Novels

Pathok Malaka Premaya
"කම්මැලි නැද්ද?" ඔහු එසේ අසද්දී නම් මට ඔහු රියෙන් බස්සවා යාමට තරම් කෝපයක් හට ගත්තේ ය.පොත් කියවීම මේ ගිනි ගන්නා කාලයේත් මට නිවෙන්නට ඇති එකම එක හේතුව ය.ධීර පොත් පිස්සෙකු වූවානම් මට ඔහුට කියන්නට කිසිවෙකුට නොකී සිහිනයක් පවා විය.එහෙත් ඔහු ඒ ගැන ප්‍රියතාවයක් නැති වීම මට ඇති වූයේ කෝපයකි. "ඔයා ආස...
නිකිනි ළඟ තිබූ පුටුවක් ඇද ගෙන ඒ මතට වැටුණා ය. ඇය ට දැනුණේ මුළු ලෝකය ම ඈ කේන්ද්‍ර කර ගෙන භ්‍රමණය වන්නා සේ ය. මංජුල ගැන කිසිදු හැඟීමක් දැන් ඈ තුළ ශේෂ වී නොමැති බව සත්‍යයකි. නමුත් ඔහු ගේ ලාබාල පෙම්වතිය මෙසේ බයක් සැකක් නැතිව නීත්‍යානුකූල බිරිඳ ට දුරකථන...
Pathok Malaka Premaya
නුගේගොඩට මහ වැසි ඇද හැලෙමින් තිබිණ.වර්ෂාව පතිත වේයැයි ඉඟි පළ වූ දිනයක මට මහ මඟට නොබැස ඉන්නට තිබිණ.නමුත් මා සිටියේ අලුත් පොතක් මිලට ගන්නා නොතිත් ආශාවකිනි. "ඕක ඔන්ලයින් ඕඩර් කරන්න සාරා..දවසකින් එනවනෙ.." දෙමිතුරියන් මඟින් මඟට කීව ද මට උවමනා වූයේ රස්තියාදුවක ගොස් පොතක් තෝරා ගන්නට ය.බොහෝ කාලයක් මඟ බැලූ පොතක් නිකුත්...
ඕස්ට්‍රේලියාවේ දී විදත් යළි කාර්ය බහුල වූයේ ය. තියෙන රැකියා ටික කර ගන්නට දවස තවත් පැය කිහිපයකින් දිගු වෙනවා නම් හොඳ ය කියා, ආර්ථිකය සවිමත් කර ගැනීම වෙනුවෙන් විදෙස් ගත වූ හැම කෙනෙක් ම වාගේ හිතති. නමුත් මේ වතාවේ යළි එම භූමිය වෙත පය ගැසූ විදත් කෙරේ ඒ උනන්දුව...
Pathok Malaka Premaya
මම තරප්පු පෙළ නැග්ගේ කල්පනාබරව ය."ආර්යාව" ඔහු අම්මා හැඳින්වූ අන්දම ගැන මට ඇති වූයේ අමුතුම හැඟීමකි.ඒ එවැනි නමක් භාවිතා කිරීම ගැන නොවේ.මා විටෙක තාත්තාගේ දුරකථනයට අමතා "කෝ අර මිසිස් මොණරවිල" යැයි අසන්නේ ආදරයෙනි.නිවසේ දී කකුල් උඩ දමාගෙන පුටුවක ඇද වැටී සිටියදී "වත්සලා ටීච…තේ ටිකාක්.." යැයි ඇයට හඬ ගෑම මට...
වෙනදා සේ ම ලෝකයට ඉර පායා ආවේ ය. අවදි වන විටත් නිකිනි ගේ ළය මත මහ කන්දක බර පැටවී තිබිණි. නමුත් ඕ කඳුළක් තබා සුසුමක් හෝ හෙළුවේ නැත.  ගෙන ආ ඇඳුම් කැබලි කිහිපය ඕ බෑග් එකෙහි ඔබා ගත්තා ය. වෙන දා සේ ම ඩෙස්මන් ගේ බෙහෙත් සාත්තුව ද කළා ය. "හෙට...
නවාතැනට එනතෙක් ම මා හුන්නේ බරව ගිය හදිනි.බඩගින්නක් නොදැනුණත් හද ගින්නක් දැනෙමින් තිබිණ.මම දැන් දෙවසරකටත් වැඩි කාලයක් පසන්ගෙන් ප්‍රතික්ෂේප වීම ගැන ළතැවෙන්නියක් මි.නමුත් ධීර ප්‍රතික්ෂේප වන්නේ තමන්ගේ ම නිවස තුළ බව තේරුම් යාම මට මහත් වේදනාවක් විය.නොදන්නා තරුණයෙකු ගැන එසේ දැනීම ගැන මට ඇති වූයේ අපහැදිලිකමකි.ඒ මගේ මනුස්සකම බව...
නිකිනි ගේ දුරකථන අංකය සිය ගබඩාවෙන් සොයා ගත් විදත්, ඇමතුම සක්‍රිය කිරීම සඳහා කොළ පාට රිසීවරය සහිත බොත්තම ට තබන්න ගිය ඇඟීල්ල වහා ඉවතට ගත්තේ ය. මේ ඔවුන් ගේ පෞද්ගලික ප්‍රශ්නයකි. එදා මිත්‍ර හමු වීමට ගිය වෙලාවේ සුමනා කී කතා වලට ඔහු යම් අදහස් දැක්වීමක් කළ බව ඇත්ත ය....
"කෝ චරිත?" රශාන් මට සමීප වී විමසී ය.මම උරහිස් ගැස්සුවෙමි.චරිත කොහේ හෝ සැඟවී මට පාඩමක් උගන්වන බොලඳ රංගනයක නිරත වන බව මට සහතික ය. "ඌ අද උදෙන්ම යන්න ගියා.ඒකයි ඇහුවෙ." රශාන් මට අමතන්නේ සැරෙනි.මම මගේ පුරුදු යක්ෂ බැල්ම නෙත්වලට ගතිමි. මෙවැනි ගැටළු විසඳන්නට අහිංසක කෙල්ලකට නොහැකි ය. "එයාට මැනේජ්මන්ට් එකේ කෙල්ලක් ඉන්නවනෙ.තව අර...
විදත් තරමක් වික්ෂිප්ත වූයේ ය. මේ විදිහට නිකිනි ඔහු ට දුරකතන සම්බන්ධ  බිඳ දමන්නට එපා කියා බැගෑපත් වෙන්නට හේතුවක් ඔහු ට අඩමාන වශයෙන් හෝ සිතා ගත හැකි වූයේ නැත. ඊටත් වඩා දුරකතනය ඔස්සේ ඇහුණ ඇගේ ඉලෙක්ට්‍රොනික හඬ තුළ විදත් ගේ පිරිමි ආත්මයෙහි මඳ සසල වීමක් ඇති වූයේ ය. තරුණියක...