ප්‍රේමයේ මන්දහාසිනි

කස්සපට මා විවාහ කර ගැනීමට තිබූ උනන්දුව කුමක්දැයි විමසන්නට ඔබටද සිතෙනු ඇත. මටද එය ප්‍රශ්නාර්ථයකි. මහේලගෙන් ඒ පිළිබඳව විමසූ විට ඔහුද කිසිවක් නොදන්නා වග කතාවෙන් පැහැදිලි  විය. අම්මා රෝහල් ගතව සිටින නිසා ඇයගෙන් ඒ ගැන විමසීම සුදුසු නොවේය. ඇතැම්විට ඇයද නොදන්නවා විය හැක. එහෙත් අනිවාර්යයෙන් අයියා ඒ ගැන දන්නවා...
අම්මා ගේ කටයුතු නිම කිරීමෙන් පසුව අප නවාතැනට එන්නට පිටත් වුනෙමු. තාත්තා සහ නිර්මලී නැන්දා නිවසට පිටව ගියහ. මහේල වෙනදා මාර්ගයේ නොයන බව වැටහෙන්නට මට මද වේලාවක් ගත විය. ඒ පිළිබඳව විමසූ විට ඔහු කිසිත් නොපවසා අන් කතාවක් ඇද ගත්තේය. ඉන් පසුව පැය භාගයක් පමන වනතුරුම මම ඒ ගැන...
අයියාගේ තත්වය සාමාන්‍ය අතට හැරුනේ දින පහකට පසුවය. කස්සපගේ දේහය මල් ශාලාවක තැන්පත් කර තිබුහ් බවත්, අවසාන කටයුතු දිනකට පසු සිදු කර ඇති බවත් කීවේ තාත්තා ය. එහෙත් මම එතරම් උනන්දුවෙන් එයට සවන් නොදුන්නෙමි. ඒ වන විට කස්සපගේ මරණය මට සැනසීමක් ගෙන එන කාරණාවක් බවට පත් ව තිබුණි. ඒ කෙසේ...
තාත්තා මා දෙස බැලුවේම යමක් පවසන්නට සූදානමින් බව වැටහුණු නිසා මම එය අසා සිටින්නට සූදානම් වුනෙමි.  " පුතේ .. මේක සිහිබුද්ධියෙන් වැඩ කරන්න ඕනි වෙලාවක් .... විශේෂයෙන්ම ඔයා.... "  එතැකින් නැවතී ඔහු මට පිටුපා හිට ගත්තේය.  " කස්සපට අයියා වෙඩි තියලා පුතේ... අයියාටත් කස්සපගේ ගාර්ඩ්ලා වෙඩි තියලා... කස්සප නැති වෙලා..  අයියා තවම...
අප නිහඬ දවසක් ගෙවුවෙමු. චොකලට් ව්‍යාපෘතිය  කුමක් වෙනවාදැයි මට මහේලගෙන් විමසන්නට අවැසි වුවද, මහේල එයට ඉඩක්  දුන්නේම නැත. රුහුණ කෘෂිකර්ම විද්‍යා පීඨයේ   නිලන්ත මහතා සමඟ  මහේල දුරකතනය ඇමතුමක සිටිනු  ඇසුනාට පසු මම මහේල වෙත ඇවිද ගියෙමි.   එහෙත්, මහේල එතැනින් නැඟිට ගියේය. මට පිටුපා යන මහේල අරන්දර දෙස මම නිහඬව බලා...
මහේලගේ කතාව නවතන්නට සිදු වුණේ නැන්දා කෑම කන්නට සූදානම් වන්නයැයි යෝජනා කල නිසාය. එහෙත් ආහාර ගන්නවාට වඩා දැඩි අවශ්‍යතාවක් එවෙලෙහි තිබුණි.  මට එතරම් ප්‍රේම කලානම්, මා වෙනුවෙන් එතරම් වෙහෙසුනා නම්, අසරණව උන් මොහොතක මා තනි කර දමා, මට කිසිම සම්බන්ධතාවයක් ගොඩ නඟා ගන්නට හෝ ඉඩක් නොදී වහන් වූයේ ඇයිදැයි විමසීම...
".............. ඔයාලා දෙන්නට ආදරේ නොකර ඉන්න මට පුළුවන් වුනේ නෑ පුතේ ... මම අම්මගේ අඩු පාඩ්‍ය් කිසිම දෙයක් පිටට නොකියා  හැමදේම දරාගත්තා... හැමදේම ...  ඒත් අම්මා, එයා අම්මා කෙනෙක් කියන එකත් අමතක කරන වැඩ දිගින් දිගටම එළිපිට කරන්න ගත්තා .... මට මගේ ජීවිතේ සැනසීම ඕනි උනා.. ටික කාලෙකට හරි මම...
අසේකා පණ්ඩිතරත්න කස්සප බොතේජු සමඟින් පෝරුවට නැග්ගාය.  සති තුනක් ඇතුලත සියල්ල අවසන් විය.  ඉතින් , අසේකා පණ්ඩිතරත්න වෛවාහික ස්ත්‍රියක වූවාය. නන්නාඳුනන පිරිමියෙකු හා බැඳුණාය. දන්නා සුන්දරම පිරිමියාට ද්‍රෝහි වූවාය.  මේ කතාව මුලම මම ඔබට කීවෙමි.  මා චපල ස්ත්‍රියකැයි සිතන්නට ඔබට ඉඩ ඇති බව. දැන් මම ඔබෙන් විමසමි? සැබැවින්ම මගේ අසරණ කම...
මා දකිද්දීම මහේල අඩි කිහිපයක් ඉදිරියට ආවේය. මම ගල් ගැසී නැවතී උන්නෙමි. එහෙත් මට මහේල අරන්දර කෙරෙන් දෑස් ගලවා ගන්නට නම් ඉඩක් ලැබුනේ නැත. අපිළිවෙලට වැටුණු හිසකේ , පොඩිවී ගිය කමිසය,  ඉතා දැඩි වෙහෙසකින් පීඩිතව තිබූ දෑස් ... මගේ ඇස් වල ඉතා තදව ඇලෙමින් තිබුණි. " මිස් අසේකා පණ්ඩිතරත්න ද...
පසුදිනට එලි වූයේ කෙලෙසදැයි මට අවබෝධයක් නැත.  අම්මා විටින් විට පැමිණ ඇඳුම් මැසීම සඳහා වන මිනුම් රැගෙන ගිය වග මට මතකය.  ඒ හැරුණ විට මා කලේ මහේල කොයි යම් හෝ මොහොතක පැමිණේ යැයි බලා හිඳීමය.  අරමුණක් නැති බලා හිඳීමක් කෙතරම් අපහසුදැයි මට වැටහුණි. මහේල පැමිණේවිය යන අරමුණ ඒකාකාර නොවීමෙර් අපහසුව...