Novels

ඔරලෝසුවේ කටු කරකැවෙන්නේ බොහෝ වේගයෙනි.ඉතා වේගයෙන් කාලය ගෙවී යන්නේ බොහෝ සිදුවීම්වලට සිදු වී අහවර වන්නට ඉඩ ඉතිරි කරමිනි.තුරුලිගේ ජීවිතය වඩා නිස්කලංකව සහ කාර්යබහුලව ගෙවී යමින් තිබූ කාලයක ඈ අවන්හලකට වී බලා හුන්නේ අරුණි සමඟ ය;අමුත්තෙකුගේ බලාපොරොත්තුවකිනි. ආදිත්‍ය පැමිණියේ පුරුදු අහංකාරයෙන් නොවේ.කෝල බවකිනි.බොහෝ කාලයක් පාගාගෙන චන්ඩිකම් වලින් මට්ටු කරමින් හුන් යුවතියට...
උදේ බඩ ඉරිඟු පුච්චා කෑ අපි වත්තේ ඇවිද්දෙමු. ඇල කණ්ඩි දිගේ ඇවිදින්න ට ගියෙමු. සිතිජ ට ගම්මානය බලන්න ට ඕනෑ වූයේ ය. වගා ඇලක බැස නාන්නට ද ඕනෑ වූයේ ය.  නෙළුම් නැන්දා කිරි අම්මා එක්ක එකතු වී ගමේ කෑම හදන්න ට ඉගෙන ගත්තා ය. වට්ටක්කා දලු මාළුව, ඇය හෝ මීට...
"ඔක්කොම නඩු ඉවර වෙලා ආදිත්‍ය එනකන් ඔයා බලන් ඉන්නවද?" රොෂේන් රශ්මිගෙන් ඇසුවේ ආදිත්‍ය ඇප ලබා නිවසට ආ දිනයේ ය.තුරුලි දෙවුර ගස්සා රොෂේන් දෙස බැලුවේ අපහාසාත්මක මුහුණකිනි. "ඔය නඩුව කොච්චර කලක් ඇදෙයිද දන්නවයැ" ඇය එසේ කියා ජංගම දුරකථනයට මුහුණ ඔබා ගත්තා ය.නමුත් රොෂේන්ට මාතෘකාව තවදුරටත් ඇදගෙන යාමේ උවමනාවක් දැනිණ. "කිඩ්නැප් සීන් ලේසි නෑ. තුරුලිගෙ...
ගමේ අපේ ගෙදරට මීට පෙර කවදාවත් මෝටර් රථයක් පැමිණ නැති බව මට සහතික ය. මිදුලේ නැවතුණ සිතිජ ලා ගේ රිය දැක කිරි අම්මා ඒ තරම් තිගැස්සුණේ එනිසාවෙන් යයි මම සිතමි. අහල පහල වූ ගැහැනු පිරිමි ද වැට අයිං වල සිට කොකම් පානවා මම දුටිමි. මිදුලේ වේලෙන්නට දැමූ කහ ටික...
තුරුලි උදෑසනම ස්නානය කළේ ගෙවත්ත කෙළවර තිබූ ළිඳෙනි.කොළඹට තදාසන්න නගරයක ජීවිතය ගෙවූ ඈ රනුකගේ ගමේ ගෙදරට බොහෝ ප්‍රිය කළා ය.නංගීත් රනුකත් මෙහි ස්ථිර පදිංචියට පැමිණිය ද නැති වුව ද මේ සුන්දර නිවස ඥාති නිවසක් වීමම මහත් සතුටක් වග ඇය සිතුවා ය. "අපිට එහෙම ගෙයක් තියෙන එක කොච්චර ෂෝක්ද.නෑදෑයො කියන්නෙ එකම...
ගුරු පුහුණු පාඨමාලාව, එතෙක් කල් මගේ ආත්මයේ සැඟව තිබූ ආශාවකට තටු දුන්නා කියා සිතමි. නෙළුම් නැන්දා සේ රැකියාවක් කරමින් සාඩම්බර ජීවිතයක් ගත කළ යුතු ය.  නෙළුම් නැන්දා මේ වෙත්දී මගේ හිතේ පරමාදර්ශී චරිතයක් බවට පත් වී තිබිණි. ලෝකයට අනුව ඇය පවුලක් කඩන්නට මාන බැලූ අසම්මත ගැහැනියක වූවාට, මට වැදගත් වූයේ...
"මං කෝවිලකට ගිහිං පොල් ගහනව" ඇමතුමේ එහා කෙළවර කියැවුණේ එය ය.තුරුලි එපමණක් අසා ඇමතුම විසන්ධි කර දැමුවා ය. "ඔච්චර ඉක්මනින් කතා කරාද?" තත්පර කිහිපයකට පසු යළිත් තමන් ඇමතූ තුරුලිගෙන් මියුරු ඇසුවේ සිනාමුසුව ය. "මං ඇත්තටම හිතුවෙ එක්කෝ සමාව ඉල්ලනවා.නැත්නම් දුක කියනවා කියලා.බනියි කියලත් හිතුණා..ඒත් කිව්වෙ ඔක්කොටොම වඩා විකාර කතාවක්.." ඇය පොල් ගසන කතාව හෙළි...
ලෝකයේ වන ලොකු ම සතුට තියෙන්නේ පවුලක් ඇතුළේ බව මා දෑසින් දුටු ප්‍රථම අවස්ථාව එයයි. සිතිජ ගේ පියා සිටියේ දෝරෙ ගලන සතුටකිනි. ඒ සතුට ඔහු පිටතට දැමුවේ හඬ නගා සිනහ වීමෙනි. සිතිජ, ආඩම්බර කාරයා සිය හැඟීම් වැඩිපුර කාටවත් පේන්නට හැරියේ නැත. නෙළුම් නැන්දා ගේ සතුට තිබුණේ ඇස් වල ය. විදුහල්පති...
"ආදරේටයි රැවටීමටයි කවදාවත් සමාන වෙන්න බෑ මියුරු." ඉකි ගැසීම අහවර කළ තුරුලි මියුරුට පැවසුවේ කල්පනාකාරීව ය.ඔහුට මාතෘකාව වෙනස් කරන්නට ඕනෑ විය. "ඒ උනාට ආදරේටයි බලා ඉන්න එකටයි සමාන වෙන්න පුලුවං.." "මියුරුගේ හිතේ ඔයා ගැන අයිඩියා එකක් තියනවා" මිතුරියක ඒ පණිවිඩය රැගෙන ආවේ ඈ ආදිත්‍යගේ පෙම්වතිය වූ අලුත වග තුරුලිට මතක ය.අනුන්ගේ අයිතියකට...
හොරණ කුඹුක ප්‍රදේශයේ වෙල් යායක් මැදින් වැටුණ ගුරු පාරකි. ලා කොළ පැහැයෙන් ගොයම් පැළ ඉස්සී එමින් තිබුණේ ය. මට ගම සිහි විය. කොළඹ දී මේ වගේ වෙල් යායක් මගේ නෙත ගැටී තිබුණේ ම නැත. "මෙහෙ අයිති කොළඹට නෙවෙයි. කළුතරට. වෙස්ටර්න් ප්‍රොවින්ස්ම තමයි" සිතිජ පැහැදිලි කරමින් සිටියේ ය. මම කතා නොකර, නෙතට...