයෙන් පුදුමයට පත් වුණෙමි. අප එක්ව උන් යුගයේ දී වත් ඔහු රැකියා ස්ථානයේ සිට නිකමට හෝ මට කතා කර ඇති බවට මතකයක් නැත්තේ ය. අවශ්‍යතාවයක් වී නම් කතා...
රිය පෙළ කෙතෙක් දිගු වී ද යත් ඈතින් වන වාහන පෙනුණේ ගිනි පෙට්ටි වලටත් වඩා කුඩාවට ය. ඒ වාහන ඇතුළේ වන මිනිස් හදවත් වල කෙතරම් කලබලකාරී විෂාධ ලක්ෂණ තිබිය හැකි වුණත්, වාහන තදබදය ඉතා සාමකාමී ස්වභාවයක් දැරුවේ ය. උණුසුම් ලේ ගමනාගමනයක් සහිත පොපියන හදවතකින් හෙබි මගේ බාහිරයත් අතිශය සන්සුන්...
මිනිස්සු මදෙස බැලූයේ කොහොම ඇස් දෙකකින් ද කියා මම නො දනිමි. ජුගුබ්සාව හා වෛරය ඒ ඇස් වල කැළතී තියෙන්නට ඇත. ඒ ගින්නෙන් නො දැවී ඉන්නට තරම් මා මාර්ග එල අත්පත් කර ගත්තියක නොවේ. නමුත් හැකි තාක් ඒ ගැන නො හිතා මම වැඩ කළෙමි.  "අනගාරික ධර්මපාල තුමාත් කියල තියෙනවනෙ...මේ රටේ වැඩ...
'ගෙදර යන්න හදිස්සිද' යන පැනය මගෙන් පමණකුදු නොව අශිකා ගෙන් ද කුලාන් විමසා තිබිණි. ඇය ඇවිත් ඒ බව කී නිසාවෙන් එතෙක් ඒ ගැන මසිත් හි වූ තිගැස්ම අඩු වී ගියේ ය. මම මට ම සිනහ වුණෙමි. ගැහැනු අපි පිරිමින් වෙතින් ඉතා කුඩා ඉඟි සොයමින් සිටිමු. ඒ ඉඟි මත දැවැන්ත...
කුලාන් ගේ රියට නැග ගත් මම බිම බලා ගෙන මී පැටියෙකු සේ වෙව්ලන්නට වීමි. ඔහු රියට නැග මහ හඬින් දොර වැසුවේ මගේ හද ගැස්ම සිය දහස් ගුණයකින් වැඩි කරමිනි. නමුත් තවත් විනාඩි දෙක තුනකින් කාර්යාලය ළඟින් බහින තුරු ද හෙතෙම එකදු වචනයක් හෝ නො බිනුවේ ය. "මොකෝ" මා දුටු වහා ම...
නව යෞවනයේ දී ඕනෑ ම ගැහැනු ළමයෙකු ගේ හදවතට එබිකම් කරන ආදරයේ ළහිරු කිරණට වසා ගත් කවුළු ඇති ව සිටින්නට මම පෙළඹුණෙමි. ඒ තාත්තා ගේ උකුසු ඇස් හින්දා ය. මල් උයනක් රකිනා උයන් පල්ලෙකු සේ තාත්තා නිරන්තර මා වටා කැරකුණේ, සිය උයනෙහි සුපිපි හොඳ ම මල නන්නාත්තාරේ යන කොලුවෙකු...
කුලාන් මගේ කුටියට ඇවිදින් අශිකා ට යාබද ව වූ අනිත් අසුනට බර වූයේ ය. ඔහු සිටියේ අසීමිත නිදහසකින් බව මට දැනිණ. ඒ වූ කලී ගගනත සරන තුරුණු විහඟෙකු ගේ චිත්තාකර්ෂණීය නිදහසයි. මම මහත් තෘෂ්ණාවකින් ඔහු දෙස බලා සිටියෙමි. කොන්දේසි විරහිත ව ගැහැනු ආත්මයක් මුළුමනින් වසඟයට ගන්නේ පිරිමියෙකු ගේ ඔය...
ව්‍යාංජන දෙකක් හදා තබා මම මිදුලට පැමිණියෙමි. මෝරා නො වැඩුණ රාත්‍රී අහසෙහි තරු දිළිහුණේ තැන් තැන් වලිනි. ඔය අහස තරු වියනක් වන හැටි මම මෙතැනට වී ඕනෑ තරම් බලා සිට ඇත්තෙමි. ලෝකෙට ම රහසින් සඳ අහස හරහා සක්මන් කරන අයුරු, හෝරා ගණනක් තිස්සේ මම බලා සිට ඇත්තෙමි. විශ්වය කියන්නේ...
කුලාන් මා ළඟින් මෙහෙම හිඳියදී නො කෑවත් කුස ගිනි ඇති නො වෙන බව මම දැන සිටියෙමි. නමුත් ඒ බව මගෙන් ම ද සඟවා ගන්නට මට ඕනෑ වී තිබෙන්නට ඇත. කුලාන් ළඟ තනිව හිඳ බත් පත අත පත ගාමින් ද ඔහු ගේ සුවඳින් සුවඳවත් ව ද සිටියදී හදිසියේ ම ඒ...