ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය පැමිණියේ ය.තාත්තා අතට දෙන මුදලත් මගේ පොත් කැටයත් ගෙන එහි යන්නට මට තිබුණේ පුදුම උනන්දුවකි.
"ඔන්න තාත්තා ටිකක් වැඩියෙනුත් එක්ක සල්ලි එව්වා.."
අම්මා එසේ කියද්දී තාත්තා හිනැහෙන හඬ මට ඇසේ.මම දුරකථන හඬ දිග ඇසෙන ඒ ආදරයේ හඬට ඇලී ගත්තෙමි.සියල්ල පසෙක දා ගෙදර දුවන්නට හිතෙන්නේ මෙහෙම වෙලාවට...
නැවත නවාතැනට යන්නට ත්‍රීරෝද රථයක් නවත්වා ගත්තේ ධීර ය.ඔහු මා සමඟ එයට ගොඩ වෙද්දී මම ඔහු දෙස බැලුවෙමි.වචනයකුදු නොකීව ද ඔහු මා කියවා ගත්තේ ය.
"මාලකයත් එක්ක වැඩ වගයක් තියනව ඉවර කරන්න.."
ඔහු යන්නේ මාලක අයියා මුණ ගැසෙන්නට ය.මා කැටුව නොවේ.මා සමඟ මා හැරලන්නට එන්නට ඔහු මගේ කවුදැයි මම සිතිමී.එය ද...
නිර්වාන් නිවාඩුව අතරමැද අපේ නිවසට ආවේ නැත.ඒ ගමන අවලංගු අන්දම ගැන මට කිසිම අදහසක් නොවූව ද ඔහු නිවාඩුව අතරමැද අනුරාධගේ නිවසට ගිය බව මම දැන ගතිමි.අම්මා නැවත ඔහු ගැන කිසිත් නොකී හන්දාම නිවාඩුව ගෙවී ගියේ සන්තෝසයෙනි.
"රෑ තිස්සෙ අඬ අඬනම් ඉන්න එපා පුතේ.."
අම්මා මා හට කීවේ නිවාඩුවේ අන්තිම දවසේ ය.මා...
ටෙලි නාට්‍යවල දකින පන්නයේ දියණියක වන්නට මට සිත් විණි.අම්මා බොහෝ දෑ කියමින් මගේ හිසත් පිටත් පිරිමැද්දද මුනින් තලාව යහනේ වැටී හඬමින් සිටි මම ඈ දෙස ඇහැක් ඇර නොබලන්නට ප්‍රවේසම් වීමි.
"මං ඔයාට නිර්වාන්ව කසාද බඳින්න කීවෙ නෑ මගෙ පුතේ.ඒත් හැමදාම ඔහොම අඬ අඬ ඉඳලා බෑනෙ..අපි පසන්ව අමතක වෙන්න අරිමු.."
අම්මා එසේ...
දවස් ගලා ගියේ ය.කාලය එකතැනක නතරව අප එනතුරු රැඳෙන්නේ නැත. කාලය තමන්ගේ තාලයට ගෙවී යයි.පසන් ගැන හිතමින් බොහෝ දේ අතපසු කරගන්නට වූ මා හිටිහැටියේ මා ගැන සිතන්නට ගැනීම ගැන මට පුදුමයක් නොදැනුණාම නොවේ.
"හිත හදා ගත්තම ඔයාටම ලේසි නේද?"
චමත්කා මගෙන් විමසූයේ අපේ අධ්‍යන වර්ෂයක් අවසන් වී නිවාඩු ලැබෙන්නට පළමු රාත්‍රියේ...
"මිනිස්සුන්ට එහෙම හප්පන්නෙ පුප්පන්නේ ඇයි සාරා.."
කේතකී නිවසට ගොඩ වූයේ එසේ අසමිනි.මම හප්පමින් පුප්පමින් තව වෙලාවක් ගෙවා දැමූයෙමි.
"මේ මග් එකක් බින්දෙ ඇයි?"
ඇය කුණු බඳුන ද අවුස්සන හැඩකි.තව මොනවා හෝ පොළොවේ ගසන්නට තරම් තරහකින් මා පිරී යන්නට ගත්තේ ය.මගේ රාක්ෂ මුහුණ දුටු චමත්කා වහවහා මාතෘකාව වෙනස් කරන්නට අනුන්ගේ ඕපාදූපයක් කියන්නට පටන්...
මා දවසම ගෙවා දැම්මේ කෝපය සහිතව ය.ඕනෑවටත් වඩා ධීර හා මිතුරු වන්නට ගොස් ලැජ්ජා වන්නට සිදු වූ බව හැඟෙන විට මට මහත් ලැජ්ජාවක් ද හට ගත්තේ ය.මම ඔහුගෙන් ආ එකම පණිවිඩයක්වත් නොබලන්නට ප්‍රවේසම් වීමි.මාලක අයියා නරක කොල්ලෙකු නොවේ.ඔහු සැබෑවටම අපේ වැඩිමහල් සහෝදරයාට සමාන ය.නමුත් ඔහුගේ මිතුරෙකු සමඟ ඕනෑවට වඩා...
ධීර ඕනෑවට වඩා සමීප වන්නට උත්සාහ කරන්නේ නම් ඔහුට සමීප වන්නට ඉඩ දෙන්නට මම සිතුවෙමි.එහෙත් ඒ ආදරය පිණිස නොවේ.පසන් නික්ම ගියේ ආදරය සදහටම මිය යන්නට ඉඩ හැර ය.ඔහු වෙනුවෙන් ළාබාල පාසල් යුවතියක කාලයේ හටගත් ප්‍රේමය විසල් තුරක් වී මල් ඉති ලමින් තිබිණ.සරනි කුණාටුවක් වී පතිත වූයේ ඒ මල් හලමින්...
ඒ රාත්‍රිය මට නින්ද අහිමි රාත්‍රියකි.යාන්තමට ඇහැ පියවෙන ඕනෑම මොහොතක පසන් ඇස් අද්දරට වී හිනැහෙන්නට පටන් ගත්තේ ය.දැඩි හිස කැක්කුමක් සෑදෙන විට ඔහුට ඇමතුමක් ගෙන ගී ගයන්නට යැයි ඉල්ලූ හිරිමල් යුවතිය මට සිහි විණ.ඔහු ගයයි.හැමදාමත් ගැයෙන්නේ එකම ගීයකි.මම ජංගම දුරකථනයට ඒ ගීතය ගයන්නට හැර දෑස පියා ගතිමි.
"නෙතින් ගලනා කඳුළු...
"කම්මැලි නැද්ද?"
ඔහු එසේ අසද්දී නම් මට ඔහු රියෙන් බස්සවා යාමට තරම් කෝපයක් හට ගත්තේ ය.පොත් කියවීම මේ ගිනි ගන්නා කාලයේත් මට නිවෙන්නට ඇති එකම එක හේතුව ය.ධීර පොත් පිස්සෙකු වූවානම් මට ඔහුට කියන්නට කිසිවෙකුට නොකී සිහිනයක් පවා විය.එහෙත් ඔහු ඒ ගැන ප්‍රියතාවයක් නැති වීම මට ඇති වූයේ කෝපයකි.
"ඔයා ආස...